(ගලහ ඩබ්ලිව්.ඒ. අසේල)
වෙළෙඳසලකින් මුදල් සොරකම් කළ අයෙකු අත්අඩංගුවට ගෙන වෙළෙඳ සල් හිමියා හා බිරිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කොට පොලිස් ස්ථානාධිපතිවරයා හොරාට සොරකමේ ආදීනව කියා දී දෝෂාරෝපණය කරද්දී වෙළෙඳසල් හිමිගේ බිරිය හඬා වැටීමේ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
පසුගිය දිනෙක සවස වෙළෙඳසල වසා නිවෙසට යාමට සූදානම් වී එදින වෙළෙඳාමෙන් ලැබූ රුපියල් හැටපන්දහසක පමණ මුදලක් පාර්සල් කොට කඬේ ඉදිරිපස තබා කඬේ වසා නැවත බැලීමේදී එම පාර්සලය නැතිවී ඇත.
කඩ හිමියා වෙළෙඳසලේ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී මුදල් පසුම්බිය සොරාගත් කෙනා හඳුනාගත හැකි වී තිබේ.
මේ පිළිබඳව ප්‍රදේශයේ පොලිසියට දැන් වූ පසු වෙළෙඳසල් හිමියා හා සොරා කැඳවා ප්‍රශ්න කොට ඇත.
එහිදී වෙළෙඳසල් හිමියාගේ බිරියද පොලිසියට පැමිණ ඇත. පොලිස් ස්ථානාධිපතිවරයා සොරකම් කිරීමේ ආදීනව කියා සොරාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති අතර එසේ කිරීමේදී වෙළෙඳසල් හිමියාගේ බිරිය හඬා වැටී ඇති අතර ඇය කුමන හේතුවකට හඬා වැටුණේදැයි අවට සිටි කා තුළත් කුතුහලයක් මතු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
976
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරාට දොස් කීවාට මුදලාලි හාමිනේට දුක හිතිලා