IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බඩු පරක්කුවෙන් වැඩේ අතටම

ළිප මත තබා තිබූ කසිප්පු බැරලයක් ස්ප්‍රීත්තුව නගින තුරු පුල පුලා බලා සිටි ජාවාරම්කාරයන් තිදෙනකු බඩුත් සමග නීතියේ රැහැනට කොටුවූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.

දිගු කලක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන යනු ලැබූ කසිප්පු ජාවාරමකි. මෙම ජාවාරම කෙසේ හෝ කොටුකර ගැනීමට නිලධාරීහු විවිධ උපක්‍රම යෙදූහ.


මහා වනාන්තරය මැද රාත්‍රී කාලයේ මෙම කසිප්පු පෙරීමේ කටයුත්ත සිදුකෙරෙන නිසා ජාවාරම්කරුවෝ ද කිසිදු බියකින් සැකයකින් තොරව නිදැල්ලේ සිය නිෂ්පාදනය කරගෙන ගියෝය. කල් යල් බැලූ නිලධාරීන් විසින් මෙම ජාවාරම වැටළීම සඳහා සකස් කළ සැලසුම එක්තරා වැසිබර දිනයක ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව කල්වේලා ඇතිව එම ස්ථානයට ළඟා වූ නිලධාරීහු සුදුසු කාලය එළඹෙන තුරු රැකවල්ලා සිටියහ. 


මේ අතර ජාවාරම්කරුවෝ දෙදෙනෙක් කසිප්පු වාඩිය තුළ ලිප මත විශාල කසිප්පු බැරලයක් තබා එය පැහි දමන තුරු දර දමමින් ගිනි දල්වන අයුරු මඩුවේ පොල්අතු ආවරණයට මුවාවී සිටි නිලදරුවන්ට දක්නට ලැබිණ. පැහි දමන බැරලයේ සිට නළ මගින් ප්‍රථමයෙන්ම එන කසිප්පු ස්ප්‍රීත්තුව ඉතා සැර සහ බලගතු යැයි විශ්වාස කරන හෙයින් එය ජාවාරම්කරුවන්ගේ පාවිච්චියට ගැනීම කෙසේ වෙතත් එදින වැසි සහිත දිනයක් වූ නිසා දර තෙත්වී තිබූ බැවින් ගිනි පත්තුවීම දුර්වල වීමෙන් ස්ප්‍රීත්තුව ගලා ඒම ප්‍රමාද වී ඇත. 


මෙතෙක් වේලා මැස්සක් මත ඇලවී සිටි ජාවාරමේ ලොක්කා ද ලිප අසලට පැමිණ අනෙක් දෙදෙනාගෙන් මොකද තවම බඩු පරක්කු කියා අසනවාත් සමගම රැකවල්ලා සිටි නිලධාරීහු නෑ නෑ ප්‍රමාද නෑ දැන් තමයි වෙලාව කියමින් මඩුව තුළට කඩාපැන තිදෙනාම සිය ග්‍රහණයට ගත්තාලු. 

 

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි) 

 



අදහස් (1)

බඩු පරක්කුවෙන් වැඩේ අතටම

Ana Monday, 31 August 2020 05:54 AM

මේක කාලෙක ඉඳලා රටේ හැම තැනම ප්‍රසිද්ධ, පළවූ පරණ කථාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site