IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මහින්ද තිස්ස රහස් සාකච්ඡා

තිස්සගේ මතක වත-109

 

මහින්ද රාජපක්‍ෂ මට දුරකථන ඇමතුමක් දීලා ටික වෙලාවක් කතා කළා. ඔහු කිව්වා “යූ.එන්.පී.ය. ඔයාට කරන දේ මම දන්නවා. තවදුරටත් ඔතැන ඉඳලා වැඩක් නෑ. රනිල්වත්, මෛත්‍රීවත් විශ්වාස කරන්න එපා” කියලා. මමත් හිටියේ යූ.එන්.පී. එකේ කීප දෙනෙක් කුමන්ත්‍රණකාරී ලෙස මට ප්‍රහාරයක් එල්ල කරනවා කියන මානසිකත්වයෙන් හොඳටම අවුල් වෙලා. මමත් හිතුවා මහින්ද කියන්නේ ඇත්ත තමයි කියලා. මහින්ද රාජපක්‍ෂ තවදුරටත් මට කිව්වා, “තිස්ස මගේ ළඟට එන්න ඇවිත් ජනාධිපතිවරණය කරමු. ඊට පස්සේ මම ඔයාව බලාගන්නම්” කියලා. මෛත්‍රී වගේ මිනිහෙක්  නම් විශ්වාස කරන්න අමාරුයි කියලත් මහින්ද කිව්වා. මම කිව්වේ ඒකනම් කරන්න අමාරුයි මොකද අපි බරපතළ විදියට ප්‍රතිපත්ති දෙකක ඉන්න දෙන්නෙක් නිසා ඒ වැඬේ කරන්නේ කොහොමද කියලා. අනික යූ.එන්.පී. එකේ මහ ලේකම් විදියට  ඉඳලා ඔතෙන්ට ඇවිත් මට වැඩ කරන්නත් අමාරු වෙයි කියලා මම පැහැදිලි කරලා දුන්නා. 


මහින්ද කිව්වේ කිසිම  ප්‍රශ්නයක් ඇති වෙන්න මම ඉඩ තියන්නේ නෑ ඔයා එන්න කියලා. එතකොට මම කිව්වා එනවනම් ඊට කලින් බේරුම් කරගන්න ප්‍රශ්න කීපයක් තියෙනවා ඒක නිසා ඒ ගැන කතා කර ගන්න මුණගැහෙන්න වෙලාවක් කියන්න කියලා. මහින්ද කිව්වා කල් දාන්න ඕන නෑ අද රෑම හමුවෙමු කියලා. මම කොළඹ එන ගමන් තමයි මේ කතා බහ ඇති වුණේ. මම කොළඹ ඇවිත් කෙළින්ම ගියේ සාකච්ඡා කරගත්තු ආකාරයට මහින්ද රාජපක්‍ෂ මුණගැහෙන්න මහින්දගෙ මිත්‍රයෙකුගේ නිවසකට.
අපි මුණගැහිලා කතා බහ  පටන් ගත්තා. මහින්ද ඉස්සෙල්ලාම මගෙන් ඇහුවේ මොකක්ද මගෙන් වෙන්න ඕනෑ කියලා. මම කිව්වේ විශේෂ දෙයක් නෑ. ඒත් පැහැදිලි කරගතයුතු කාරණා කීපයක් තියෙනවා කියලා. මම එක්සත් ජාතික පක්‍ෂයේ ඉඳලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු වෙන්න කැමති නැති බව කිව්වා. යූ.එන්.පියේ සමහරුන්ගේ ක්‍රියා කලාපය නිසා මම පොඞ්ඩක් පැත්තකට වෙලා ඉන්න කල්පනා කරල තියෙනවා කියලත් මම කිව්වා. මහින්ද කිව්වා එහෙම ඉන්න එකෙන් කාටවත් ප්‍රයෝජනයක් නෑ ඒක නිසා එකතුවෙලා අපි ජනාධිපතිවරණය  කරමු කියලා.  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට  නාවට කමක්  නෑ අපි එකට වැඩ කරන්න ඒක බාධාවක්  නැහැ කියලා මහින්ද කිව්වෙ. මම ඉදිරිපත් කළා ඊළඟ කාරණය දිගින් දිගටම ප්‍රතිපත්තිමය කාරණා අනුව මම මහින්දව විවේචනය කරමින් ඉඳපු කෙනෙක් නිසා එක පාරටම ඊට හාත්පසින්ම වෙනස් කතාවක් කිරීම මට අමාරුයි කියලා. ඒකට මහින්දගේ උත්තරේ වුණෙත් ඒක ගැන තිස්ස කල්පනා කරලා බලලා හොඳ විදියක් කරන්න කියලා මට කිව්වා. එහෙනම් ඉදිරි ජනාධිපතිවරණය සහ ඒකෙන් පස්සේ මින් පෙර සිද්ධවුණු අඩු පාඩු මහින්ද අතින් වෙන්නේ නෑ කියලා කියන්නම් කියලා. ඒකට මහින්ද එකඟ වුණා. මින් පෙර සිද්ධ වුණු වැරදි නිවැරදි කරගෙන ජනාධිපතිවරයා විදියට කටයුතු කරනවා කියලා මහින්ද රාජපක්‍ෂ මට පොරොන්දු වුණා කියලා මම  රටට කියන්නම් කියන එක මම යෝජනා කළා. මහින්ද ඒ යෝජනාවට උඩින්ම කැමති වුණා. වෙච්ච වැරදි අඩු පාඩු  නිවැරදි කරගෙන හොඳ ගමනක් යනවා කිලා ජනතාවට පොරොන්දු වෙන්න මහින්දටත් ලොකු උවමනාවක් තිබුණු බවත් මේක ඊට ඉතාම හොඳ අවස්ථාව බවත් මහින්ද කිව්වා.


මේ කාරණා දෙක ගැන තමයි මුලින්ම කතාබහ කළේ.


ඊට අමතරව මහින්ද යෝජනා කළා  මට ඇමැතිකමක් අරගන්න කියලා.  මම එක පාරටම ප්‍රතික්‍ෂේප කළා. එහෙම වුණොත්  මම ඇමතිකමක් ගන්න පැන්නා කියලා මිනිස්සු හිතයි කියලා මම කිව්වා. ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ ගැන බලමු කියලත් මම කිව්වා. මහින්දට ඕන වුණා මෛත්‍රී දරපු ඇමතිකම මට දෙන්න. මම ඒකටත් එකඟ වුණේ නෑ. ඔය කාරණා කතා කළාට පස්සේ ඒ සාකච්ඡාව ඉවර වුණා.

 


තව කොටසක් ලබන සතියට.


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි



අදහස් (1)

මහින්ද තිස්ස රහස් සාකච්ඡා

Hasalaka Sarath Monday, 04 March 2019 06:33 AM

මේ බොරු මෙයා කලින් ඉඳලම හොරෙන් ගනුදෙනු කළා. පක්ෂයේ රහස් එලි කලේ මෙයා. ඒ බව දැනුන නිසා තමයි රනිල් අන්තිම මොහොත වෙනකල් මෛත්‍රී පොදු අපේක්ෂකයා කියලා තිස්සට දැනගන්න ඉඩ නොතිබ්බේ. මෙයා එක කලින් දැනගත්තානම් කෙලින්ම කනේ තියනවා.

:       0       103

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 158 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1011 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site