lankadeepa.lk

සිහින බිඳ දැමූ රැයේ අරලියගහ මැඳුරේ විත්ති

2018 අගෝස්තු මස 05 පෙ.ව. 12:10

0     1664

අරලියගහ මැදුරේ සිටි සිය ගණනක් පිරිස ඉතා කාර්යක්ෂමව හා යුහුසුලුව ක්‍රියාත්මක වූයේ ඡන්දය ගණනය කරන මධ්‍යස්ථානවලින්ම නිල නොවන ඡන්ද ප්‍රතිඵල එක්රැස් කිරීමේ යාන්ත්‍රණය ඇරඹීම වෙනුවෙනි. මේ අතර රාත්‍රී 10.30 ට පමණ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මෙම ස්ථානයට පැමිණියේය. ඒ අනුව එතුමා ඒ වන විට ලැබෙමින් පැවති තැපැල් ඡන්ද ප්‍රතිඵල පිළිබඳ ලැබී ඇති තොරතුරු වෙත අවධානය යොමු කළේය. එලෙස ලැබී තිබූ තැපැල් ඡන්ද ගණනය කිරීම් මධ්‍යස්ථානවලින් ලද තොරතුරුවලට අනුව ඉතා ළඟ සටනක් විද


lankadeepa.lk

කොටුව බෝගහ මුලින් ඇරැඹුණු ජූලි විප්ලවය

2018 අගෝස්තු මස 01 පෙ.ව. 12:10

0     613

අප්‍රේල් කැරැල්ලේ 16 වැනි සමරුව නිමිත්තෙන් වසර 1987 අප්‍රේල් 5 රෝහණ විජේවීරගේ හඬ පටයක් නිකුත් විය. එහි සඳහන් වූයේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් ඇති වී ඇති බවත් ඊළඟ අරගලය ඇතිවෙන්නේ ශ්‍රී ලංකාවෙන් බවය. ශ්‍රී ලංකාව දැන් විප්ලවයෙන් ගැබ්බරව සිටින බව එමගින් කියා සිටි විජේවීර වැඩිදුරටත් අවධාරණය කළේ දැන් අපි එළඹ සිටින්නේ අරගලයේ එකොළොස් වන පැයට බවය. ජවිපෙ 2 වැනි කැරැල්ල 1986 ආරම්භ වූවද එය බෞතිස්ම කරනු ලැබුවේ 1987 ජූලි 28 කොටුව බෝගහ අසලින් ආරම්භ වූ උද්ඝෝ


lankadeepa.lk

සගයන් මරා දැමූවද පරාජය කළ නොහැකිය

2018 අගෝස්තු මස 01 පෙ.ව. 12:01

1     492

අශ්විනි ඉරේෂා පොල්ගම්පොල - කෑගල්ල ගලිගමුව: 86/87 ව්‍යවහාරික විද්‍යා පීඨය (පේරාදෙණියේ වෛද්‍ය පීඨයේ චම්පා සෝමරත්න සමග කටයුතු කළ කොළඹ දිස්ත්‍රික් ශිෂ්‍ය නායිකාවකි. ඝාතනයට ලක්වූයේ 1980 දෙසැම්බර් 30 මොරටුව සරසවිය අසල දී පැහැරගෙන යෑමෙන් අනතුරුවය. ඇය ඝාතනයට පෙර විවිධ අතවරයන්ටද මුහුණ දුන්නාය. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අශ්විනී කුඩා කාලයේදීම පියා සහ මව වෙන්වී සිටි අතර කෑගල්ලේ කැන්ඩි ෂොපින් සෙන්ටර් නම් වෙළෙඳසැල හිමි මාමා යටතේ ඇය හැදී වැඩු


lankadeepa.lk

චන්ද්‍රිකාට අනතුරු ඇඟවීමක්

2018 ජුලි මස 30 පෙ.ව. 12:10

0     508

රාත්‍රි 10.00ට පමණ වන විට මැතිවරණ කොමසාරිස්වරයා චම්පානිගෙන් විමසා සිටියේ ‘අයියේ හංසයට ද ඡන්දය දුන්නේ’ යනුවෙනි. ඊට චම්පානිගේ පිළිතුර සෘජු හා කෙටිය ‘මම මගේ පක්ෂයේ ඉන්නෙ’ කෙසේ වෙතත් ඊට දින දෙක තුනක සිටම මැතිවරණ කොමසාරිස් චම්පානි මුණගැසුණු විට අසා සිටියේ ‘අයියෙ ලොක්කව හම්බවුණේ නැද්ද? යනුවෙනි. ඉන් ගම්‍යමාන වූ ලොක්කා මහින්ද රාජපක්ෂ නොව මෛත්‍රීපාල සිරිසේනය. මේ අතර මැතිවරණ කාර්යාලයට ලැබෙන නවතම තොරතුරු හා ප්‍රතිඵල චම්පානි විසින් ශෂිමාල්ට ලබා දුන්නේය. ඒ වන


lankadeepa.lk

සරසවි සිසුන් හඹා ආ ධවල භීෂණය

2018 ජුලි මස 25 පෙ.ව. 12:10

0     590

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේදී 86/90 භීෂණ සමයේදී ඝාතනයට ලක්වූ සිසුන් අතර පහත අය ද වේ. ඒ. එච්. එම්. මුදියන්සේ - නිකවැරටිය 83/84 කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨය. (1989 සැප්තැම්බර් 18 පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය), බටුහේව


lankadeepa.lk

චතුරට මැකෝගෙන් අණක්

2018 ජුලි මස 23 පෙ.ව. 12:10

0     1131

ලක්ෂිත යෝජනා කළේ සියලු දෙනාම එක තැනක සිටිමු යන්නය. අනුරුද්ධ, පරණවිතාන ද ඊට අනුකූල බව පෙනී ගියේය. එහෙත් මගේ මනස ක්‍රියා කරන්නේ වෙනස් ආකාරයකටය.


lankadeepa.lk

ලෙයින් තෙත්වූ සරසවි බිමේ අඳුරු මතකයෙන්

2018 ජුලි මස 18 පෙ.ව. 12:25

0     553

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ අතීතය 1873 දක්වා දිවේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් එය ආරම්භ වූයේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ලෙසිනි. විද්‍යෝදය පිරිවෙන විද්‍යෝදය විශ්වවිද්‍යාලය බවට පත්වූයේ 1958 පාර්ලිමේන්තු පනතක් මගින් 1959 පෙබරවාරි 18 වැනිදාය.


lankadeepa.lk

ලොවම මෙරට දෙස බලා සිටි මොහොත

2018 ජුලි මස 15 පෙ.ව. 12:25

0     679

සතියකට පමණ පෙර පොදු අපේක්‍ෂක ප්‍රධාන කාර්යාලයේ පිරිසක් යාපනයේ සංචාරයක නිරතවූ අතර එහිදී ඔවුහූ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් පැවැත්වූ ප්‍රචාරක රැස්වීම් ගණනාවකට ද සහභාගී වූහ. යළිත් කොළඹට පැමිණි එම පිරිසගේ ඇගැයීම වූයේ උතුරේ ඡන්ද භාවිතය 60-61% ක් විය හැකි බවයි. යම් ආකාරයකින් ආණ්ඩුව කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරත වුවහොත් එය තවදුරටත් පහළ බැසිය හැකි බව ශිරාල් අපට කීවේය. ඒ අනුව ඔහු අපගෙන් ඉල්ලා සිටියේ උතුරේ මෙවැනි අනපේක්‍ෂිත අවදානමක් ඇතිවුවහොත් අපගේ ගණනය කිරීමට


lankadeepa.lk

“ඩුප්ලිකේට්” සිරිසේන මතුවෙයි

2018 ජුලි මස 09 පෙ.ව. 12:10

0     1203

විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථානයට යන අතරතුර රූපවාහිනී කැමරා ඉදිරියේ එතුමා සිනාමුසු මුහුණින් සැරසී සිටීමට මහත් ආයාසයක් දැරුවද 2005 ජනාධිපතිවරණ දින මෙන්ම නැවත 2010 ජනවාරි 26 දින එතුමා ඡන්දය භාවිත කිරීමට පැමිණි අවස්ථාවේදී දැකගත හැකි අව්‍යාජ වූ විශ්වසනීය සිනාමුසු මුහුණ එදින එතුමා තුළින් දිස් නොවීය. ඡන්දය භාවිත කිරීමෙන් පසු එතුමා නැවත කොළඹ පැමිණියේය. උදාවන රාත්‍රියේ ප්‍රකාශ වීමට නියමිත ඡ


lankadeepa.lk

ජ.වි.පෙ.ට එරෙහි “තුන් වැනි සතුරු

2018 ජුලි මස 04 පෙ.ව. 12:25

0     1418

හැත්තෑව දශකයේ අග භාගය වනවිට උතුරේ දෙමළ බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් වර්ධනය වෙමින් පැවතිණි. තංගදුරෙයි. කුට්ටමනී සහ ශ්‍රී සභාරත්නම්ගේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ), පද්මනාභ ගේ ඊළාම් ජනතා විප්ලවීය විමුක්ති පෙරමුණ (ඊ.පී.ආර්.එල්.එෆ්), ප්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ), බාලකුමාර්ගේ ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානය (ඊරෝස්) මේ කණ්ඩායම් විය. අසූව දශකය මුල් භාගයේදී එයට උමා මහේෂ්වරන් ගේ දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය (ප්ලොට


lankadeepa.lk

මැකෝ දුන් නියෝග

2018 ජුලි මස 01 පෙ.ව. 12:10

0     434

ජනවාරි 6 වැනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පන්සල් හා දේවාල ගණනාවකටම ගියේය. එතුමා ජනාධිපතිවරයා වශයෙන් අවසන් වරට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේ ජනවාරි 6 වැනිදාය. ඉන් පසුව රත්නපුර සමන් දේවාලයට පැමිණ තම දුක්ගැනවිලි සමන් දෙවියන් හමුවේ කියූ බවටද දේවාල තොරතුරු අනාවරණය කළේය.


lankadeepa.lk

ජවිපෙට එරෙහිව ගිය විජේවීරගේ භාෂා පරිවර්තක

2018 ජුනි මස 22 පෙ.ව. 12:10

0     830

ප්‍රේමදාස ආනන්ද ජයසිංහ නඩුවේ 27 වැනි විත්තිකරු ය. ආනන්ද හෙවත් සුදු මල්ලි ලෙස ද හැඳින්විණ. වව්නියාව මඩුපල්ලියේ පදිංචිය. ජවිපෙට එක්වූයේ 1978 දීය. පසුව 1984 දී නව ප්‍රවණතාවට එක්විය. ජවිපෙ නව ප්‍රවණතාව සහ ප්ලොට් සමග වව්නියාවේ සාකච්ඡාවට සහභාගි විය. දෙදරු පියෙකි. අයි. සිරිපාල නඩුවේ 30 වැනි විත්තිකරුය. දෙහිවල උපන්නෙකි. ජවිපෙ තැපැල් සේවක සංගමයේ හිටපු නායකයෙකි. වර්තමානයේ නීතිඥවරයෙකි. තිදරු පියෙකි. ගම්පහ පදිංචිය.


lankadeepa.lk

යුක්තිය උදෙසා දිවිදුන් සිසු විරුවන්ගේ පුරාණය

2018 ජුනි මස 20 පෙ.ව. 12:10

1     728

ජාතික ශිෂ්‍ය වීර දින සැමරුම යෙදී ඇත්තේ සෑම වසරකම ජුනි 20 වැනිදාය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන පරිදි මෙය ජීවිතය අරගලයක් බවට පත්කරගත් සිසු පරපුරක අත්දැකීම් වර්තමානය කැඳවීමකි. අධ්‍යාපනය යනු වරප්‍රසාදයක් නොව අයිතියක් බව අවධාරණය කළ ඔවුහු දෑසින් පමණක් නොව නුවණැසින්ද ලෝකය දෙස බලන්නට රටට පෙර මඟ පෙන්වූහ. එහිදී ඇති වූ ඇතැම් සිද්ධීන් සාධනීය මෙන්ම නිශේධනය විය හැකි නමුදු ඔවුහු පුරවැසියනට අසීමිතව ප්‍රේම කළහ.


lankadeepa.lk

චන්ද්‍රිකාගේ “ මිස්ටර් ප්‍රභාකරන් ”

2018 ජුනි මස 18 පෙ.ව. 12:10

1     613

නිල වශයෙන් ඉංග්‍රීසි බසින් ලියැවෙන ලියුමක ආරම්භක ආමන්ත්‍රණයේ දී අදාළ පුද්ගලයාට ‘ඩියර්’ හෝ ‘මිස්ටර්’ වශයෙන් යෙදීම ලෝක සම්මතයයි. එවන් සන්දර්භයක චන්ද්‍රිකා මැතිනිය මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාද ඉංග්‍රීසි බසින් කරනු ලබන සන්නිවේදනයකදී මිස්ටර් ප්‍රභාක


lankadeepa.lk

අනුර කුමාරගේ දුක් ගැනවිල්ල

2018 ජුනි මස 05 පෙ.ව. 12:45

0     785

විශේෂයෙන්ම 2010 ජනවාරියේද නන්දිමිත්‍ර ඒකනායක මහතා පක්‍ෂ මාරුවකට මුල පිරීය. ඒ අනුව ඔහු එම වසරේ ජනවාරි පළමු සතියේදී කොළඹ නිපොන් හෝටලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එ.ජා.පයේ සිට නැවත ශ්‍රී.ල.නි.පයට පැමිණ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සහයෝගය පළ කළේය. 1989 මහ මැතිවරණයෙන් මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා 2001 සැප්තැම්බරයේදී ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන ඇතුළු 14 දෙනකු සමඟ එ.ජා.ප.යට සම්බන්ධ විය. මේ අතර රත්නපුර දිස්ත්‍රි


lankadeepa.lk

ජවිපෙට එරෙහිව රළ ගැසූ “ නව ප්‍රවණතාව ”

2018 මැයි මස 30 පෙ.ව. 02:00

0     843

ජනතා විමුක්ති පෙරමුණේ 1983 ජූලි තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාව බිහිවන්නේ ද ඓතිහාසික අවශ්‍යතාවයන් අනුව බව ජවිපෙ නව ප්‍රවණතාව සිය ප්‍රථම ක්‍රියාකාරි හමුවේදී ප්‍රකාශ කර තිබිණි. ජවිපෙ නව ප්‍රවණතාව ද පන්ති සහයෝගිතාව වෙනුවට පන්ති අරගලයත් සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවට සමාජ විප්ලවයත් සිය ආරම්භයේ සිටම තෝරාගත් මඟ බව කියා සිටියහ.


lankadeepa.lk

ඡන්ද සටනේ කොටි සබඳතා

2018 මැයි මස 22 පෙ.ව. 12:20

0     804

රටේ සෑම ලයිට් කණුවක් මතම මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෝස්ටරයක් හෝ කටවුට් එකක් අනිවාර්යයෙන්ම ගැසීම පිළිබඳ ගෙතුණු රසකතාද ඇත. එනම් එක් ප්‍රදේශයකට යවා ඇති පෝස්ටර් හා කටවුට් ප්‍රමාණය එම ප්‍රදේශයේ ලයිට් කණු හා ටෙලිෆෝන් කණුවලට වඩා වැඩිය. ඒ අනුව බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ලැබී ඇති නියෝගය වී ඇත්තේ පෝස්ටර් හා කටවුට් ප්‍රමාණයට සරිලන පරිදි ලයිට් කණු අලුතින් සිටුවන ලෙසයි.


lankadeepa.lk

මහින්දගේ කඳවුරෙන් “එතොත් වරෙන් යතොත් පලයන්” ප්‍රතිපත්තිය

2018 මැයි මස 13 පෙ.ව. 12:31

1     1001

දෙසැම්බර් මස අවසන් වන විට එකවිට ප්‍රශ්න ගණනාවකට මුහුණදීමට අපට සිදුවිය. ඒ අතර ප්‍රචාරක යාන්ත්‍රණ ක්‍රියාවලියේ අවසන් භාගයේදී වඩා වැඩි තීව්‍රතාවකින් ප්‍රචාරක කටයුතු කිරීම සඳහා අවශ්‍ය මුදල් හිඟකමයි. එ.ජා.ප.ය දෙසින් මෙම වගකීම පැවරී තිබුණේ එරාන් වික්‍රමරත්න මහතා වෙතය. ඔහු මුහුණ දී තිබූ උභතෝකෝටිකය පිළිබඳ කතා කිරීමට එ.ජා.ප.ය තුළද කිසිවකු නොමැති බව මට ඉවෙන් මෙන් වැටහී ගියේය. ඊට පෙර තැපැල් ඡන්දය ආශ්‍රිතව රජයේ සේවකයන්හට ලියූ පත්‍රිකාව තැපැල් කිරීම සඳහා ඉදිර


lankadeepa.lk

ජීවිත දෙකක් බිලිගත් තහනම් මැයි දින සැමරුම

2018 මැයි මස 09 පෙ.ව. 12:54

0     635

ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදු වූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927 දී බව ලංකා කම්කරු සංගමයේ ඊ. ඒ. ගුණසිංහ පවසයි. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැලිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භ වී වික්ටෝ


lankadeepa.lk

දයාසිරිගේ ඉල්ලුම

2018 මැයි මස 05 පෙ.ව. 12:25

0     1024

ශිරාල් මට ලබාදුන් උපදෙස් වූයේ මෛත්‍රී ඇමතිතුමාගේ නිසැක ජයග්‍රහණය පිළිබඳ අප තුළ තිබෙන විශ්වාසය වැනි විශ්වාසයක් දයාසිරි සතුව නොමැති බැවින් ඕනෑම කෙටි දැනුම්දීමකින් ඔහු රැඳී සිටින කොල්ලුපිටියේ යම් ස්ථානයකට පැමිණීමට සූදානමින් සිටින ලෙසටය. එමඟින් ශිරාල්ට අවශ්‍ය වූයේ මෛත්‍රී ඇමතිතුමාගේ ජයග්‍රහණය පිළිබඳ අපගේ විග්‍රහය තුළින් දයාසිරි තවදුරටත් අභිප්‍රේරණය කරවීමය. කෙසේ වෙතත් 2014 දෙසැම්බර් 31 දින රාත්‍රිය පුරාම විජේරාම නිවසේ සිට ශිරාල්, පරණවිතාන හා මම ජනවාර


lankadeepa.lk

මහින්දට එරෙහිව අලුත් ප්‍රහාරයක්

2018 අප්‍රේල් මස 28 පෙ.ව. 02:00

0     1807

පොදු අපේක්ෂකයා පරදින්නේ සිංහල බෞද්ධ ඡන්ද සංඛ්‍යාව 38% ක් වුවහොත් පමණි. රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන් ඊට පෙර පළාත් සභා ඡන්ද විමසීම් මාලාවේදීම එජාප ඡන්ද ප්‍රතිශතය 35% කි. දැන් ජනාධිපතිවරණයේදී ජවිපෙ, හෙළ උරුමය, සිංහල බෞද්ධ මධ්‍යම පන්තිය, වෘත්තිකයන්, නව තරුණ පරපුර සමග සියලු සමාජ කණ්ඩායම් පොදු අපේක්ෂකයා සමගය. පොදු අපේක්ෂකයා සිංහල බෞද්ධ ඡන්දයෙන් 40% ඍණ තැනකට වැටෙනු ඇත්තේ හම්බන්තොට හා මාතර දී පමණි.


lankadeepa.lk

කැරැල්ලේ නායකයෝ සීසීකඩ වෙති

2018 අප්‍රේල් මස 25 පෙ.ව. 02:01

0     917

28 වැනි විත්තිකරු වූ ඇලඩින් සුබසිංහ හෙවත් සුදු හකුරු ඇලඩින් නිදහසින් පසු නීතිපති දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ අතර වර්තමානයේ බලපිටිය සහ ඇල්පිටිය යන උසාවිවල සේවය කරන නීතිඥයෙකි. ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු හෙවත් කළු ලකී 29 වැනි විත්තිකරු වූ අතර කෝට්ටේ කණ්ඩායමේ නායකයෙකු විය. 1965 විජේවීර මුණගැසීමෙන් පසු ජවිපෙ සමගින් එක් වූ ඔහු අප්‍රේල් 5 කොළඹ පොලිසිවලට පහරදීමට තිබූ ප්‍රහාරය අසාර්ථකවීමෙන් පසු බැ


lankadeepa.lk

‘අලුත් පරපුරට’ මැර ප්‍රහාරයක්

2018 අප්‍රේල් මස 21 ප.ව. 09:00

1     607

තරුණ කලාකරුවන්ගේ අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පිරිසක් කුරුණෑගල ප්‍රදේශයට පිටත්ව ගියේ එම දිස්ත්‍රික්කය මෛත්‍රී ඇමතිතුමාට අවාසිදායක දිස්ත්‍රික්කයක් ලෙස අප හඳුනාගෙන තිබුණ හෙයිනි. දෙසැම්බර් 29 වැනිදා දහවල් මෙම පිරිස කුරුණෑගල කුඹුක්ගැටේ මංසන්ධියේදී ‘මුලාවෙන් මිදෙමු’ නමින් සංගීත සංදර්ශනයක් පවත්වමින් සිටියදී වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික හා නිල් බළකායේ ටී-ෂර්ට් ඇඳගත් පිරිසක් විසින් ඔවුන්ට පහරදෙන ලදී.


lankadeepa.lk

මහින්දගේ ඡන්ද මැෂිම

2018 අප්‍රේල් මස 16 පෙ.ව. 02:00

0     1075

තැපැල් ඡන්දයේ පළමු දිනය වූ ජනවාරි 23 වැනිදාට පෙර දින රජයේ ඉහළම නිලධාරියකු තම මෝටර් රථයෙන් නිවස බලා යන අතරතුර අමාත්‍ය ආරක්ෂක අංශයෙන් තමන් වෙත අනුයුක්තව සිටි ආරක්ෂක නිලධාරියෙකු හා සංවාදයේ යෙදුණේය.


lankadeepa.lk

මහින්දට එරෙහිව බටහිර කුමන්ත්‍රණ

2018 අප්‍රේල් මස 10 පෙ.ව. 02:00

0     848

දෙසැම්බර් 18 වැනිදා උදෑසන දිනපතා පුවත්පත් අතටගත් පාඨකයෝ නිමේෂයකට වික්ෂිප්ත වූහ. එදින සියලු පුවත්පත්වලට මුල්පිටුව 2015 දෙසැම්බර් 18 දිනැති පුවත් සහිත මුල් පිටුවක් නොවේ. එහි තිබුණේ 2009 මැයි 18 වැනිදා ඒ ඒ පුවත්පත් පළකර තිබූ මුල් පිටුව එපරිද්දෙන්මය. සමහරවිට පුවත්පත් පිළිබඳ ලෝක ඉතිහාසය තුළම මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව එය විය හැක. සිංහල බෞද්ධ ජනතාවගේ සිත් සතන් තුළට යුද්ධයේ නටබුන් මතක සටහන් සියල්ල තොග පිටින් විකුණා දැමීම සන්ධාන ප්‍රචාරක යාන්ත්‍රණයේ අ


lankadeepa.lk

හිරගෙදරත් මංගල සීනු

2018 අප්‍රේල් මස 07 පෙ.ව. 12:01

0     604

කෝට්ටේගොඩ ගොඩඋඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1959 දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වූ විජේවීර පසුව කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ අනුග්‍රහය මත ශිෂ්‍යත්වයක් ලැබ 1960 සැප්තැම්බර් 25 රුසියාවේ මහජන මිත්‍රත්ව සරසවියට (පසුව ප්‍රැට්රිස් ලුමුම්බා සරසවිය) වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඇතුළු විය.


lankadeepa.lk

මුස්ලිම් පක්ෂ මෛත්‍රී පසුපස

2018 අප්‍රේල් මස 01 පෙ.ව. 02:00

0     689

මහාචාර්යතුමා මට සලකන්නේ දරුවකුට මෙනි. ඒ පිළිබඳ කථා බොහොමයක් ඇත. 2012 වසරේ දිනක මම එතුමාට යෝජනාවක් ගෙනඑමින් එතුමාගේ ජීවිත කථාව හෙවත් ‘බයෝග්‍රෆි’ එක ලිවීමට මට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටියෙමි. එවිට මහාචාර්යතුමා එකවරම කියා සිටියේ ‘පුතා මම වයසට ගියත් මගෙන් තාම පන්සිල් පද පහ කැඩෙනව. පන්සිල් පද පහම තවමත් කඩන මගේ ජීවිත කථාව ලියල ඉඳා කියවපල්ලා, හැදියල්ලා කියල සමාජයට පොතක් දාන්න ඕන නෑ කියන එකයි මගේ මතය’ යනුවෙන් එතුමා මගේ යෝජනාව බැහැර කළේය.


lankadeepa.lk

කැරලිකරුවන්ගේ වත ගොත

2018 මාර්තු මස 31 පෙ.ව. 02:00

0     1477

වඩුගේ මිත්‍රසිරි සුනන්ද දේශප්‍රිය හෙවත් අශෝක 5 වැනි විත්තිකරු වූ අතර අම්බලන්ගොඩ පදිංචිකරුවෙකි. ධර්මාශෝක ආදි ශිෂ්‍යයෙකි. සිව්දරු පවුලක දෙවැන්නා වූ සුනන්දගේ නැඟණිය කමනිද ජවිපෙ පූර්ණකාලීනයෙකු වූවාය. පියා කෙන්තොට විදුහල්පතිවරයෙක් විය. ජවිපෙ 2 වැනි නායක සනත් හරහා ජවිපෙට එක් වූ සුනන්ද බදුල්ල දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කළේය.


lankadeepa.lk

‘71 අරගලයේ මතක සටහන්

2018 මාර්තු මස 27 පෙ.ව. 12:00

0     921

දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජපනුන් 1941 දී පර්ල් වරායට බෝම්බ හෙළුෑ අතර සිංගප්පූරුව අල්ලා ගනු ලැබීය. ජපන් ගගන යාත්‍රා මගින් කොළඹට සහ ත්‍රිකුණාමලයට බෝම්බ හෙළන ලද්දේ 1941 අප්‍රේල් 05 වැනිදාය. ඉන් හරියටම වසර 30කට පසු රටපුරා පොලිස් ස්ථාන 92කට ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ලබාගැනීම සඳහා පහර දුන්හ. ඒ 1971 අප්‍රේල් 05 වැනිදාය. නිදහසින් පසු සන්නද්ධ අරගලයක් මගින් රාජ්‍ය බලය ලබාගැනීමට දැරූ ප්‍රථම උත්සාහය මෙය විය.


lankadeepa.lk

මහින්දගේ වේදිකාවේ මෛත්‍රීගේ කතා

2018 මාර්තු මස 24 පෙ.ව. 12:00

0     673

මේ අතර 2010 ජනාධිපතිවරණයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී එළිදැක්වුණු දා මෛත්‍රී ඇමතිතුමා විසින් කළ කථාව තුළ ඇතුළත් වූ ජනාධිපතිතුමනි ඔබ රජෙක් යැයි සඳහන් කොටස වෙළෙඳ දැන්වීමක් බවට ආණ්ඩුව විසින් පත්කරගන්නා ලදී. එතැන් සිට සෑම රූපවාහිනී නාළිකාවකම එම දැන්වීම නිතර විකාශනය වූ අතර සමහරවිට ලෝක ඉතිහාසය තුළම ජනාධිපතිවරණයක දී එවැනි වෙළෙඳ දැන්වීමක් මීට පෙර ප්‍රචාරය නොවන්නට ඇත.