IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මළගෙදර ඇවිත් රන් බඩුත් අරන් මාරුවෙලා

(ගල්ගමුව නිහාල් ජයවීර)
දුර බැහැර ප්‍රදේශයක සිට මළගෙදරකට පැමිණි ඥාතීන් දෙදෙනකු තමන්ට නවාතැන් දුන් ඥාති ගෙහිමියාගේ රුපියල් 68000ක් පමණ වටිනා රන් බඩු තොගයක් සොරාගෙන යාමේ සිද්ධියක් ගල්ගමුව පොලිසියෙන් දැන ගැනීමට ලැබිණ.


ගෙහිමියාගේ වැඩිමහල් සහෝදරයකු මියයාම නිසා ඒ මළගමට සහභාගි වීමට දුර බැහැර ප්‍රදේශවල සිට ඥාති හිතවතුන් බොහෝ පිරිසක් පැමිණ තිබේ. ඇතැමුන් දේහයට අවසන් ගෞරව දක්වා එදිනම පිටව ගොස් ඇති අතර තවත් පිරිසක් මළගම අවසන් වන තෙක් නිවසේ රැඳී සිටියහ. ඒ පිරිස් අතර මහියංගණය ප්‍රදේශයේ සිට පැමිණි ඥාතීන් දෙදෙනකු ද විය. ඔවුන් හත් දවසේ දානය වන තෙක්ම එහි සිට ඇති අතර නවාතැන් ගෙන සිට ඇත්තේ පැමිණිලිකාර ගෙහිමියාගේ නිවසේය.


හත් දවසේ දානය අවසන් වීමෙන් පසු මහියංගණයෙන් පැමිණි ඥාතීන් දෙදෙනා ද සිය ගම්බිම් බලා ගොස් ඇති අතර  සහෝදරයාගේ මියයාම නිසා අතකර පැළඳගෙන සිටි රන් අබරණ ගලවා අල්මාරි ලාච්චුවේ තබා තැබූ ගෙහිමියා ද එදින රාත්‍රියේ ලාච්චුව පරීක්‍ෂා කරන විට එහි රන් අබරණ අතුරුදන්ව ඇති බව දැක තිබේ.


ගෙහිමියා පැළඳ සිටි පෙන්ඩනය සහිත රන්මාලය, පුරුක් සහිත රන් මාලය, මුද්ද, ගෙහිමියාගේ දරුවාගේ පෙන්ඩනය සහිත රන් මාලය හා තවත් පෙන්ඩනයක් මෙසේ සොරාගෙන ගොස් ඇති බවට ඔහු ගල්ගමුව පොලිසියට පැමිණිලි කොට තිබේ.


නෑයෝ වේයන් වී තමාට අලාභ හානියක් කර ඇති බවත් දුර බැහැරින් පැමිණි ඥාතීන් යැයි කියැවෙන අයට නවාතැන් දීමෙන් තමන්ට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිසට පාත් වූවාක් වැනි සිද්ධියක් බවත් ගෙහිමියන් පොලිස් නිලධාරීන්ට පවසමින් මේ පැමිණිල්ල සිදුකොට තිබේ.


ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ සිදුවෙයි.



අදහස් (0)

මළගෙදර ඇවිත් රන් බඩුත් අරන් මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site