IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අයියගෙ දුවගේ මඟුල බේරාගන්න කචල් මල්ලීට ලණුවක් අඹරලා

(උණවටුන ඩී.ජී. සුගතපාල)
එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකි. ඔවුන්ගේ මවුපිය දෙදෙනාම නැත. වැඩිමල් සහෝදරයා දුක්  මහන්සියෙන් බාල සෙහෝදරයා උස් මහත් කළත් අවාසනාවකට මෙන් ඔහුට උසස් අධ්‍යාපනයක් ලැබීමට වරම් අහිමි විය. මේ අතර අයියා මහන්සියෙන් දියුණුවට පත්ව සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත්විය.


එහෙත් අයියාගේ අවාසනාවට මෙන් මල්ලි පදිංචි වූයේද අයියාගේ නිවස අසලමය. මේ අතර. මල්ලි බීමත්ව පැමිණ නිතර නිතර අයියාගේ දියුණුව ඉවසාගත නොහැකිව බැණ වදින්නට විය. මේ නිසා ගමේ අය ඔහු හැඳින්වූයේ කචල් මල්ලි කියාය. අවස්ථා කිහිපයක්ම කචල් මල්ලී  පොලිසියට කැඳවා උපදෙස් දුන්නත් වැඩක් නොවීය.


මේ අතර අයියාගේ දියණිය බැලීමට මනමාලයෙකු පැමිණි අවස්ථාවේ කචල් මල්ලි බීමත්ව පැමිණ නොයෙක් දේ කියමින් අයියාගේ පවුල ලැජ්ජාවට පත් කළේය. එහෙත් පැමිණි පිරිසට අයියා කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඔවුන් පැවසුවේ ඕවා සාමාන්‍ය දේවල් බවය.


අයියාගේ දියණියගේ මංගල උත්සව දිනය ළංවිය. මල්ලි පැමිණ නෑදෑ පිරිස අපහසුවට පත්කරන බව දැනගෙන සිටි අයියා තමාගේ මිතුරෙකුට කතාකොට උපදෙසක් පැතීය. “හරි මම බලා ගන්නම් “කියූ මිතුරා කචල් මල්ලිගේ ජංගම දුරකතන අංකය ඉල්ලා ගත්තේය.


මංගල උත්සවයට පෙර දිනයේ කචල් මල්ලිගේ දුරකතනයට ඇමතුමක් ලැබුණේය. “ආයුබෝවන් මහත්මයා අපි මේ කතා කරන්නේ දුප්පත්කම නැති කිරිමේ  සංවිධානයෙන්, අපගේ සංවිධානය විසින් අඩු ආදායම්ලාභි පවුල් සඳහා ලබාදෙන රුපියල් දස ලක්ෂය මෙවර දීමට තීරණය කර තිබෙන්නේ ඔබටයි. ඔබේ නම  නිර්දේශකර අපට එවා තිබෙන්නේ ග්‍රාම නිලධාරි මහතායි. ඔබ හෙට උදේ දහයත් එකොළහත් අතර කාලයේ හැඳුනුම්පත පමණක් රැගෙන අපගේ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.’ යනුවෙන් පැවසූ කාන්තාවක් ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇතුළු සියලු‍ විස්තරද කීවාය.


මෙවැනි මුදලක් තමාට ලැබේ යයි ඔහු කිසි දිනෙක සිතුවේ නැත. දස ලක්ෂයෙන් කරන වැඩ ගැන එළිවෙනතුරුම බිරිය සමග කතා කළේය.  ‘‘දැන් ඉතින් මටත් අයියාට වැඩ පෙන්වන්න පුළුවන්’’ ඔහු සිතුවේය. දුරකතන ඇමතුමෙන් කියූ විස්තර අනුව කිසිම සැකයක් නැත. ගමේ සිට කොළඹට යාමට අඩු තරමින් පැය හතරක්වත් ගතවේ. එනිසා උදේ රැයින්ම අලු‍ත් සරමක් සහ කමිසයක් ඇඳගෙන ඔහු කොළඹ බලා පිටත් විය.


උදේ දහය වන විට කොළඹට පැමිණි ඔහු දුරකතනයෙන් කියූ මං සලකුණු ඔස්සේ ප්‍රධාන කාර්යාලය සොයාගෙන යන්නට විය. එහෙත් එවැනි තැනක් සොයා ගැනීමට නොහැකිවූ නිසා තමාට ඇමතුම දුන් දුරකතනයට කතා කළේය.


“මහත්මයා පාර වරද්දාගෙන. දැන් ආපස්සට එන්න. ඇවිල්ල දකුණට හැරෙන්න. එතැන තියෙනව විශාල ගොඩනැගිල්ලක්. ඒකේ දෙවැනි තට්ටුවට  එන්න.’’ ඒ අනුව ආපස්සට පැමිණි ඔහු එම ගොඩනැගිල්ල අසල නැවතී එයට ඇතුළුවීමට තැනක් සොයමින් සිටින විට ආරක්ෂක නිලධාරියෙක් පැමිණ ඔහු එලවා දැම්මේය. ඉන්පසු ඇමතුම දුන් දුරකතනයට කොතෙක් කතා කළත් පිළිතුරු නැත. එය ක්‍රියා විරහිතය.


දැන් හොඳටම දවල් වෙලාය. කචල් මල්ලිට තද බඩගින්නක් දැනෙන්ට විය. තමා උගුලකට හසුවී ඇති බව ඔහුට දැනිණ. ඒ අසල සිටි ආරක්ෂක නිලධාරියාගෙන් පිටකොටුව බස් නැවතුම් පොළට එන පාර අසාගත් කචල් මල්ලි පයින්ම පිටකොටුවට ආවේය. ගමට එනවිට හොඳටම රෑ බෝවෙලාය. සුපුරුදු පරිදි කසිප්පු පොළට ගිය ඔහු වෙනදා මෙන්ම බීගෙන ආවේ අයියාගේ දියණියගේ උත්සවයට පැමිණෙන පිරිසට ලැජ්ජා කරන්නට සිතාගෙනය. එහෙත් ඒ වනවිට උත්සවයේ සියලු‍ කටයුතු ඉතා හොඳින් අවසන්ව තිබිණ.



අදහස් (2)

අයියගෙ දුවගේ මඟුල බේරාගන්න කචල් මල්ලීට ලණුවක් අඹරලා

fairoos Sunday, 22 November 2020 08:10 AM

මෙක දෙවැනි වර පලවීමක්...

:       0       22

විහඟ Monday, 23 November 2020 04:49 AM

මේක කලිනුත් ගියා... අළුත් කතා ටිකක් දාන්න පුළුුවන් නම් හොඳයි...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site