යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන් 

20 වැනි කොටස

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

පසු බසින සෙබළුන් විශාල පිරිසක් ශරීර අභ්‍යන්තරයේ ඇති වූ අධික උෂ්ණත්වයෙන් (Heat Stroke) හා LTTE යෙන් එල්ල වූ ප්‍රහාර මතින් මිය යද්දී ඒ අතර විවිධ නිලයන්ට අයත් හමුදා නිලධාරීහු කිහිප දෙනක් ද වූහ. එසේ මියගිය හමුදා නිලධාරීන් අතර 54 වැනි සේනාංකයේ නියෝජ්‍ය ආඥාපති බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දු, 541 බලසේනා ආඥාපති කර්නල් භාතිය ජයතිලක, 544 බලසේනා ආඥාපති කර්නල් නීල් අක්මීමන, 54 සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ලුතිනන් කර්නල් හැරිස් හේවාආරච්චිද වූහ.


අලිමංකඩ කඳවුරෙන් හමුදා ඉවත්වීම ආරම්භයේදී එහි සිටි බොහෝ නිලධාරීන් ජීප් රථ හා කැබ් රථවල නැගී පලෛ දක්වා ගමන් කිරීමට අරමුණු කර ගෙන සිටියත් එම වාහන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඛඔඔෑ ප්‍රහාර හමුවේ ඔවුහු ද පා ගමනින් ම පසු බැසීමට තීරණය කළෝය.


54 වැනි සේනාංකයේ සෙබළු කිලාලි කලපුව ආශ්‍රිත වැලි සහිත බිම් තීරුව ඔස්සේ පලෛ සහ කිලාලි දක්වා ගමන් කරමින් සිටි අතර එම සේනාංකයේ ආඥාපති බි්‍රගේඩියර් ඊ. බී. එගොඩවෙල හා 54 වැනි සේනාංකයේ නියෝජ්‍ය ආඥාපති බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද ඩබල් කැබ් රථවල නැගී එම මාර්ගයේම ගමන් කරමින් සිටියෝය. මේ අතර ජානක පෙරේරා පණිවුඩ හුවමාරු පද්ධතිය ඔස්සේ ඔවුන්ගෙන් එම අවස්ථාවේ තත්ත්වය විමසීය. හමුදා ප්‍රධානීන් වාහනවලින් ගමන් කරන බව දැනගත් මේජර් ජනරාල් පෙරේරා නිසැකයෙන්ම LTTE ය එම වාහන වෙත මෝටර් ප්‍රහාර එල්ල කරනු ඇතැයි පැවසීය. එවිට එම පිරිස තමන් ගමන් කරමින් සිටි වාහනවලින් බැසීමට තීරණය කරන විටත් ඔවුන් ගමන් ගත් සන්නද්ධ රථ පෙළටද ඛඔඔෑ ය දරුණු ලෙස ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබිණි. එම ප්‍රහාරත් සමගම එම සේනාංකයේ නියෝජය ආඥාපති බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දුට ද යුද ටැංකියක නැගී යාමට අවස්ථාවක් තිබියදීත් එසේ නොකොට පසු බසින තම සේනාංකයේ සෙබළුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කරවමින් හා ඔවුන් සංවිධානය කරවමින් තමන්ද එම භට පිරිස් සමග පයින් ම ගමන් කිරීම ආරම්භ කළේය. තවද ඔහු නිවාඩු ලබා ගොස් සිට නැවත අලිමංකඩ කඳවුර වෙත පැමිණියේ අප්‍රේල් 18 වැනිදායින් පසුව වූ අතර ඒ වන විටත් කඳවුරට දැඩි ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබුණි. ඒ අනුව කඳවුරෙන් අනිවාර්යයෙන්ම පසු බැසීමට සිදුවන බවද ඔහු දැන සිටියේය. එසේ පසු බැසීමට සිදු වන බව දන දැනත් ඔහු නැවත අලිමංකඩ කඳවුරට පැමිණි අතර මිය යන මොහොත දක්වා ම සිදු වූ සියලු අභියෝගයන්ට හොඳ සිහි නුවණින් මුහුණ දුන් නිලධාරීන් කිහිප දෙනා අතරින් ඔහු ද එක් අයෙක් විය. මේ අතර බි්‍රගේඩියර් එගොඩවෙල යුද ටැංකියක නැගී පැයක් පමණ ඇතුළත පලෙයි දක්වා පැමිණියේය.


මේ අවස්ථාවේදී කලපුව දෙසින් පැමිණි LTTE බෝට්ටු 4ක් බි්‍රගේඩියර් ප්‍රනාන්දු සිටින දෙසට ප්‍රහාර එල්ල කරන්නට විය. හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගමන් කරමින් තිබූ සන්නද්ධ රථවලින් හා සමහර සෙබළුන් අත වූ රොකට් විදිනයන් මගින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එම LTTE බෝට්ටු 4 න් 3 ක් පසු බැස ගිය අතර අනෙක් බෝට්ටුව දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් වෙරළ දෙසට ම පැමිණියේය. එම බෝට්ටුවෙන් නිකුත් වූ ප්‍රහාරයක් බි්‍රගේඩියර් ප්‍රනාන්දුගේ බෙල්ල දෙසට එල්ල වූ අතර ඔහු ඉන් තුවාල ලැබීය. එසේ ඔහුගේ බෙල්ල ප්‍රදේශය තුවාල වී තිබියදීත් අසල වූ අගලකට මුවාවීමට බි්‍රගේඩියර්වරයා උත්සාහ ගත්තේය. මේ වන විට පුනරීන් දෙසින්ද LTTE  ය පසුබසින හමුදාවන්ට ආටිලරි ප්‍රහාරය එල්ල කරමින් සිටි අතර එම ප්‍රදේශයට වෙඩි උණ්ඩ වර්ෂාවක් ලෙස පතිත විය. කෙසේ වෙතත් සිදු වූ තුවාල හේතුවෙන් බි්‍රගේඩියර්වරයා අගල තුළදීම මිය ගියේය. පසුව කොමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවැනි බල ඇණියේ මේජර් ජනක රිටිගහපොල ඇතුළු 8 දෙනෙකු ලෑන්ඞ්රෝවර් ජීප් රථයකින් ගොස් බි්‍රගේඩියර්වරයාගේ සිරුර රැගෙන ඒමට උත්සාහ කළත් එම පිරිස ද දැඩි ඛඔඔෑ ප්‍රහාරයකට ලක්විය. නමුත් නැවතත් රාත්‍රියේ ක්‍රියාත්මක වූ කොමාන්ඩෝ සෙබළු පිරිසක් LTTE  දැඩි ප්‍රහාර හමුවේ මධ්‍යම රාත්‍රිය වන විට බි්‍රගේඩියර්වරයාගේ සිරුර එම ප්‍රදේශයෙන් ඉවත් කර ගත්හ.


541 බලසේනා අණ දෙන නිලධාරි කර්නල් භාතිය ජයතිලකට දින කිහිපයක සිටම දැඩි අවිවේකයකින් හා වෙහෙසකින් යුතුව කාලය ගත කිරීමට සිදුවිය. විශේෂයෙන්ම 54 සේනාංකයේ සොරන්පත්තු ප්‍රදේශයේ බලසේනා අණ දෙන නිලධාරියා මේ වන විට නිවාඩු ගොස් සිටීම හේතුවෙන් එහි වැඩ බැලීම භාතිය ට පැවරී තිබුණ අතර, ඒ අනුව කර්නල් භාතිය 18 වැනිදා ඉයකච්චි කඳවුරේ සිට සොරන්පත්තු වෙත ගියේය. ඔහු එහි සිටිය දී ඛඔඔෑ ය එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉයකච්චි හා සොරන්පත්තු ප්‍රදේශය එකිනෙකින් වෙන් වී ගිය අතර සොරන්පත්තු ප්‍රදේශයේ සිටි හමුදා භට පිරිස්වලට පලෛ ප්‍රදේශය දෙසට පසුබසින්නට සිදුවිය. එහෙත් කර්නල් භාතිය එදින රාත්‍රි 7.00 ට පමණ යුද ටැංකියක නැගී කිලාලි ඔස්සේ නැවතත් ඉයකච්චි වෙත පැමිණියේය. එතැන් සිට LTTE ප්‍රහාර මධ්‍යයේ දින දෙකකට ආසන්න කාලයක් ඉයකච්චි ප්‍රදේශය රැකගෙන සිටියත් විසි වැනිදා ඉයකච්චි වෙත එල්ල වූ ප්‍රහාරයත් සමගම නැවතත් ඉයකච්චි බලසේනා මූලස්ථානය හැර දමා පසු බැසීමට ඔවුන්ට සිදු විය. සොරන්පත්තු ප්‍රදේශයෙන් පසු බැසීමට පෙර සිට ම කර්නල් භාතියගේ දින චර්යාව ඉතාමත් අවිවේකී වූ අතර ආහාර පාන, නින්ද හා විවේකය නොමැතිව ඒ වන විටත් දින කිහිපයක් ම ගත කර තිබිණ. විශේෂයෙන්ම අලිමංකඩ කඳවුරට ඛඔඔෑ ය වෙතින් එල්ල වූ ප්‍රහාර තීව්‍රවත්ම හා කඳවුරේ පැවැත්ම පිළිබඳ අවිනිශ්චිතතාව වර්ධනයවත්ම ඔහු යම්කිසි ආකාරයක කනස්සළු ස්වභාවයකින් පසු වූවා වැනිය. :ඵැක්බජයදකස්*


කලකට ඉහත දී කර්නල් භාතිය ජයතිලකගේ මෙහෙයවීමෙන් කිලාලි කලපුව ආශ්‍රිත බිම් ප්‍රදේශයේ ගොඩ නගන ලද අගල් හා කාණු එම මාර්ගය ඔස්සේ  පසු බසින හමුදාවන්ට මහත් රුකුලක් වූ අතර එවැන්නක් නොවන්නට ඛඔඔෑ ප්‍රහාර හමුවේ මීට වඩා විශාල හානියක් එම පසු බසින හමුදාවන්ට සිදු වනු නියතය. සිය බලසේනාංකය ද සමග කිලාලි කලපු මාර්ගය ඔස්සේ පසු බසිමින් සිටි භාතිය ජයතලික ගමනේ අර්ධයක් පමණ නිම කරන විට දැඩි අපහසුතාවකට පත්ව සිටියේය. විටින් විට අවස්ථා කිහිපයකදීම ඔහු ක්ලාන්ත විය. පානය කිරීමට ජලය ලබා දුන්න ද ක්‍රම ක්‍රමයෙන් ඔහුගේ තත්ත්වය අවදානම් අතට හැරෙන්නට විය. තමාගේ අසාධ්‍ය තත්ත්වය තේරුම් ගත් භාතිය තමා අතහැර දමා යන ලෙස ඔහුගේ පෞද්ගලික සහායකයාට කීවේය. එසේ පවසන විටත් භාතියගේ දෑස කඳුළින් පිරී තිබිණි. අසලින් සිටි සෙබලුන් කිහිප දෙනෙක් තම විඩාව ද නොසලකා තම කර මතට භාතිය ඔසවා ගත් අතර එලෙස ද ටික දුරක් ඔහු රැගෙන ගියහ.


ඔහු වටා සිටි සෙබලු නිරන්තරයෙන්ම භාතිය ධෛර්යමත් කරමින් ‘තව ටික දුරයි සර් අපි කොහොම හරි යං’ යනුවෙන් පැවසූහ. පානය කිරීමට ජලය ලබා දුන්නද ඔහුට ජලය පානය කිරීමට තරම් හැකියාවක් නොවීය. සාමාන්‍යයෙන් ්‍යැ්එ ීඑරදනැ තත්ත්වයේ පළමු අවස්ථාවේදී අධිකතර පිපාසයක් හැඟෙන අතර පසුව එම පිපාසය සිඳී යයි. එහිදී සිදුවන්නේ ශරීරයේ අවයව ආශ්‍රිතව ඇති ජලය පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා ප්‍රයෝජනයට ගැනීමයි.


කෙසේ වෙතත් කිලාලි ආසන්නය තෙක්ම ඔහු සෙබලුන්ගේ ආධාරයෙන් පැමිණි අතර උපකාර ලබා ගැනීමට හැකි ස්ථානයකට ළඟා වත්ම ඔහු සිහිසුන් තත්ත්වයට පත්වෙමින් සිටියේය. ඒ අනුව මුස්ලිම් ලුතිනන්වරයකු රැගෙන ආ සන්නද්ධ රථයක ආධාරයෙන් භාතිය පළමුව කිලාලි රෝහල වෙත රැගෙන ගිය අතර MI 17  හෙලිකොප්ටරයක් මගින් පලාලි රෝහල වෙත රැගෙන යන ලදී. රාත්‍රි 7.30 පමණ වන විට පලාලි රෝහලේදී වෛද්‍යවරු මුහුණ දුන් ප්‍රධානතම ප්‍රශ්නය වූයේ ඔහුගෙ සිරුරට සේලයින් ලබා දීම සඳහා රුධිර නාල මතුකර ගැනීමට නොහැකි වීමය. අවසානයේදී උරහිස ප්‍රදේශය සිදුරු කොට ඉතා ආයාසයකින් සේලයින් ලබා දීමට ක්‍රියා කළත් රාත්‍රි 11.30 පමණ වන විට කර්නල් භාතිය ජයතිලක දෙනෙත් පියා ගත්තේය.


කර්නල් භාතිය ජයතිලක පිළිබඳ සඳහන් කරන විට ඔහුගේ එකම සොහොයුරා වූ නලින් ලක්මිණී ජයතිලක ද 1993 යාල්දේවි මෙහෙයුමේදී මිය ගිය බව සිහිපත් කළ යුතුය. යාල්දේවි ක්‍රියාන්විතය එවකට හමුදාපති ලුතිනන් ජනරාල් සිසිල් වෛද්‍යරත්නගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කෙරුණකි. කිලාලි ප්‍රදේශයේ LTTE නාවික මධ්‍යස්ථානය විනාශ කිරීමේ අරමුණින් අලිමංකඩ කඳවුරේ සිට ඉදිරියට ගිය හමුදා පළමු දින දෙක තුළ ඉතා පහසුවෙන් තම ඉලක්ක සපුරා ගත්හ. එලෙස කිලාලි ප්‍රදේශයේ ඉතා සැහැල්ලුවෙන් ඛඔඔෑ ප්‍රතිවිරෝධයන්ට මුහුණ නොදෙමින් විසිරී යමින් සිටි හමුදාවන්ට හොඳින් කල් යල් බලමින් සිටි LTTEය තුන්වැනි දිනයේදී ක්ෂණික සහ දැඩි ප්‍රහාරයක් එල්ල කළහ. සමහර විට තම හමුදා ඛණ්ඩවල නිලධාරීන් සිටියදී ඔවුන් දමා පසුපසට දිවීමට ශ්‍රී ලංකා හමුදාවේ සෙබළු ක්‍රියා කළ පළමු අත්දැකීම සහ උදාහරණය යාල්දේවි ක්‍රියාන්විතය විය හැක. එම අවස්ථාවේදී භාතියගේ සොහොයුරාද මිය ගියේය.

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි