IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රියැදුරු මගීන් රැසක් තනි අතින් රැගෙන ගිහින්

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රියැදුරා කෙටි පණිවිඩ යවමින් බසය පදවද්දී මගීන්  ජීවිතයත් මරණයත් අතර ගමනක යෙදුණු අවස්ථාවක් පසුගිය ඉරිදා ගම්පහ හා යක්කල අතරදී දැකගත හැකි විය.


වේලාව රාත්‍රි 7.45 ට පමණය. කිරිඳිවැල දක්වා යන පෞද්ගලික බසය ගමන් ඇරඹුවේ දුම්රියෙන් පැමිණි මගීන්ද ගොඩවීමෙන් පසුවය.  රියැදුරු ගමනේ යෙදුනේ එක් අතකින් සුක්කානම කරකවමිනි. අනෙක් අතේ නවීන පන්නයේ ජංගම දුරකතනයකි. 


තනි අතින් රිය පදවමින් ජංගම දුරකතනයෙන් කිසිවකු හා කෙටි පණිවිඩ යැවීමේ යෙදුණු අයුරු මගීන්ට දැක ගත හැකිවිය. මගී ජීවිත රියැදුරු දෑතට බාරයි කීවාට මේ බසයේ ජීවිත බාරවී තිබුණේ රියැදුරුගේ එක් අතකටය.


යක්කල නගරය පසුකරන තුරුම රියැදුරාගේ ගමන එසේ විය. යක්කලදී බසයෙන් බැස්ස මගීන් දෙදෙනකු “ඇති යාන්තන් ජීවිතේ බේරගෙන බැහැගත්තායි” එකිනෙකාට පැවසුවේ සුසුමක් හෙළමිනි.

 



අදහස් (1)

රියැදුරු මගීන් රැසක් තනි අතින් රැගෙන ගිහින්

ශංඛ Thursday, 26 December 2019 09:32 AM

පෞද්ගලික බස් රියදුරන්ගෙන් බොහෝ දෙකෙකුගෙ විනය අන්තිමයි. මගී ජීවිත ගැන මායිම් කරන්නෙම නෑ. කවුරු කොහොම කිවුවත් මේව දැක්කහම පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කලයුතුයි.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site