IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


භූතයාගේ පාර්සලයෙන් ගම්මු හොල්මන්

(බිංගිරිය - වික්ටර් සෝමවීර)

භූතයෙකු දමා සිරකළ බව කියන ප්ලාස්ටික් ඇසුරුමක් සමග තවත් පරිවාර ඇසුරුම් කීපයක් ත්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසක් විසින් බරාගෙදර කාරඹුඔය පාලම යටට විසිකරනු ලැබීම හේතුවෙන් බරාගෙදර හා කැලෑගෙදර අවට ප්‍රදේශවාසීහු පසුගියදා මහත් කැළඹීමකට පත්වූහ.

භූතයා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථය පිටුපස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකු යම්කිසි සැකකටයුතු පාර්සලයක් වැනි යමක් කාරඹුඔයට විසිකරන අයුරු දැක ඒ පිළිබඳව ත්‍රීරෝද රථයේ සිටි අයගෙන් විමසා ඇත. එවිට ඔවුන් පවසා ඇත්තේ දේවාලයක සිට රැගෙන ආ භූතයකු කාරඹුඔයට විසිකළ බවයි. බෝම්බ පිපිරීම ගැන මේ දිනවල බියක් පවතින හෙයින් මෙම සිද්ධිය සම්බන්ධ ආරංචිය ප්‍රදේශය පුරා ඉක්මනින් පැතිර ගියේය. මෙම කාරඹුඔය හරහා පිහිටා තිබෙන බරාගෙදර පාලම බෝවත්ත කුලියාපිටිය මාර්ගයට සම්බන්ධ වී පවතී. දිනපතා වාහන විශාල ප්‍රමාණයක් මෙම පාලම මතින් ගමන් කරන බැවින් යම් අනතුරක් සිදුවේ යැයි බියෙන් සිද්ධිය දුම්මලසූරිය පොලිසිය වෙතද දැනුම් දී තිබුණි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ දුම්මලසූරිය පොලිසිය නාවික හමුදාව දැනුවත් කොට ඇත කාරඹුඔයට විසිකරන ලද ප්ලාස්ටික් ඇසුරුම් තුළ පුපුරණ ද්‍රව්‍ය ඇතැයි යන සැකය නිසා නාවික හමුදා නිලධාරින් එම ස්ථානයට පැමිණෙන තෙක් දුම්මලසූරිය පොලිසිය එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ද සලසා තිබුණි. නාවික හමුදා නිලධාරින් පැමිණ බරාගෙදර පාලම යට වතුරේ පාවෙමින් තිබුණ ප්ලාස්ටික් ඇසුරුම් ගොඩට ගෙන පුපුරවා හැරීමට කටයුතු කළේය. එහෙත් ඒවා තුළ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබිණි. මේ පිළිබඳව දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගෙන් කළ විමසීමේදී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුනොවුන බව කියා සිටියේය. කෙසේ වෙතත් ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිස මුස්ලිම් අය බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙන හෙයින් සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන අදාළ ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගැනීම සඳහා දුම්මලසූරීය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



අදහස් (2)

භූතයාගේ පාර්සලයෙන් ගම්මු හොල්මන්

sam Wednesday, 15 May 2019 07:07 AM

භූතයා මළාද දන්නේ නැහැ.

:       0       0

himal Wednesday, 15 May 2019 12:02 PM

භූතයා තමයි දන්නේ ඇත්ත.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site