IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


මත්ජාවාරම්කරුවන්ට ගොදුරු වූ මෙක්සිකෝවේ අභීත මාධ්‍යවේදියා මරියෝ ලියොනොල්

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 14

හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු මරියෝ ලියොනොල් ගෝමස් හට වෙඩි තබන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබූ අයුරු.

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බැවිනි. නිර්භීතව වංචා දූෂණ හෙළිදරව් කළ, එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමටද එරෙහිව සටන් කළ මරියෝ ලියොනොල් ගෝමස්ද එවැනි සහෘදයෙකි.


හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වැනිදා මෙක්සිකෝවේ චියාපස්හිදී ඝාතනයට ලක් කළ ගෝමස්, වසර අටක් පුරා :ෑක ්‍යැර්කාද ාැ ක්‍යස්ච්ි (නම් ජනප්‍රිය මෙක්සිකානු පුවත්පතේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය වාර්තා කිරීම සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාකරණයක යෙදුණු මාධ්‍යවේදියෙකි.  
ෆෙඩරල් කොංග්‍රස් මන්ත්‍රීවරයෙකු වන ලියොනාර්ඩෝ රෆායෙල් ගුයිරාඕ සිදු කළා යැයි සැක කෙරෙන දූෂණයක් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමෙන් 2016 වසරේදී පළමු වතාවට මරණ තර්ජනවලට ගොදුරු වන ඔහු, ඒ පිළිබඳ එකල ප්‍රකාශ කළේ රෆායෙල්ගේ රියදුරු හෙවත් ‘එල් ෆ්‍රැන්කොටිරාඩෝර්‘ (ඔයැ ීබසචැර) විසින් තමාගේ හිස කුඩු පට්ටම් කරන බවට ප්‍රසිද්ධියේම ෆේස්බුක් ගිණුමක සටහනක් තැබූ බවයි. එය සනාථ කරමින් පසුදා ඔහු වටා ගැවසුණු හඳුනා නොගත් කණ්ඩායමක් සැරිසැරුවේ ඔහුට තර්ජනය කරමිනි. සත් දෙනෙකුගෙන් යුත් එම කල්ලියේ එවර සැලැසුම වී තිබුණේ ගෝමස් පැහැරගෙන යාමයි. 


එම වසරේදීම නැවතත් ඔහුට මරණ තර්ජනයකට මුහුණ පෑමට සිදුවූ අතර ගෝමස්ගේ සහෝදරිය වූ නැන්සි ගෝමස් ඒ පිළිබඳ විදෙස් මාධ්‍යයට පැවසුවේ මාස තුනක් පුරා ඔහුට පොලිස් ආරක්ෂාව යටතේ සිටීමට සිදුවූ බවයි. එහෙත් එම මරණ තර්ජන සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් එකල නිසියාකාරව සිදු නොවුණු බවද ඔහු පැවසුවේය. එබැවින් ඉන් අනතුරුවද ඔහුට මරණ තර්ජන ගලා එන්නට විය. එවර ගෝමස්ට ආරක්ෂාව ලැබුණේ ඇතැම් අවස්ථාවලදී පමණි. ඒ දේශපාලන කරළිය උණුසුම් කරමින් මෙක්සිකානු මැතිවරණය පැවැති සමයේදීද ඔහු සම්මානනීය වාර්තාකරණයේ යෙදුණු බැවිනි. ඔහු චියාපාස් හි ආණ්ඩුකාරවරයා සහ නගරාධිපතිවරුන් දැඩිව විවේචනය කළ බැවිනි.
අනතුරුව 2018 වසරේදී යාජලොන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ඔහු කටයුතු කරද්දී දැඩිව මරණ තර්ජන ගලා ආ නමුත් ඒ පිළිබඳ පරස්පර විරෝධී ප්‍රකාශයක් නිකුත් කළ :ෑක ්‍යැර්කාද* පුවත්පතේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෝ රමන් ගැලෙගෝස් පැවසුවේ අවසන් කාලයේ ගෝමස් කරා පැමිණි මරණ තර්ජන සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොසිටි බවයි. දෙවතාවක්ම හඳුනා නොගත් තුවක්කු කරුවන්ගෙන් දිවි ගලවා ගත් ඔහුට, තම නිවසේදීම මරණය වැලඳ ගැනීමට සිදුවන්නේ මේ හේතුවෙනි. එවරද තුවක්කුවක් රැගෙන මෝටර් බයිසිකලයකින් පැමිණියේ හඳුනාගත නොහැකි කණ්ඩායමකි. ඒ අනුව එවර ඔහුට වෙඩි උණ්ඩ පෙළකට ගොදුරු වීමට සිදුවිය. පොලිස් ආරක්ෂාව නොමැති වූ ගෝමස්ට, වෙඩි උණ්ඩ හතරක් එල්ල කිරීමට හැකිවූයේද මේ හේතුවෙනි. 


මරණයට සැක පිට ජුවාන් පැබ්ලෝ හෙවත් ‘භ’ නමැත්තෙකුද එකල අත්අඩංගුවට පත් වූ අතර පැමිණිල්ල මෙහෙයවූ ලුඇල්බර්ටෝ සැන්චෙස් අධිකරණය හමුවේ පැවසුවේ නීතිපතිවරයා මෙම මරණය සිදුවූ දා ප්‍රකාශයක් නිකුත් කිරීම, සහ ගෝමස්ගේ මරණය සිදුවූ ආකාරය ඇතුළත් විඩියෝ පටය එකම දින නිකුත් වීම තුළ ඔහු පිළිබඳ විශාල සැකයක් නිර්මාණය වන බවකි. එසේම මෙම ඝාතනය සඳහා එක් තුවක්කුකරුවකු නොව කණ්ඩායමක්ම සම්බන්ධ බවටද ඔහු තර්ක කළේය. උත්සාහය අත් නොහළ සැන්චේස්ද තම අරගලය දිගින් දිගටම රැගෙන ගියේ මෙම ඝාතනය සඳහා ගෝමස් සිදුකළ ගවේෂණාත්මක මාධ්‍ය මෙහෙවර තදින්ම බලපෑ බව ඔප්පු කරමිනි.


මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකාර පැබ්ලෝද පැවසුවේ මෙම ඝාතනයට පෙර ගෝමස්ගේ නිවස තුළ ඔහු සිටීදැයි කල් ඇතුව පරීක්ෂා කළ බවයි. ඉන් අනතුරුව ඔවුන්ගේ ඉලක්කය සපුරාගත් බවයි. යාජලෝන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ගෙන ගිය ක්‍රියාකාරී සාමාජිකයෙකු වන පැබ්ලෝ මෙන්ම එහි සෙසු සාමාජිකයන් වන මාටිනස් ට්‍රෘජිලෝ, ඔස්කාර් ලේවර් සහ එකොස්ටා ගොන්සාලෙස්ද අත්අඩංගුවටට ගැනීමට තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ මේ හේතුවෙනි. එහෙත් ඒ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් හැකි වී නොමැති අතර මෙක්සිකෝව හරහා ගෝමස්ට සිදුවිය යුතු යුක්තියද මෙතෙක් ඉටු වී නොමැත. 

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

මත්ජාවාරම්කරුවන්ට ගොදුරු වූ මෙක්සිකෝවේ අභීත මාධ්‍යවේදියා මරියෝ ලියොනොල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 509 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17136 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 688 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site