IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලජ්ජා නැති ගිහියන්ට හාමුදුරුවන්ගෙන් ‘පාඩමක්’

පසුගිය නත්තල දා අගනුවර සිට තංගල්ල දක්වා පෞද්ගලික බස් රථයක් පැරැණි ගාලු පාර දිගේ ධාවනය වෙමින් තිබිණි. එහි විශාල පිරිසක් වූහ. බේරුවල නගරයේදී බසයට නැග ගත්තේ මැදිවියේ මවකි. ඇය කුඩා දරුවකු වඩාගෙන සිටි අතර  අතෙහි වූයේ නත්තල සැමරීම සඳහා වූ බඩු මල්ලකි.


දිගු ගමනක් යාමට ඇති නිසාදෝ වාඩි වී සිටි කිසිවෙක් ඇයට ආසනයක් නොදී නිදි කිරන්නට  වූහ. බසයේ පසුපස  සිටි කොන්දොස්තරටද ඇය  ඇස ගැටුණේ නැත.


මෙය දුටු ඉදිරිපස අසුනේ සිටි ස්වාමීන් වහන්සේ නමක් වහා නැගිට සිය ආසනය ඇයට දුන්නත් එහි වාඩිවීමට ඇය මැලි වූවාය. එහෙත් හිමි නමගේ නැගිටීම හා ප්‍රකාශය ඇසුණු කීප දෙනකුම එකවර නැගිට සිය ආසන ඇයට පිරි නැමීමට සුදානම් වූ අතර ඇය එක් ආසනයක වාඩි වූයේ නාහිමි නමට දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කරමිනි.


 ඇය කතෝලික කාන්තාවක බවද පසුව අනාවරණය වුනාලු. 
තිහගොඩ උපසේන ලියනගම



අදහස් (0)

ලජ්ජා නැති ගිහියන්ට හාමුදුරුවන්ගෙන් ‘පාඩමක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site