IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


අතුරුදන් දියණිය රිළවකුත් එක්ක වගා ළිඳෙන් ගොඩට

අතුරුදන්ව සිටි තරුණියක රිළවෙකුත් සමග වගා ළිඳකින් මතුවීමේ සිද්ධියක් ගල්ගමුව පොලීසියෙන් දැන ගැනීමට ලැබිණ.


පොලිසිය කී පරිදි තරුණිය සරසවි ශිෂ්‍යාවකි. නිවාඩු දිනක නිවසට පැමිණි ඇයට පියා කාර්යයක් බාර දී තිබේ. ඒ ගොයමට යෙදීමට පොහොර ටිකක් මිලදී ගෙන එන ලෙසය. පියාගේ ගොවිතැන් කටයුතුවලට උදව් කිරීමට නොපැකිලෙන දියණිය ද පියා දුන් මුදල් ද රැගෙන යතුරු පැදියේ නැගී කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳ සලකට ගියාය.


​ෙවළෙඳ සලට ගොස් ආපසු පැමිණීමට යන වේලාව  බොහෝ සෙයින් පමා වූ නිසා පියා දියණියට දුරකථන ඇමතුමක් ගෙන තිබේ. දුරකථනය නාද වුවද දියණිය ප්‍රතිචාර දක්වා නැත. දිගින් දිගටම ඇමතුම් ගත්තද ප්‍රතිඵලය එයම වූ බැවින් කලබලයට පත් පියා දියණිය වෙළෙඳ සලට ගිය මාර්ගය ඔස්සේ සොයා ගොස් ඇත. එහෙත් ඇය ගැන හෝඩුවාවක් නොලැබුණි.


මින් තව තවත් කලබලයට හා පසුතැවිල්ලට පත් පියා අවසානයේ ගල්ගමුව පොලිස් ස්ථානයට ගොස් දියණියගේ අතුරුදන්වීම ගැන පැමිණිල්ලක් කළේය. ආපසු නිවසට පැමිණි මේ පියා නිකමට මෙන් සිය කුඹුරට ගොස් තිබේ.


දියණිය රැගෙන ගිය යතුරු පැදියක් පොහොර උරයක් කුඹුර අසල  පාරේ නතර කොට  තිබුණ ද දියණිය නැත. පියා කුඹුරේ මඳ දුරක් යන විට වගා ළිඳ දෙසින් ශබ්දයක් ඇසී ඇත. එහි ගොස් වගා ළිඳට එබී බලන විට වතුරේ පාවෙමින් දඟලන රිළවකු ඔහුට දකින්නට ලැබී ඇත. තවත් විපරම් කොට බලන විට වගා ළිඳේ ඉවුරේ වූ ගලක එල්ලී සිටින දියණියද දැක ගැනීමට ලැබී තිබේ.


පියා කුඹුරේ සිටිතැයි සිතා පොහොරත් රැගෙන තමා කුඹුරට ගිය බවත් ඒ යන විට වගා ළිඳ දෙසින් ශබ්දයක් ඇසී එහි ගොස් බලනවිට රිළවකු වගා ළිඳට වැටී ගොඩට ඒමට නොහැකිව දඟලන බව දුටු බවත් රිළවා ළිඳෙන් ගොඩ ගැනීමට ලී දඬුවක් ගෙන උත්සාහ කරද්දී තමා ද ළිඳට වැටුණ බවත් ගලක එල්ලී ජීවිතය බේරා ගත් බවත් ඇය පියා ඇතුළු තමන් ගොඩට ගත් පිරිසට පසුව පවසා තිබේ.


පැමිණිල්ල විමර්ශන  කිරීමට පොලිසිය එහි යද්දී අතුරුදන් වූ තරුණිය ළිඳෙන් මතුව ගොඩට විත් සිටි බවත් ඇය පමණක් නොව රිළවෙකුද ඇගේ අතුරුදන්වීමෙන් ජීවිතය ගලවා ගෙන ඇති බවත් පොලිසිය කීය.

(ගල්ගමුව නිහාල් ජයවීර)

 



අදහස් (5)

අතුරුදන් දියණිය රිළවකුත් එක්ක වගා ළිඳෙන් ගොඩට

Pradeep Saturday, 29 February 2020 02:33 AM

අන්න කෙල්ලෝ.. කාර්යශූර බව සහ තවකෙකුගේ දුක වේදනාව වටහා ගැනීමට හැකි අයෙකු වීම. අද කාලයේ දකින්නට අඩු චරිතයක්...

:       0       605

AkilaSunday, 01 March 2020 08:41 AM

නමුත් ප්‍ර‍ායෝගික දැනුම නැහැ. එ්කනේ එයත් ලිඳට වැටිලා තියෙන්නේ...

:       47       102

sampath Saturday, 29 February 2020 11:21 AM

උනන්දුව හොඳයි ප්‍රවේශමෙන් සහ දන්නා කියන අයෙකුගේ සහයෙන් තව පොඩ්ඩෙන් සාක්ෂි නැති මරණයක් සහ නිරපරාදේ කවුරු හරි සැකපිට අවුරුදු ගණනක් හිරේ විලංගුවේ මෙවැනි දේ කරද්දී කාගේ හෝ අාධාර උපකාරයක් ලබාගන්න සරසවි ගියාට ප්‍රායෝගික දැනුම නැහැ..

:       17       144

hema Wednesday, 04 March 2020 06:58 AM

විශ්ව විද්‍යාල දරුවෙක් නේ... ඒ අය මොලෙන් හිතන්නේ ලොකු දේවල් ගැනනේ...

:       1       18

kusal Wednesday, 04 March 2020 12:24 PM

රිලව් නිසා මේ කෙල්ලන්ට සිද්ද වෙන දේවල්..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 95 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site