IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ලොකු ලූනු ගොවියාගේ අත මිට සරුවෙයි

(කාංචන කුමාර ආරියදාස)

වසර ගණනාවකට පසු දේශීය ලොකු ලූනු ගොවියාට තම අස්වනු සඳහා කිලෝවකට රුපියල් 300 ක මිලක් ලැබෙන බව ගොවීහු සතුටින් පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) දේශීය ලොකු ලූනු කිලෝවක ගැණුම් මිල රුපියල් 250 සිට 300 දක්වා වූ මිල ගණනක් පැවති බව වෙළෙන්දෝ කියති.

ඉන්දියාවෙන් මෙරටට  ලොකු ලූනූ ගෙන්වීම නැවැත්වීමත් සමග විදේශීය රටවලින් ගෙන්වන  ලොකු ලූනු ප්‍රමාණය ද අවම වීම, රජය විසින් ආනයනික ලොකු ලූනු වලට බදු මුදල් පැනවීම, වගා කිරීම අඩුවීම ආදී කරුණු හේතුවෙන්  දේශීය ලොකු ලූනු සඳහා ඉහළ මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.

එමෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යු.බී. ඒකනායක මහතා සහ ව්‍යාපාරිකයන් පිරිසක් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී හැරිසන් මහතා හමුවී දේශීය ලොකු ලූනු වගාව ආරම්භ වී මසක් ඇතුළත විදේශීය ලොකු ලූනූ ගෙන්වීම සඳහා බදු පනවන ලෙස සිදු කළ ඉල්ලීමකින් පසු බදු මුදල් පැනවීමත් සමඟ මිල ඉහළ යෑම විශේෂත්වයක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (30) උදෑසන ගොවීන් තම දේශීය ලොකු ලූනු අස්වැන්න සිනහමුසු මුහුණින් රැගෙන එන අයුරු දැක ගැනීමට හැකි විය.

වෙළඳපොළට පැමිණි ගොවීන් කියා සිටියේ වසර ගණනාවක සිට දේශීය ලොකු ලූනු ගොවියා දැඩි ලෙස පාඩුවට පත්වෙමින් ගොවිතැන සිදුකළ බවත් ඉතා සීමිත ගොවිතැන් ප්‍රමාණයක් මෙවර වගා කිරීම නිසා සාර්ථක මිලක් ලැබුණු බවයි.

වගා කළ අස්වැන්න රැගෙන ආ ගොවීන් වෙළෙඳපොළ තුළ  දැඩි ප්‍රබෝධයකින් සිටින බවත් ඇතැම් වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු රැගෙන එන කුඩා ටැක්ටර් රථ ත්‍රිරෝද රථ පැමිණෙද්දී වල්ලාපට්ට ලොරි එනවා යැයි පැවසීම විශේෂත්වයකි.



අදහස් (6)

ලොකු ලූනු ගොවියාගේ අත මිට සරුවෙයි

lal Monday, 30 September 2019 07:51 AM

එහෙනම් ලොකුළුෑණු සිල්ලර මිල රුපියල් 600ක් වත් වෙයි.

:       29       55

samayan Monday, 30 September 2019 08:47 AM

පිස්සු කෙලින්න එපා... වගාකළ යුත්තේ තරඟකාරී මිලකට විකිණිය හැකි බෝග පමණයි. ගොවීන් කිහිප දෙනෙක් සතුටු කරන්න කටයුතු කිරීම අසාධාරණයි.

:       34       60

thilak Monday, 30 September 2019 09:53 AM

කාලෙකින් දකින්න ලැබුණ හොඳ පුවතක්.

:       26       21

රසික Monday, 30 September 2019 10:20 AM

දැන් එතකොට ගොවීන් ටික දෙනෙක්ගේ යහපත වෙනුවෙන් මුළු ලංකාවෙම මිනිස්සු ගිනි ගණන් දීලා ලූනු ගන්න ඕනෙද? කරන්න ඕනේ ගොවියන්ගේ නිෂ්පාදන වියදම අඩු කරගන්න හැටි කියලා දෙන එක මිසක් පාරිභෝගිකයන්ට අධික මිලට ලූනු ගන්න සළස්වන එක නෙවේ. පිටරට ඉඳන් රටවල් දෙකකට බදු ගෙවලා නැව් ගාස්තු ගෙවලා ආවත් ලංකාවේ ඒවට වඩා මිල අඩුයි.

:       137       169

Sumith Monday, 30 September 2019 01:54 PM

කට්ටියම ගෙදර. අහිංසක පාරිභෝගිකයෝ තවම අමාරුවේ. තුට්ටු දෙකට ළුෑණු රැස්කරගත්තට.. වෙළෙන්දෝ ගොඩ...

:       35       74

Chathuri Saturday, 05 October 2019 07:52 PM

ජයග්‍රහණය වැඩිවුනාට ,අස්වැන්න අඩු වුනාට ගොවියට සාධාරණ මිලක් ලැබුන එක ගැන සතුටුයි. රැකියාවන් කරන ජනතාව මාස්පතා වැටුප් ගන්නකොට මෙවැනි ගොවියන් අස් වැන්න නෙලනකම් ඉන්න ඕන. එකත් කාලගුණය නරකට හිටියොත් ඒකත් නැහැ. ලංකාවේ ගොවියන් ගැන හරිම දුකයි. අඩුම ගානේ ගොවියාව ලියාපදිංචි කොට ඔහුට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න.හැම ගොවියම හරිම අසරණයි. රජයේ පාලුවට ගිය ඉඩම්, සුළු බදු සහිත ගෙවීමේ ක්‍රමයට ගොවිතැනට ලබාදෙන්න. මේ කට්ටිය අත සෙල්ලෙව්වොත් තමයි අපේ කට සෙලවෙන්නේ.

:       9       6

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 88 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 50 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site