නිමල කොඩිතුවක්කු
ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ඒ මත පදනම් වූ රජයේ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, යෙදවීම සහ නඩත්තු කිරීම (GovTech App/Service Marketplace) සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් රාජ්‍ය ව්‍යුහය තුළ ඩිජිටල් නිෂ්පාදන සහ සේවා සඳහා මධ්‍යගත හා විනිවිදභාවයකින් යුත් වෙළෙඳපොළක් නොමැතිවීම හේතුවෙන් විසිරුණු සහ අකාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නිර්මාණය වී ඇත. එමෙන්ම, රාජ්‍ය ආයතන බොහෝ විට තාක්ෂණික විසඳුම් තනි තනිව ප්‍රසම්පාදනය කිරීම හේතුවෙන් ද විවිධාකාරයේ ගැටලු උද්ගත වී තිබේ. එයට පිළියමක් වශයෙන්, 2025-10-21 දින අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබ ඇති තීරණයක් පරිදි, ‘ඩිජිටල් සංවර්ධන වැඩසටහන - අදියර 1’ හි තුන්වැනි කාර්ය ප්‍රවාහය යටතේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ ඒ මත පදනම් වූ රජයේ වෙළෙඳපොළක් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, යෙදවීම සහ නඩත්තු කිරීම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එ මගින්, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා තෝරාගැනීම සඳහා කුසලතා පදනම් කරගත් පද්ධතියක් හඳුන්වා දීම, වෙළෙඳපොළ බාධක අවම කිරීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු පුළුල් සැපයුම්කරුවන් පිරිසකට රජයේ ඩිජිටල් සේවා කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය ලබා දීම සහ රජයේ ආයතනවලට ගුණාත්මක සහ පිරිවැය සඵලදායී විසඳුම් එක් ස්ථානයකින් (One - stop - shop) තෝරා ගැනීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ. ඒ අනුව, රුපියල් මිලියන 563 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2026-2027 කාලසීමාව තුළ අදියර තුනක් වශයෙන් එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd