IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


නාඳුනන තුවක්කුකරුට බිලි වූ ගවේෂණාත්මක මාධ්‍යවේදියා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන  15

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. වංචා දූෂණවලට එරෙහිව වාර්තා චිත්‍රපටකරණයේ යෙදුණු, අහ්මඞ් හුසේන් -සුආලේ ඩිවේලා ද එවැනි ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකි.


'Tiger Eye' නම් ගවේෂණ ආයතනය සමග එක්ව ආන්දෝලනාත්මක ගවේෂණ රැසක් සිදුකළ ඩිවේලා, ඝානා ජාතිකයෙකි. ඝානා ජාතිකයෙකුම වන ගවේෂණාත්මක මාධ්‍යවේදී ඇනාස් ඇරෙමෙයාව් ඇනාස් සමග මාධ්‍යකරණයේ යෙදුණු සහෘදයා ද වන ඩිවේලා, පසුගිය ජනවාරි මස 16 වැනිදා මිය යන්නේ ඝානාවේ ඇක්‍රා ප්‍රදේශයේ දී එල්ල වූ හඳුනා නොගත් සාහසිකයකුගේ වෙඩි පහරකිනි. ඒ පපු ප්‍රදේශයට වෙඩි පහර දෙකක් ද ගෙල ප්‍රදේශයට එක් වෙඩි පහරක් ද බැගින් එල්ල වී අවුරුදු 31ක් තරම් අඩු වයසක දීය.


කෙසේ වෙතත් ඝානා පාපන්දු සම්මේලනය සිදුකළ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් කළ “Number 12” වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීමට සමත් වූ ඔහු, ඒ හරහා ඊට අදාළ කාර්යාලය පවා ඉවත් කිරීමට සමත් බලපෑම් සහගත චරිතයක් බවට ද පත් වූයේය. බලධාරීන් විසින් එහි සභාපති ක්වේසි න්යන්ටකි පවා එයින් ඉවත් කළේ මේ හේතුවෙනි. ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන ඝානා පාර්ලිමේන්තු සභික කෙනඩි ඇග්යාපොන්ග් පවා ඔහුගේ ප්‍රතිවාදියෙකු බවට පත් වන්නේ මේ හේතුවෙනි. ඒ පිළිබඳ හොඳම සාක්ෂිය හමුවන්නේ තමා විසින් ඩිවේලා පරාජයට පත් කරන බවත්, ඔහු පරාජය කිරීමෙන් අනතුරුව තමාට කුමක් සිදුවුවත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට තමා සූදානමින් සිටින බවත් ඔහු පවසමින්, ඩිවේලාගේ රූපයක් ද නොබියව අදාළ නාළිකාවට මුසු කිරීම තුළයි. එහිදී ප්‍රචණ්ඩකාරීව හැසිරුණු ඇග්යාපොන්ග්ගේ අනෙක් විශේෂත්වය වූයේ, ඔහු ඝානාවේ නව දේශමාමක පක්ෂය යැයි කියාගන්නා වූ පක්ෂයකට අයත් සාමාජිකයෙකු වීමයි. පසුගිය වසරේ මැයි මස 30 වැනිදා “Net 2 TV” නම් ජාතික නාළිකාව තුළ මෙසේ හැසිරුණු ඔහු, ඩිවේලාගේ ඝාතනයෙන් අනතුරුව ද සිය ස්ථාවරයේ පසුවූ අතර එතෙකුදු ඔහුට විරුද්ධව කිසිදු පරීක්ෂණයක් සිදු නොවිණ. එබැවින් “Joy News” නම් රූපවාහිනී නාළිකාවට ඔහු මෙම ඝාතනයෙන් අනතුරුව පවසා සිටියේ ඩිවේලා සම්බන්ධයෙන් එකල තමා ලබා දුන් ප්‍රකාශ ගැන අදත් පසුතැවිලි නොවන බවකි.


මලාවිහි සිදුවූ ශරීර අවයව විකිණීමේ ජාවාරම සම්බන්ධ බීබීසී විමර්ශනයේ දී ද සුවිශේෂී කොටස්කරුවෙකු ලෙස හැසිරුණු ඩිවේලා, මේ හේතුවෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් සිටම මෙලෙස ඝාතන අවදානමට ගොදුරු විණ. ඒ පිළිබඳ ඔහු කඩිනමින් අනාවරණය කළ නමුත් ඔහුට ඉෂ්ට වූ යුක්තියක් නොමැත. අවසන ඔහුට මරණය උරුම වූයේ මේ හේතුවෙනි.

 

 


“Tiger Eye” නම් ගවේෂණ ආයතනය විසින්ම පාර්ලිමේන්තු සභික ඇග්යාපොන්ග්ගේ හැසිරීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ඔවුන් පවසන්නේ ඇග්යාපොන්ග් මෙම ඝාතනය සිදු නොකළ නමුදු ‘1960 ඝානා අපරාධ සහ වෙනත් අපරාධ පනත’ යටතේ ඊට අනුබල දීම යන චෝදනාව මත ඔහුට විරුද්ධව මෙම විමර්ශන සිදුකළ හැකි බවයි. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක ජේම්ස් ඇගල්ගා මහතා ද පැවසුවේ මෙම පනත යටතේ ඇග්යාපොන්ග් අත්අඩංගුවට පවා ගත හැකි බවකි. 
එහෙත් ඇක්‍රා පොලිස් මූලස්ථානයේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන කටයුතු පිළිබඳ සහකාර කොමසාරිස්වරයා පැවසුවේ ඞ්වේලාගේ මරණය ඝාතනයක් ද යන්න පිළිබඳ තවමත් රහස් පරික්ෂකවරුන් විමර්ශන කටයුතු මෙහෙයවන බවකි. කෙසේ නමුත් ඝානා ජනාධිපති නානා අකුෆෝ අද්දෝ මහතා ද එකල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ මේ සම්බන්ධ අපරාධකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ යුතු බවයි. නමුත් ඔහුට මෙතෙක් සිදුවූ සාධාරණයක් නොමැත. ඝාතකයන් අත්අඩංගුවට ගත් බවට ද කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

නාඳුනන තුවක්කුකරුට බිලි වූ ගවේෂණාත්මක මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17136 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site