IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


යුක්තිය ඉල්ලූ මිනිසුන් වෙනුවෙන් දිවිදුන් නිකරගුවාවේ ඇන්ජල් ගහොන

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 17

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් මාධ්‍ය මෙහෙවරේ නිරත වුණු නිකරගුවා ජාතික ඇන්ජල් ගහොනද එවැනි මාධ්‍යවේදියෙකි.


පාදිලිවරයෙකුගේ පුතෙකු වන ගහොන, සිය ජීවිතයේ මුල් භාගය ගත කළේ වෙනසියුලාවය. එහිදී කැමරාකරණය පිළිබඳ හැදෑරූ ඔහු, පසුව නිකරගුවා විශ්වවිද්‍යාලයක් වන .ඹඍ්ක්‍ක්‍්භ. හිදී සමාජ සන්නිවේදනය පිළිබඳ උපාධියක් හැදෑරූ අතර බ්ලූෆීල්ඞ්ස් නගරය වෙත සංක්‍රමණය වන්නේ ඉන් අනතුරුවයි. 


පසුව සිය බිරිය වන වාර්තාකාරිනියක සහ නිවේදිකාවක වන මිගුල්ලියුත් සැන්ඩෝවල් සමග .ෑක ඵැරසාස්බද. නම් මාධ්‍ය ආයතනයට එක්වූ ගහොන, එහි සතියේ දිනවල විකාශය වන .ඵැරසාස්බද ඍ්ාසද භැඅි. ගුවන් විදුලි වැඩසටහන මෙහෙයවූයේ සිය මාධ්‍ය චාරිකාව අරඹමිනි. ඔහු නිකරගුවා හි .ක්‍ය්බබැක 6. නාළිකාවේ තාවකාලික වාර්තාකරුවකු බවට පත්වන්නේ ඉන් පසුවයි. සමාජ ආරක්ෂණ පද්ධතිය ප්‍රතිසංවිධානය කරනුවස් 2018 වසරේ අප්‍රේල් මස 18 වැනිදා උද්ඝෝෂණයක් ආරම්භ වන්නේ මේ අතරතුරයි.


ජනාධිපති ඩැනියෙල් ඔර්ටෙගාගේ හිතුමනාපෙට කටයුතු කරන නිකරගුවා රජයේ සමාජ ආරක්ෂණ ආයතනයට (ෂභී) විරුද්ධව ආරම්භ වූ මෙම රැලිය පෙළපාළිකරුවන් 350කට ආසන්න ප්‍රමාණයකගේ ජීවිත පූජා කරන්නක් බවට පත්වන්නේ මේ අනුවයි. මේ හේතුවෙන් පුද්ගලයන් 1200කට ආසන්න ප්‍රමාණයක්ද තුවාල ලැබුවේ සිය අනාගත සුරක්ෂිතතාව සඳහා තම වැටුපෙන් ඉතා වැඩි ප්‍රතිශතයක් කප්පාදු කර 5%ක් වැනි සොච්චමක් විශ්‍රාම වැටුප ලෙස ලබාදීමට බලධාරීන් කටයුතු කිරීම නිසාවෙනි. විරුද්ධ පාක්ෂිකයන් මෙන්ම වෘත්තිකයන්, ශිෂ්‍යයන්, ජනමාධ්‍යවේදීන් සහ ගොවීන්ද මීට එක්වූයේ මේ හේතුවෙනි. සියලු මාධ්‍ය නාළිකා වාරණය වූ අවස්ථාවක ගහොන විසින් ෆෙස්බුක් ලයිව් හරහා මෙහි මාධ්‍ය ආවරණ කටයුතු සිදුකළේද මේ නිසාවෙනි. එහෙත් රැලියේ සිව්වැනි දින ඔහුට සිදුවූයේ තුවක්කුකරුවකු අතින් මරුමුවට පත්වීමටයි. ඒ අප්‍රේල් මස 21 වැනිදා බ්ලූෆීල්ඞ් උසාවි සංකීර්ණය ආසන්නයේදීය. ඉන් දින දෙකකට පසුව ඔහු දහස් සංඛ්‍යාත මිනිසුන් මැද බ්ලූෆීල්ඞ් නගරයේදී මිහිදන් වන්නේ මේ අනුවයි.

 

 


කෙසේ වෙතත් අදාළ උද්ඝෝෂණය සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයා වන ජුවාන් ගහොන විසින් එකල නිවැරදි විමර්ශනයක් ඉල්ලා සිටි අතර මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ල හේතුවෙන් බලධාරීන් සිදුකළේ මෙහි ඝාතකයන් විය හැකි යැයි සැක කෙරෙන බ්‍රෙන්ඩන් ක්‍රිස්ටෝපර් ලොවෝ ටේලර් (18) සහ ග්ලේන් ඒබ්‍රහම් ස්ලේට් (20) නම් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමයි. නමුත් පසුව හෙළිවූයේ මෙහි ප්‍රධාන සැකකරු පොලිස් නිලධාරි කාලෝස් ඇන්සෙල්මෝ රොඞ්රිගෝස් බවයි. මෙම රැලිය සංවිධානය කිරීමට උපකාර කළ ලෙයිනා ලැකායෝ ඔරිටිස්ද පැවසුවේ මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදුකරන ලද්දක් මිස තරුණයෙකු සතුව තුවක්කුවක් තිබෙනු තමන් කිසිම අවස්ථාවක නොදුටු බවත්, තමා අසල සිටි ගහොනට වෙඩි වැදුණු එම කුරිරු අවස්ථාව විස්තර කිරීමට පවා නොහැකි තරම් අමිහිරි මතකයක් බවත්ය. 


මේ අනුව රාජ්‍යයට කැළලක් ඇති වේ යැයි බියෙන් මෙම නඩුව හා සම්බන්ධ තොරතුරු වසන් කිරීමට සියලු රාජ්‍ය නිලධාරීන් දිගින් දිගටම උත්සාහ දැරූ නමුත් ගහොනගේ පියා පැවසුවේ සිය පුතු ඝාතනයට ලක්වන විට ඒ අවට සිටියේ නිකර්ගුවා පොලිස් නිලධාරීන් පමණක් බවයි. 


මේ හේතුවෙන් ස්වකීය ස්වාමි පුරුෂයාගේ මරණය ගැන යුක්තිය ඉල්ලා දිගින් දිගටම අරගල කළ ගහොනගේ බිරිඳ, ඒ වෙනුවෙන්  ජාත්‍යන්තර අධිකරණයට පවා ගියේ ඔහුගේ මානව හිමිකම් උදෙසා පෙනී  සිටිමින් වැරැදිකරුවන් පීඩනයට පත් කරමිනි.


මේ අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනෙකු පසුව අත්අඩංගුවට ගත් නමුදු චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිලිකරුවන්ගේ සාක්ෂි ප්‍රමාණවත් නොමැති බව පවසා මෙම නඩුව මේ වන විට නවතා තිබෙන්නේ ගහොන වෙනුවෙන් ඉෂ්ට විය යුතු සාධාරණය ජනතාවට භාර කරමිනි.

 

 

 


මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි

 



අදහස් (0)

යුක්තිය ඉල්ලූ මිනිසුන් වෙනුවෙන් දිවිදුන් නිකරගුවාවේ ඇන්ජල් ගහොන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17136 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site