IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනවාරියේ සිට සංචාරකයන්ට ශ්‍රී ලංකාව විවෘතයි

(තිළිණි ද සිල්වා)‍


ලබන ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය.

සංචාරකයන්ට රට විවෘත කිරීම හා ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් ඊට අඳාල සියලු පාර්ශවයන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත්, ඉක්මනින් මෙම සාකච්ඡා අවසන් කර මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

ඒ අනුව ජනවාරි මාසයේ සිට රට නිල වශයෙන් විවෘත කිරීමට පෙර නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් , සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගැනෙන  බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සෞඛ්‍ය නිර්දේශ අනුව  එහි අඩුපාඩු හඳුනාගෙන ඒවා ද නිවැරදි කර ගැනීමෙන් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට අපේක්ෂා කරන්නේ යැයිද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේය.



අදහස් (7)

ජනවාරියේ සිට සංචාරකයන්ට ශ්‍රී ලංකාව විවෘතයි

Sk Monday, 14 December 2020 09:01 AM

ලොකු දෙයක් අපිට රස්සාවල් නැතුව ඉන්නේ හෝටල් වහලා නිසා

:       0       0

R.P.M.RANDUNU Tuesday, 15 December 2020 02:57 PM

හොද වැඩක් ... ආර්ථිකය පැත්තෙන් බලනකොට .... ඒ වගේම පිටරට අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ගුවන් ටිකට් මිල අඩුකරලා ඔවුන්ටත් රටට එන්න තියෙන අවස්ථාව ලබාදෙන්න. ඒක ඔවුන්ගේ අයිතියක්... මොනතරම් ප්‍රශ්න තිබුණත් ඉන්දියන්, බංග්ලාදේශ්, පිලිපීන, වගේ රටවල් තමන්ගේ මිනිස්සුන්ට දොර ඇරලා තියෙන්නේ එන්න.

:       0       37

NMMonday, 21 December 2020 02:12 AM

සංචාරකයන්ට රට විවෘත කිරීම හා ගුවන්තොටුපල විවෘත කිරීම තාවකාලිකව නවතා දැමීමට රජය නොකළහොත් මහා බ්‍රිතාන්‍ය තුළ මේ වනවිට පැතිර යමින් පවතින නව වෛරසය ලංකාවට පැමිණෙනු ඇත. දෙසැම්බර් 26 වැනිදා සිට විදේශවල සිරව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම පිළිබඳවත් දෙවරක් සිතා බැලිය යුතුවේ. මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් බ්‍රිතාන්‍ය සමග ගුවන් ගමන් පැමිණීම සහ පිටත්වීම් සියල්ල නැවත දන්වනතුරු නවතා ඇත. මේ අතරට කැනඩාව ඇමෙරිකාව, යුරෝපිය රටවල් සහ මැදපෙරදිග රටවල්ද වේ. නව වෛරසය පැමිණියහොත් සිදුවන දේ සිතාගැනීමටත් නොහැකි නිසා රජයේ බලධාරීන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශ්ලේෂකයින්ගේ සහ සෞඛ්‍ය අංශ උපදෙස් මත මේ අවස්ථාවේ ක්‍රියාකළ යුතුව ඇත. දේශපාලන වාසි තකා තීන්දු නොගන්න. covid -19 වෛරසය ගෝලීය වෛරසයක් නිසා යමක් කිරීමට පෙර, තීන්දු ගැනීමට පෙර ලෝකයේ සිදුවන්නේ කුමක්ද කියා විමසිලිමත් වීම වැදගත් වේ. ලංකාවට ලෝකය සමග එක්ව යාම හැර තනි ගමනක් යාම නොහැකි බව දැන්වත් තේරුම් ගනිත්වා...

:       0       0

sakalabujan Wednesday, 16 December 2020 05:19 AM

අසල්වැසි ඉන්දියානු ජාතිකයන්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුලම ස්වයං නිරෝධායනයට රජයෙන් ඉඩ ලබා දී ඇති අතර කොරෝනා වසංගත තත්වය සමග ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුලත විශාල ලෙස වසංගත තත්වය පැතිරි ඇති බැවින්, විදේශ ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම තුලින් රට තුල කොරෝනා වසංගත තත්වය පැතිරෙන බවට තිබු මතය තව දුරටත් පදනම් විරහිත කරුණක් බවට පත් ව් ඇත. විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයා රටට සම්පතක් වන අතර රැකියාව අතහැර ලංකාවට එන අයට වඩා නැවත රැකියාවට යාම පිණිස ශ්‍රී ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දීමෙන් ඔහුගේ මානසික සුවය සුරැකේ. රටට ද ලැබෙන ප්‍රතිලාභය වැඩිය. එම නිසා විසා කාලය ඉවර වූ අය, රැකියා නොමැති වූ අය ලංකාවට ගෙනවනවා සේම නැවත රැකියාවට යාම පිණිස ශ්‍රි ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දීමෙන් ඔහුගේ පීඩනය අවම වේ.

:       0       0

vikum Sunday, 20 December 2020 07:45 AM

අනික ගුවන් තොටුපළ වහගෙන හිටියා කියලා වෙච්ච ලොකු දෙයක් නැහැනේ.. ඇති පදමට ඔය කොරොනා තියෙන්නේ, ඔය දැන් ගෙවල්වලම මිනිස්සු මැරෙන්නේ.. ලොක්කා ටාසන් වගේ ඒ දවස්වල පොෂ් වුණාට කෝ වැඩ, 2025දී ඊළඟ බලාපොරොත්තුව. අන්තිමට පිටරටවල ඉන්න අපේ මිනිස්සු ටික හිරකරලා තිබ්බා විතරයි. ඔවුන්ගේ අසරණකම දන්නේ ඔවුන් විතරයි... ටාසන්ලාට ඕවාගේ දුක දැනෙන් නෑ..

:       0       0

sakalabujan Sunday, 20 December 2020 09:33 AM

අසල්වැසි ඉන්දියානු ජාතිකයන්ට නිරෝධායන නීති අනුව ඔවුන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට රජයෙන් ඉඩ ලබා දී ඇති අතර covid-19 වසංගත තත්වය සමග ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු කර ගනී. ශ්‍රී ලංකාව ඇතුළත විශාල ලෙස වසංගත තත්වය පැතිරි ඇති බැවින්, විදේශ ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම තුළින් රට තුල covid-19 වසංගත තත්වය පැතිරෙන බවට තිබූ මතය තව දුරටත් පදනම් විරහිත කරුණක් බවට පත්ව ඇත. විදේශ විනිමය ගෙන එන ශ්‍රමිකයා රටට සම්පතක් වන අතර රැකියාව අතහැර ලංකාවට එන අයට වඩා නැවත රැකියාවට යාම පිණිස ශ්‍රී ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබාදීමෙන් ඔහුගේ මානසික සුවය සුරැකේ. රටටද ලැබෙන ප්‍රතිලාභය වැඩියි. එමනිසා වීසා කාලය ඉවර වූ අය, රැකියා නොමැති වූ අය ලංකාවට ගෙන්වනවා සේම නැවත රැකියාවට යාම පිණිස ශ්‍රී ලංකාවට වාර්ෂික නිවාඩුවට පැමිණෙන ශ්‍රමිකයාට ලංකාවට පැමිණීමට ඉඩ ලබා දීමෙන් ඔහුගේ පීඩනය අවම වේ. දුක් විඳ මහන්සි වී රටට ඩොලර් සපයන ශ්‍රමිකයාට තරු පන්තියේ හෝටල් කාමර තුළ ලක්ෂ ගණන් මුදල් ගෙවා නිරෝධායනයට මුදල් නොමැත. එය ජාවාරමකි.

:       0       0

sakalajuan Tuesday, 22 December 2020 10:03 AM

රජයෙන් අවසර නැතුව ලංකාවට එන්න පුළුවනි. රට පටලවලා දැනුම් දීමක් නිකුත් කරා, තවමත් ගුවන් ටිකට් පතක් අපටම මිලදී ගන්න බෑ ඉස්සර වගේ, එ්ත් තානාපති කාර්යාලය එක්ක ගනුදෙණුවකට එකග වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා... අපිට ටිකට් එකක් අරන් දෙන්න, එයාට අපේ විස්තර දෙන්නේ තානාපති කාර්යාලයෙන්, ලංකාවේ ඉන්න හොටෙල් කාරයත් ඇතුළුව මේ තුන් කට්ටුව තමයි ගනුදෙණුව කරන්නේ. තුන් දෙනාටම ලාබයි. ඇයි දවසකට ඉන්න රු 7,500ට අඩුවෙන් හෝටල් කාමර ලංකාවේ ඇත්තේම නැද්ද? තියෙනවා... එ්ත් රජයට කඩේ යන අයට විතරක් මැද පෙරදිග ඉඳලා එන අය හූරාගෙන කන්න ඉඩදීලා අර ඉහත කී තුන් ගොල්ලන් එකතුවෙලා හුරාගෙනම කනවා. අරාබියේ වැසිකිළි හෝදලා, අනුන්ගේ ළමයි බලලා, ගුටි කාලා, රැ එළි වෙනකම් වැඩ කරලා අහිංසක මිනිස්සු හොයන සොච්චම් මුදල හිඟා නොකා කඩා ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 25 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 38 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2013 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 654 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site