ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 16
අත්අඩංගුවට පත් චූදිතයන්
ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ තවමත් විමර්ශන සිදුවන මෙවැනි මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ 2018 වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු මේ වන විටත් ඝාතනයට ලක්ව ඇති බැවිනි. දේශපාලනික වශයෙන් සිදුකරන සාපරාධී අපරාධවලට එරෙහිව අරගල කළ චන්දන් ටිවාරිද එවැනි මානුෂවාදී මාධ්‍යවේදියෙකි.
ග්‍රාමීය සංවර්ධනය සඳහා අරමුදල් රැස් කිරීමට ඉන්දීය රජය විසින් ගෙන යන වැඩසටහන්වලදී පෞද්ගලික කොන්ත්‍රාත්තුකරුවකු ලෙස කටයුතු කරමින් මූල්‍යමය අක්‍රමිකතා රැසක් සිදුකළ පින්තු සිං සම්බන්ධයෙන් කළ හෙළිදරව්ව හේතුවෙන් ඔහු ජාකන්ද් චත්‍රා දිස්ත්‍රික්කයේදී මරණයට පත්වූ අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස 29 වැනිදා මිය ගිය ඔහුගේ තුවාල කැළැල් සහිත සිරුර හමුවූයේද කැලෑවක් තුළ තිබියදීය.
මේ අනුව ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය (ඵ්දසිඑ) විසින් ඝාතනය කරන ලදැයි සැක කෙරෙන වාර්තාකරුවෙකු ලෙස සැලැකෙන මෙම අපක්ෂපාතී මාධ්‍යවේදියා, 2018 වසරේ අප්‍රේල් මස 02 වැනිදා හින්දු දිනපතා පුවත්පතක් වන ‘අජ්’ හරහා මෙම අනාවරණය පළමුව සිදුකළ අතර, කෙසේ නමුත් මෙහි විමතිය දනවන කරුණ වන්නේ මේ අතුරින් පින්තු සිං පමණක් තවමත් නිදැල්ලේ පසුවීමයි.
මේ සම්බන්ධයෙන් හින්දු දිනපතා පුවත්පතක් වන ‘අජ්’ හි කර්තෘ අමිත් කුමාර් අගර්වල් පැවසුවේ මෙම හෙළිදරව් කිරීමෙන් දින හතරකට පෙර ටිවාරි විසින් පොලීසියට පවා පැමිණිල්ලක් කළ නමුත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය අවධානය යොමු නොකළ බවකි. නමුත් මෙම හෙළිදරව් කිරීමෙන් අනතුරුව එල්ල විය හැකි මරණ තර්ජන සලකා බලා ඔහු මෙම පැමිණිල්ල ගොනුකළ බව පවසන කර්තෘවරයා, ඉන්දියාවේ භෘඔඪ පුවත් සේවයට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ එහි පිටපතක් තවමත් ටිවාරිගේ ෆේස්බුක් ගිණුමේ ඇති නමුදු ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් පොලීසිය නොගත් බවයි.
ඒ වෙනුවට මෙම ඝාතනයෙන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලීසිය, පසුගිය වසරේ දෙසැම්බර් මස ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ බලය හිමි නැගෙනහිර ඉන්දියාවේ ආඥාපති ප්‍රසාන්ත්, ජමුනා ප්‍රසාද්, මුසෆිර් රනා පමණක් අත්අඩංගුවට ගත් අතර ඒ පින්තු සිං යනු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ගෙන යන අපරාධ ජාලයේ ප්‍රබල කොටස්කරුවකු බව දැන දැනමය.
එකල මෙම ඝාතනය සම්බන්ධයෙන් චත්‍රා පොලිස් අධ්‍යක්ෂ අකිලීෂ් බී. වරියර් මහතා පැවසුවේද ටිවාරි විසින් සිදුකළ මෙම හෙළිදරව්ව, සිංගේ මූල්‍ය කටයුතු අඩාළ කිරීමට බලපෑ බැවින් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවකි. එබැවින් තවමත් සිංට විරුද්ධව කිසිදු චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පොලීසිය අසමත්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පවා ටිකෙන් ටික පොලිස් අධ්‍යක්ෂවරයා මැළි වූයේ මාධ්‍යයෙන්ද වසන් වෙමිනි.
රූපවාහිනි ජනමාධ්‍යවේදියෙකු වන ආචුටනන්දා සහුගෙන්ගෙන් අනතුරුව එදිනම මෙසේ ඝාතනයට ලක් වූ දෙවැනි මාධ්‍යවේදියාද ටිවාරි වන අතර සහුගේ ඝාතනයද ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ පහරදීමකින් සිදුවූවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
මේ අනුව 1992 වසරේ සිට පළිගැනීම් හේතුවෙන් ඉන්දියාව තුළ ඝාතනයට ලක්ව ඇති සමස්ත මාධ්‍යවේදීන් සංඛ්‍යාව 34ක් වන අතර ඔවුන් කිසිවකු සම්බන්ධයෙන් මෙතෙක් යුක්තිය ඉෂ්ට නොවීමද කැපී පෙනේ.
මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
හොරකම් හෙළි කර මැරයන් අතින් අවසන් ගමන් ගිය චන්දන් ටිවාරි