IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


විදුලි දුම්කබලක්

දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට කුරුණෑගල වැල්ලව නව නිපැයුම්කරුවෙක් සමත්වී සිටී.

වෘත්තියෙන් වෑල්ඩින් කාර්මික ශිල්පියකු වන ඔහු නමින් ඊ.එම්. ජනක ප‍්‍රියන්ත ඒකනායකය. විදුලි ස්ත‍්‍රික්කයක විද්‍යුත් ක‍්‍රියාවලිය උපයෝගී කරගෙන මෙම ඉලෙක්ට්‍රොනික දුම් කබල මොහු විසින් නිපදවා තිබේ. නිවෙසේ භාවිත කරන  විදුලි ස්විචයට විනාඩි 4 ක් පමණ සම්බන්ධ කර දුම් කබල රත්වූ පසුව සුවඳ දුම් කුඩු දමා දුම නිපදවා ගැනීමට මෙමගින් හැකිවෙයි.

‘ මා මෙය නිර්මාණය කරන්න හිතුවේ වෑල්ඩින් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන කාලයේ සිටයි. මගේ හිතට නිතරම වද දෙනන් වුණා. මොනවා හරි නිර්මාණයක් කරන්න  ඕනෑ කියලා. ඒ අනුව තමයි මෙම ඉලෙක්ට්‍රෝනික දුම් කබල නිදවන්න මගේ හිතට ආවේ. දැනට භාවිත කෙරෙන පොල්කටු දුම් කබලට වඩා ඉලෙක්ට්‍රෝනිකව දුම නිපදවීම ඉතා සුදුසු බවයි මගේ මතය. පොල්කටු සෙවීම, එය ගිනි දැල්වීම සහ ගතවන කාලය දෙස බැලූ විට මෙය විනාඩි 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්.

‘මෙය ඉතා ආරක්‍ෂාකාරී ලෙස නිපදවලා තියෙනවා. හදිසියේ හෝ විදුලි කාන්දුවක් ඇතිවුව හොත් මෙය ස්වයංක‍්‍රීයව ටි‍්‍රප් සුවිචයෙන් අක‍්‍රීය වෙනවා. උදේ සවස මෙය ප‍්‍රයෝජනයට ගත්තද මාසයටම වැය වන්නේ රුපියල් 100 කට ආසන්න මුදලක් පමණයි‘

‘මෙය ප‍්‍රධාන වශයෙන් ක‍්‍රම තුනකින් නිපදවා තියෙනවා. එක දිගට විනාඩි කීපයක් රත්කර දුම ඇල්ලීම සඳහාත්, දිගින් දිගටම විදුලියට සම්බන්ධ කිරීම සඳහාත්, අවශ්‍ය ප‍්‍රමාණයට රත්වූ පසුව ස්වයංක‍්‍රීයව ක‍්‍රියා විරහිත වන ආකාරයටත් මෙය මා නිර්මාණය කර තියෙනවා‘

‘මෙය මේ වන විට වෙළෙඳපොළට ඉදිරිපත් කර තියෙනවා. ඉදිරියේදී මෙය තවත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.’’ යැයි ජනක ප‍්‍රියන්ත පැවැසීය.

88 DSC_0077 DSC_0081



අදහස් (22)

විදුලි දුම්කබලක්

දිල් Tuesday, 22 November 2016 08:33 PM

එක සුවඳ දුම් පැකට් එකක සිගරට් පැකට් 4ක ඇති විස දුම් ඇති බව කියවනවා. මිනිසුන් මදුරුවන් පළවාහරින්නත් දුම් අල්ලනවා. අපේ රටේ මිනිසුන්ට ශ්‍රද්ධාව තිබුනට සිහිබුද්ධිය නැත. (නි)

:       1       1

කේ.තිස්ස Wednesday, 23 November 2016 07:32 PM

දුම් ඇල්ලිල්ල ගැන පණ්ඩිත වාක්‍ය නොවෙයි මෙතනට යෝග්‍ය වන්නේ, මේ අපූරු නිෂ්පාදනය ගැන ධෛර්යමත් උදම් ඇනීමක් පමණයි. පණ්ඩිතයෝ දුම් අල්ලන්නත් එපා, දුම් කබල් ගෙට වැද්දගන්නත් එපා. අපොයි එ්කේ කිසි නපුරක් වැරැද්දක් නැහැ. (නි)

:       0       0

අබය Tuesday, 22 November 2016 09:21 PM

කාලීන අවශ්‍යතාවයක්. අපේ දේශපාලකතුමාලට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි. සුබ පැතුම්!!! (නි)

:       0       0

සිසිර Saturday, 03 December 2016 06:32 AM

මෙතුමාට අතහිත දී මෙම උපකරණය වැඩිදියුණු කරමු. (ර)

:       0       0

සුජිත් ඒකනායක Saturday, 03 December 2016 06:31 AM

ඹයාට ජය වෙිවා අයියේ බුදු සරණයි. (ර)

:       0       0

අරුණ Monday, 28 November 2016 02:09 AM

ඉතා හොඳ නව නිපැයුමක් (නි)

:       0       0

බන්දුල Tuesday, 22 November 2016 12:27 PM

නිර්මාණය හොදයි නමුත් කුඩා ළමුන් සිටින නිවසකට සුදුසු නැහැ . බොහෝ රටවල හොට් ප්ලේට් , වතුරේ ගිලෙන හීටර් තහනම් කරලා තියෙනවා .ගෙවල් ඇතුලේ දුම් වර්ග අල්ලලා ගෙදරට වාසනාව ලැබෙන්නේ නැහැ .සල්ලි පුච්චන එක පමණි.(හේ)

:       0       1

චන්දන Thursday, 24 November 2016 12:16 PM

මේක සම්පූර්ණයෙන්ම අනුකරණය කළ නිර්මාණයක්. නව නිපැයුම් කරුවෙක් වන ප‍්‍රින්ස් චන්ද‍්‍රසේන විසින් 2011 වසරේ කළ නිර්මාණයකි. මෙම ලින්ක් එකේ තියෙන්නෙ ඒක. මෙවර නව නිපැයුම් තරගයේදීද ඔහු රන් සම්මාන දිනා ගත් අයෙකි. (බ)

:       0       0

සෙන්සා Wednesday, 23 November 2016 10:08 AM

තව තවත් නිර්මාණ කරන්න පුළුවන් බව පේනවා. ජය වේවා! (ම)

:       0       0

සේන Friday, 25 November 2016 03:36 AM

නියම වැඩක් ජයවේවා දුරකථන අංකය සදහන් කරන්න (ම)

:       0       0

දිල්හානි Friday, 30 December 2016 01:00 PM

හොඳ වැඩක්. මීට කලින් කෙනෙක් කරලා තිබුනට වෙළඳ පොළට එය නිකුත් කර නොතිබුණා වෙන්න ඇති. ඒ අනුව මොහු විසින් මෙවැන්නක් ජනතාවට ලබාදීම සතුටක්. දුම් අල්ලන්න අවශ්‍ය කෙනෙක් පමණක් මිලදී ගන්න. භාණ්ඩය විවේචනය නොකර හා පුද්ගලයා අපහසුවට ලක්නොකර. (නි)

:       0       0

රොකී Saturday, 03 December 2016 12:42 PM

චන්දන, මෙරටේ විචාර බුද්ධිය හීන උගතුන් වැඩියි. මොකක් ගැනවත් හොයා බැලිල්ලක් නැහැ. අනිත් කරුණ, මොකටද මේ දුම් කබල්? (නි)

:       0       0

ලංකා පෙ‍රේරා Wednesday, 23 November 2016 04:06 AM

ඉතා හොදයි....ලෙඩ ළමයි , අඩුම ළමයි ඉන්න ගෙවල් වල දාන්න එපා...නිරෝගී ළමයි ඉන්න ගෙවල් වල භාවිතා කරන්න.(බ)

:       0       0

වසන්ත Monday, 05 December 2016 09:44 AM

ඉතා හොද වැඩක්, චීනාට ගැති නොවී අපට ජිවත්වෙන් පුළුවන් බව පෙන්වන්න මල්ලි . සාධාරණ මිලකට අලෙවි කරන්න , ප්‍රියන්ත ජයවේවා (බ)

:       0       0

සුරංග Monday, 28 November 2016 06:03 AM

හොඳ සොයා ගැනීමක්.(හේ)

:       0       0

තෙෂාන් Wednesday, 23 November 2016 05:40 AM

දුම් අල්ලීමෙන් මදුරුවන් ඇතුළු සතුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්, ඔවුන් මගින් බෝවෙන ලෙඩ වලට වැටක් බඳින්න පුළුවන්. (ම)

:       0       0

උපුල් Monday, 19 December 2016 04:02 PM

ඉතා අගනා නිර්මාණයකි (නි)

:       0       0

පාලිත Monday, 19 December 2016 04:02 PM

මෙම දුම්කබල ගතහැක්කේ කොහෙන්ද? (නි)

:       0       2

නිල්මිණි-ජපානය Tuesday, 22 November 2016 09:23 AM

නව නිර්මාණ කිරීම ඉතා හොදයි. නිර්මාණ කරුට ස්තුතියි. එත්, ගෙවල් ඇතුලේ දුම් වර්ග අල්ලන එක නම් බොහෝ රෝග වලට හේතුවක් වෙන්න පුළුවන් නිසා පාවිච්චි කරන අය ඒ ගැන සිත බැලුවොත් හොදයි.(ම)

:       0       0

යෝනක Tuesday, 22 November 2016 06:58 PM

ඉතාම හොඳයි. (නි)

:       0       0

wasanjaya Monday, 08 May 2017 02:31 PM

දුම් ඇල්ලීම අහිතකර වෙන්නේ විස රසායනික ඇත්නම් පමණි. එම දුමෙහි බැක්ටීරියා නාශක ගුණයක් පවතී. කෙසේ වෙතත් නව නිපැයුමට සුබ පතමි. ඉලෙක්ට්‍රෝනික ක්‍රමයට බැටරි කැබැල්ලකින් තැටිය රත් කරන ක්‍රමයක් ගැන බලන්න..

:       0       0

අනුෂ්ක බංඩාර Wednesday, 15 May 2019 10:39 AM

කොහෙන්ද ගන්න තියෙන්න‌ේ....මිල කීයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site