IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බිරිය දීග දෙන්න ගිහින් මුදලාලි ගුටි නොකා බේරිලා

(පස්ගොඩ තිලක් එම්. ගමගේ)

ඔහු ප්‍රදේශයේ කුඩා බේකරි හිමියෙකි. එහි නිපදවන පාන් බනිස් ආදී කෑම වර්ග දිනපතා බෙදා හැරියේ ද ඔහු විසින්මය.

කොයි කා සමඟත් සුහදතාවයෙන් හා සැහැල්ලුවෙන් ගතකළ හෙතෙම මඟුල් කපු කමක් හෝ බ්‍රෝකර් වැඩක් අහුවුණොත් අත හරින්නේ ද නැත. ඒවායින් ද යම් වාසියක් ලැබෙන බැවිනි. නගරයේ හා අවට පාන් බෙදා හැර අවසන් කළ බේකරි හිමිකරු අතුරු මාර්ගයේ ගමන් කළේය. පාන් පෙට්ටියේ අවසන් පාන් ටික වෙළෙඳසලකට දුන් ඔහු විවේකයෙන් වෙළඳහලේ හිමිකරු හා කතා බහට වැටුණේය. කඩයට යාබද පිහිටි නිවසේ දරුවකු වඩා ගත් තැනැත්තියක් නෙත ගැටුණු බේකරි හිමියා කවුද මල්ලි ඒ ගැනු ළමයායි විමසීය. ඇස් රතුවන විහිළුවලට සමත් බේකරි හිමියාට හොඳ ලණුවක් දීමට මේ අවස්ථාවක් යැයි සිතාගත් වෙළෙඳසලේ හිමිකරු අනේ අයියා ඒ අපේ නංගිනෙ. දැන් ඔය දීගෙ ඇරිලා මෙහෙ ඇවිත් ඉන්නවා.

ළමයෙකුත් එක්ක දික්කසාදෙත් වෙලා. කවුරු හරි හොඳ කෙනෙක් අහු වුණොත් කියන්න මට මේක ආරච්චි අයියට කියන්නමයි හිටියෙ යැයි පැවසීය. හරි හරි මල්ලී ඕවත් වැඩද? පැවසූ බේකරි හිමියා ඔහුගෙන් සමුගෙන ගියේය. දින කීපයක් ගත වේද්දි බිරිය මියගොස් ඇති මනමාලයකු ඔහු සොයා ගත්තේය. සැතපුම් කීපයක් දුර ගමක විසූ තරුණ වියේ පසු වූ මොහු සහ තවත් අයෙක් දිනක් මනාලිය බැලීමට පැමිණියහ.

ගමට පිවිසෙන ඔවුන් නගරයේ වෙළඳසලකට ගොඩ වූයේ කේක් ගෙඩියක් හෝ බිස්කට් එකක් තිළිණ වශයෙන් රැගෙන යාම සඳහාය. කඩයකට ගොඩවුණු අමුත්තන් දෙදෙනා පිළිබඳ විමසිලිමත් වු කඬේ මුදලාලි ඔවුන් හා කතා බහට එක් විය. අල්ලපු ගමේ අහවල් ව්‍යාපාරිකයාගේ නිවසට මනාලියක් බැලීමට යන බව ඔව්හු ප්‍රකාශ කළහ. ඔවුන් කීදේ ඇසූ මුදලාලිට ඇති වූයේ මහත් විමතියකි ඒ මේ කියන ව්‍යාපාරිකයා තමාගේ ද හිතවතෙකු වූ නිසාය. ඔහුට නැගණියක් හිටි බවත් දැන සිටියේ නැත. මෙය කාගේ හෝ විහිළුවක් දැයි ඔහුට හැඟුණි.

හොඳටම විශ්වාසද මේ කපුකම ගැන ඔහු නැගූ ප්‍රශ්නාර්ථයට අමුත්තන් දෙදෙනා එකිනෙකාගේ මුහුණු බලන්නට විය. ඒ අතරතුර බේකරි හිමිකරු එතැනට පැමිණියේ මේ ආගන්තුකයන් දෙදෙනා එහි එක්කරගෙන යාම සඳහාය. ඔය කියන කෙනාට නංගි කෙනෙක් නෑනෙ. හොඳට හොයලා බැලුවද? එයාට බිරියක් නම් ඉන්නවා. එයා ඈත පළාතක රස්සාවක් කරන්නේ. එහෙනම් මේකා මට පෙන්නලා තියෙන්නේ උගේ ගෑනි. මං ඕකව තියන්නේ නෑ. මාව ගොනාට ඇන්දුව යැයි කේන්තියෙන් බැණ වදින්නට විය. අමුත්තන්ගෙන් සමාව අයැද ඔවුන් ආපසු පිටත් කර හැර බේකරි හිමිකරු යතුරුපැදියට නැග්ගේ හොඳ පාඩමක් උගන්වනවා යැයි කියමිනි. මුදලාලි වහා වෙළෙඳසල් හිමිකරුට දුරකථන ඇමතුමක් දුන්නේය. එන පොට හොඳ නැති බව දැන ගත් වෙළෙඳසල් හිමිකරු බිරිඳ කඬේ නවතා පැන දිව්වේය.



අදහස් (0)

බිරිය දීග දෙන්න ගිහින් මුදලාලි ගුටි නොකා බේරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site