IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාන්තා යට ඇඳුම් සොයා නිවෙසකට රිංගා නින්ද ගිය තරුණයාට ගුටි පූජාවක්

(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
රාත්‍රී කාලයේ කාන්තා යට ඇඳුම් සොයා යන තරුණයකුට නිවසක් තුළ නින්ද යාමෙන් සිදුවූ අලකලංචියක් නිකවැරටියට ආසන්න පෙදෙසකින් වාර්තාවිය.


සිද්ධිය මෙසේය.


මෙම තරුණයා කලක සිට මෙම ක්‍රියාවට ඇබ්බැහිවී සිටින අයෙකි. ඔහු විවාහවී පිටස්තර ප්‍රදේශයකට ගියද වරින්වර ගමට පැමිණ රාත්‍රියේ ගෙවල් කීපයකට ගොස් මෙලෙස කාන්තා යට ඇඳුම් සොරා ගැනීම සිදු කරයි.


සිද්ධිය වූ දින රාත්‍රියේදී ගමට පැමිණි තරුණයා එදා ද සුපුරුදු ක්‍රියාවේ නිරත විය. නිවෙස් කීපයකට ගියද ඔහුගේ අරමුණ ඉටු නොවුණ විට නිවැසියන් නොමැති නිවසක ජනේලයක් කඩා නිවසට ඇතුළුවී ඇත. මෙම නිවසේ වෙසෙන මව සහ තරුණ දියණිය මෙදින නිවසින් බැහැරව ගොස් සිටි අතර කිසිවකු නොමැති නිවසේ සිත් සේ ඇවිද යමින් මවගේ සහ දියණියගේ ඇඳුම්ද රැගෙන ඇඳට වී නිදාගෙන ඇත.


අඩියක්ද ගසා සිටි තරුණයාගේ අරමුණු ඉටුවීමේ සතුටද සමග ඔහුට තදින්ම නින්ද ගියේ ඔහුටද නොදැනීමය. පසු දිනට පහන්වුවද තරුණයා අවදි නොවූ අතර නිවසින් බැහැරව සිටි නිවැසියෝද නිවසට පැමිණියහ.


ඔවුන් නිවසට ඇතුළුවී බලන විට තරුණයකු තම ඇඳ මත තද නින්දේ පසුවන අයුරු දැක ඇත. බිය වූ නිවැසියන් ඥාතීන්ට සහ අසල්වැසියන්ට දැනුම්දීමෙන් පසු ගුටි පූජාවකින්ද සංග්‍රහ ලැබ පොලිස් කූඩුවේද ලගින්නට සිදු විය. අනතුරුව ගෙවල් බිඳුම් චෝදනා මත අධිකරණයේ නඩුවක්ද පැවැරිණි.

 



අදහස් (1)

කාන්තා යට ඇඳුම් සොයා නිවෙසකට රිංගා නින්ද ගිය තරුණයාට ගුටි පූජාවක්

sampath Wednesday, 08 January 2020 10:19 AM

මෙහෙම යට ගහන්න එපා. මේ අය නිසි ප්‍රතිකාරවලට යොමු කරන්න.

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site