IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනියම් බ්රිඳට යුතුකම ඉටු කරන්න ගිහින් රැයක් පුරා ළිඳක් ඇතුළේ

රැයක් ගතකිරීමට තම නිවසට පැමිණෙන ලෙස අනියම් බිරිඳගෙන් ලැබුණු ඇරැයුමක් අනුව පසුගිය දිනක එහි යන අතර ඒ අසල අලුතින් කපමින් තිබූ ළිඳකට ඇදවැටුණ අනියම් සැමියාට පසු දින පහන්වන තුරු එම ළිඳ තුළටම වී ඉන්නට සිදුවූ පුවතක් හිරියාල ප්‍රදේශයේ එක්තරා ගමකින් වාර්තා වේ.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


‘‘වයස අවුරුදු තිස් පහක් පමණ වන ඇය වසර හයකට පමණ කලින් සැමියා මියගිය එක් දරු මවකි. තම දරුවා සමග නිවසෙහි තනිව සිටි ඇය, අල්ලපු ගමේ, වයස අවුරුදු හතළිහක් පමණ වන විවාහකයකු සමග අනියම් හාදකමක් ඇතිකරගත්තාය.


මෙය රහසක් ලෙස තබාගැනීමටද ඇය වගබලා ගත්තාය.


මාස කීපයක් ගත වූ නමුත් ඇයට ඔහු සමග හරිහැටි කතාබස් කරන්නට වත් ඉඩක් නොලැබීම නිසා බොහෝ දුර කල්පනාකොට සිය නිවසෙහි රැයක් ගත කරන්නට පැමිණෙන ලෙස ඔහුට ඇරයුම් කළාය.


ඒ අනුව ඔහු පසුගිය දිනෙක තම විවාහක බිරිඳට හා නිවසෙහි සෙසු අයට දුර ගමනක් යන බව පවසා පිටත් වී ඇත.


හොර ගමන යා යුතු නිවසට කිලෝ මීටරයක් පමණ යායුතු වූ නමුත් කිසි දිනක එම නිවසට ගොස් නොමැති ඔහු එහි යන්නට අදහස් කළේ ඇගෙන් ලැබුණු මාර්ග විස්තරය අනුවය.


එහෙත් ඔහුට පාර වැරැදී වෙනත් නිවසකට රිංගන්නට සූදානම් වෙද්දී, එම නිවසෙහි පසුපස ගෙවත්තේ අලුතින් කපා බඳින්නට ඔන්න මෙන්න කියා තිබූ ළිඳකට ඇදගෙන වැටිණි.


බරපතළ තුවාලයක් නොවී ඔහු බේරුණේ අනූනවයෙනි. එහෙත් තමන් ආවේ හොර ගමනක් නිසාත් ගොඩට එන්නට මගන් නොවූ නිසාත් පසුදින එළිවන තුරු නිහඬව සිටින්නට ඔහුට සිදුවිය.


පසුදින උදේම ළිඳ බඳින අදහසින් පැමිණි මේසන් බාස්වරුන්ට ළිඳ තුළ අමුත්තකු සිටීම ප්‍රහේළිකාවක් විය.


ළිඳ පිහිටි නිවස හිමිකරු ඔහු හොඳින් දන්නා හඳුනන අයකු නිසා කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයට පත්විය.


මේ අතර ‘මිනිහෙක් ළිඳට වැටිලා’’ යන ආරංචිය පැතිර යාමක් සමග අසල්වාසිහු රැස්ව ඔහු ගොඩට ගත්හ.


එතැනින් කෙසේ හෝ මාරු වූ නමුත්, ඔහු තම නිවසට යන තෙක්, ඔහුගේ විවාහක බිරිඳ බලා සිටි බව දැනගන්නට ඇත.

(හිරියාල රත්නසිරි හෙට්ටිගේ)



අදහස් (0)

අනියම් බ්රිඳට යුතුකම ඉටු කරන්න ගිහින් රැයක් පුරා ළිඳක් ඇතුළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 140 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 760 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site