(කඹුරුපිටිය විශේෂ – කේ. අජිත්)
මගී ප්‍රවාහන බස් රථයකදී එක්තරා මගියකුට තම ගමනාන්තය දක්වා යාමට ටිකට්පතක් මිලදී ගැනීමට යාමේදී ටිකට්පත වෙනුවට කොන්දොස්තර මහතාගෙන් දුම්වැටියක් ඉල්ලීමේ පුවතක් පසුගියදා දකුණු පළාතෙන් වාර්තා විය.

මාතර බස් නැවතුම්පොළෙහි සිට තංගල්ල දක්වා ධාවනය වීමට නියමිතව තිබූ මගී ප්‍රවාහන බස් රථයට තවත් විනාඩි 05 ක පමණ කාලයක් තිබුණි. කොරෝනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් ද බස් රථය තුළ අඩකට වඩා වැඩි පිරිසක් සිටියහ.
කොන්දොස්තර මහතා කඩිනමින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් ලබාදීම සිදුකරමින් සිටී. මගීහු තමන්ගේ ගමනාන්තය දක්වා මුදල් ගෙවා ටිකට්පත් ලබා ගනිති. මේ අතර සිටි දික්වැල්ල දක්වා ගමන් කිරීමට සිටි මහත්මයෙක් කොන්දොස්තර මහතාට මුදල් ලබාදී ටිකටිපතක් ඉල්ලුවේය.
මේ අතර ඒ අසල අසුනේ වාඩි වී සිටි අවුරුදු 45ක පමණ සාමාන්‍ය සිරුරකින් හෙබි, කවුළුවෙන් පිටත බලා කල්පනා බරිතව සිටි අයෙක් ඵකවරම රුපියල් 100 නෝට්ටුවක් කොන්දොස්තර මහතා වෙත දිගුකර, “මට සිගරට් එකක් දෙන්න’’ යයි ඉල්ලා සිටියේය.
එය ඇසුණු බසයේ සිටි මගීන්ගේ සිනහ හඬ මධ්‍යයේ සිය පියවි සිහිය ලත් ඔහු වටපිට බලා, මට දික්වැල්ලට ටිකට් එකක් දෙන්නැයි කියා ලැජ්ජාව මුසු සිනා මුසු මුහුණින් යුතුව ඉල්ලා සිටියේය.
මේ මනුස්සයා සිගරට් ගන්න කඩයට ගිහින් තවමත් එතන ඉන්නේ යයි සිතාගෙන ඉන්නෙ යයි බස් රථයේ සිටි බොහෝ දෙදෙනකු මුමුණනවා ඇසිණි.
2025 දෙසැම්බර් මස 18
18
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් මගියා සල්ලි දී සිගරැට්ටුවක් ඉල්ලලා