IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බස්රියේ සිටි සැමියාට බිරියගේ දුරකතන ඇමැතුමෙන් රතු ඉර පැනලා

තොර තෝංචියක් නැතිව බිරියගෙන් එන දුරකතන ඇමතුම් නිසා උන්හිටි තැන් අමතක වූ සැමියකු බස් රථයක් තුළදී බිරිඳට කෑ ගැසූ පුවතක් රාජගිරිය ප්‍රදේශයෙන් වාර්තාවිය.


අධික වර්ෂාව මෙන්ම අධික ලෙස රථවාහන තදබදය ද තිබූ දිනයකි. එය රාජගිරිය දෙසට ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකි. ඇතැම් රියදුරන් වාහන තදබදය දැන දැනම මහ හඬින් තමන්ගේ රථවල නලා හැඬවූයේ බසයේ සිටි මගීන් ද අප්‍රසාදයට පත් කරමිනි.


ටික දුරක් යද්දීම එක්වරම ඇසුණේ මගියකු කාට හෝ බැනවදින හඬය. බොහෝ දෙනා ඒ දෙස බැලූ අතර එය දුරකතන සංවාදයක් නිසා ඇති වූ ගැටලුවක් බව පසුව ආරංචි විය.


සිදුවී ඇත්තේ මෙයයි.


බසයේ ජනේලය ආසන්නයේ සිටි මගියකුට වරින් වර දුරකථනයෙන් අමතා ඇත්තේ ඔහුගේ බිරිඳයි. පළමු ඇමතුමේදීම ඔහු පවසා ඇත්තේ මං බස් එකේ ඉන්නේ පස්සේ ගන්නම් කියාය. දෙවන වරටද නොකඩවා නාද වූ දුරකතන ඇමතුමට ඔහු පිළිතුරු දී ඇත්තේ මේ වැස්ස නිසා මට හරියට ඇහෙන්නේ නෑ තාම බස් එකේ ඉන්නේ බැහැලා ගන්නම් ඉන්න කියාය.


තෙවන වරටත් නාද වූ දුරකතන ඇමතුමෙන් අනතුරුව ඔහුගේ රතු කට්ට පැන ඇති අතර ඔහු මහ හඬින් පිළිතුරු දී ඇත්තේ උන් හිටිතැන්ද අමතක කරමිනි. ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ බස් එකේ ඉන්නවනම් මට සද්දේ ඇහෙන්නේ නෑනේ ලෙස පවසා ඇති අතර ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ සද්දෙ - සද්දේ මම ගෙදර ඇවිත් දාන්නම්. එතකන් ඉඳපන් යනුවෙනි. මෙය ඇසූ මාර්ග තදබදයට හා අධික වර්ෂාව නිසා පීඩාවට පත් වී සිටි මගීන්ට සිනහව නතරකරගත නොහැකිවිය.
සමන් කුමාර

 



අදහස් (3)

බස්රියේ සිටි සැමියාට බිරියගේ දුරකතන ඇමැතුමෙන් රතු ඉර පැනලා

gamrala Friday, 08 November 2019 04:15 AM

ඕක ඇත්තටම හිරිහැරයක් තමා. තනියෙම ගෙදර ඉන්න බිරිඳ තමා සැමියා කොයිවෙලේ ගෙදර එයිද කියා බලා ගනිමින් ඉන්නේ ආදරෙටම නොවෙයි සමහර වෙලාවට, අර මන් කියපු දේ ගෙනාවද කොහෙද මෙච්චර වෙලා රවුම් ගැහුවේ කියල දැනගන්නයි. වැඩ ඇරිලා වෙනදට වැඩිය ටිකක් පරක්කු උනොත් නම් ඕන නැහැ. කරන්න දෙයක් නැහැ?

:       80       491

sampath Saturday, 09 November 2019 09:55 AM

තමන්ට කාගෙන් හරි අනවශ්‍ය විදියට කෝල් එනවා නම් ඒ නම්බර් එක තාවකාලිකව නතර කරලා දාන්න. (බ්ලොක් කරන්න) විශේෂයෙන්ම රථවාහන ධාවනයේදී... මොකද ගෙවල්වල උන්දැලාට ඕවායේ වගේවගක් නැහැ.

:       1       13

පුරෝහිත Monday, 11 November 2019 08:37 AM

සම්පත් නම් කියයි. වයිෆ් ගේ නම්බර් එක බ්ලොක් කළොත් ඉතින් බඩුම තමයි.

:       0       175

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site