(නිමල කොඩිතුවක්කු සහ ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
සංචාරක කර්මාන්තය ප‍්‍රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා වූ ජාතික විෂය නිර්දේශය එළිදැක්වීම සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප‍්‍රදානත්වයෙන් කොළඹදී අද (29) සිදුකෙරිණි.
ශ‍්‍රි ලංකා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරිමේ ජාතික සැලැස්මෙහි තවත් අදියරක් ලෙස මෙය ක‍්‍රියාත්මක බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ත‍්‍රාස්‍යජනක සංචාරක කර්මාන්තය ප‍්‍රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
ඒ අනුව පැඩ්ලින් බෝට්ටු, ට‍්‍රැකින් ගයිඩ්, ග‍්‍රවුන්ඩ් කොන්ට්‍රෝල් ඒජන්ට්, පැරෂුට් රිගර් ආදී ක්ෂේත‍්‍ර සදහා ජාතික විෂය නිර්දේෂයන් ලබාදිම මේ යටතේ සිදුකෙරේ.
අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය, විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
එහිදි අදහස් දක්වමින් සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කලේ තරු පහේ හෝටල් සහ සුපිරි පැලැන්තියට සීමා නොවී ග‍්‍රාමීය ජනතාව දක්වා සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිලාභ හිමිකරදිම මෙම වැඩපිළිවෙළේ අරමුණ බවයි.
ආදායම් වැඩිකිරිම සහ රැකියා අවස්ථා වැඩි කිරිමේ අරමුණින් සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය උදෙසා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සංචාරක සංවර්ධන සහ ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී සුජිත් පෙරේරා, අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
මැති ඇමති, මන්ත්‍රී, නගර සභා, පළාත් සභා... එකී මෙකී නොකී කට්ටිය 80%ක් අඩු කළානම් අමුතු සංවර්ධනයක් අපේ රටට ඕනේ නැහැ...
නුවන් මහත්මයාගේ අදහසට මමත් එකඟයි. සංචාරක හෝටලයක්, රෙස්ටුරන්ට් එකක් හදනවා නම් මේ ඔක්කොටම දොළ පිදේනි දෙන්න වෙනවා. හැදුවට පස්සේ අාවහම නිකන් කන්න බොන්න දෙන්න වෙනවා. නිකන් කාලාබීලා යන්නෙත් නැහැ. එ්කේ ඉන්න සංචාරකයින්ටත් හිරිහැර කරලා තමයි යන්නේ.., සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න නම් මුලින්ම ඔය සංචාරක මණ්ඩලය විසුරුවලා හිටින්න ඕනේ...
ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් වෙන හිරිහැරය සුළුවෙන් සලකන්න බැහැ. රජතුමාගේ කාලේ හිටපු කට්ටිය සංචාරකයින් මරා දැමීමට පවා කටයුතු කළා. දැන් අනිත් පැත්තේ කට්ටිය වැඩ අල්ලලා... මේ කප්පම් ගැනීම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට සහ දේශපාලකයින්ට පමණක් සිමාවෙන්නේ නැහැ. පරිසර අධිකාරිය.. සුරාබදු ඇතුළු නොයෙකුත් දෙපාර්තමේන්තු නිලධාරී එනවා. සංචාරක මණ්ඩලයක් තිබුණට එ්කෙන් අපිට වෙන සෙතක් නැහැ. කරන්නේ අපෙන් බද්දක් ගන්න ගමන් එ්කෙන් එන නිලධාරියට කන්න බොන්න දීලා ගානක් අතමිට මොලවන්න ඕනේ... මත්පැන් බලපත්‍ර, රජ්‍ය බැංකුවකින් ණයක් ගන්න ඕනේ නම් සංචාරක මණ්ඩලේ අනුමැතිය අත්‍යවශ්‍ය වෙනවා. කරුණාකර සංචාරක ව්‍යාපාරයට මේ දමලා තිබෙන අනවශ්‍ය තහංචි ඉවත් කරලා දෙන්න. මේ විකාර නීති නිසා සිදුවෙන්නේ නිලධාරීන්ට ජරාව ලැබෙන එක පමණි. රජයටවත් සංචාරක ව්‍යාපාරයටවත් කිසිදු සුගතියක් නොමැත.
ඔය ටයි කෝට් ඇඳගෙන ඇවිත් මොන ක්‍රමවේද හැදුවත් වැඩක් නැහැ. පාරේ නීති රීති හරියට ක්‍රියාත්මක කරලා පිරිසිදු වැසිකිලි හදන්නේ නැතිව. කිසිම සිද්ධස්ථානයක හෝ සීගිරියෙවත් වැසිකිලි නැත. තවම අපි තුන්වන ලෝකයේ තමයි ඉන්නේ.බොන්න පිරිසිදු වතුර නැත.
කලාපයේ අනිත් රටවල් තායිලන්තය, මාලදිවයින, ඉන්දුනීසියාවේ සංචාරක ව්‍යාපාරය එක්ක අපිට හැරෙන්නවත් බැහැ, බලන්න එම රටවල් වල ගුවන්තොටුපල වලින් රටට ඇතුල්වෙන සංචාරකයන්ට තිබෙන පහසුකම් , අපේ රටට සංචාරකයෙක් ගොඩ බැස්ස ගමන් මරාගෙන කන්න ලෑස්තිවෙලා ඉන්නේ මුලින්ම විසා එකට ඩොලර් 40 ගෙවන්න ඕනේ, අර රටවල යුරෝපා සංචාරකයන්ට නොමිලයේම විසා දෙනවා, ඊළඟට ටැක්සිකාරයෝ ටික සහ තැරැවුකාරයෝ එකතුවෙලා සංචාරකයා මරාගන්න හදනවා, අර රටවල කැමති කෙනෙකුට ටැක්සි ගන්න පුළුවන් කැමති කෙනෙකුට ආරක්ෂාකාරීව සහ පිරිසිදුවට පොදු ප්‍රවාහන සේවය ගන්න පුළුවන්, සංචාරක මර්මස්ථාන වලට යන සංචාරකයගේ ටිකට් වලට විශාල මුදලක් ගන්නවා, එකවරක් ලංකාවට අපු සංචාරකයෙක් දෙවරක් එන්නේ කලාතුරකින් ,
සංවර්දනය කියා මොනවද කර තිබෙන්නේ... ලක් ජනතාවක් නැති සංවර්ධනයක් පිටරැටියන්ට ලැබෙන්නේ කොහොමද? ජීවිතයත්, මරණයත් අතේ තබාගෙන ගමනක් යන්න වෙලා තියෙන්නේ අද ලංකාවේ තියන ප්‍රවාහනය සමග බස් සහ දුම්රිය දෙකම එක වගේ.. දුම්රියන් වැඩි කොටසක් වසර 60 -70 පරණ... උදාහරණයක් ලෙස ඔබ මහනුවර සිට යාපනයට හෝ අනුරාධපුර නැතිනම් ත්‍රිකුණාමලයට කාල සටහන බැලුවොත් පෙන්වන්නේ මහනුවර සිට දුම්රිය නැති බව පමණි. මින් කියවෙන්නේ මේ නගරවලට දුම්රිය ගමනා ගමනයක් නැති බව... නොදන්නා කෙනෙක් කොහොමද දන්නේ මේ නගරවලට දුම්රිය යන බව... ලංකාව පුරා තිබෙන මාර්ග 3-4ක් වත් කළ ස්ථාන පෙන්නන්න බැරිව සංචාරක සංවර්ධනය ගැන කියන කතාවලින් වැඩක් නැහැ.
සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් මුලින්ම සංචාරකයන්ගේ ගමන් පහසුව සැලසිය යුතුය. ගාස්තුගෙවා කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කරා පහසුවෙන් කාටත් ගමන් කල හැකි ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවා බස්රථ සේවයක් ඇතිකර සංචාරකයාට සහ සියලුම ගුවන් මගීන්ට ඒවා පහසුවෙන් සොයාගත හැකි පරිදි නාමපුවරු දැන්වීම් පුවරු සවිකළ යුතුය. එතකොට ගුවන් මගින් ඒවා භාවිතා කරන නිසා ගුවන්තොටුපල අවට වාහන තද බදයද අඩුවේ. කුමන පක්ෂේ වුනත් මීගමුවෙන් පත්වෙන දේශපාලකයෝ මුලින්ම කරන්නේ සංචාරකයන්ගේ පහසුව නොව, තම අතවැසියන් වන ටැක්සි කාරයින්ගේ සහ ගුවන්තොටුපල ආශ්‍රිත ක්‍රියාත්මක වන ජාවාරම් මෙහයවන ජාවාරම් කාරයන්ගේ මනදොල පිරවීමය . ඔය බොරු උත්සවවලින් ඇති ප්‍රයෝජනයක් නැත. අවංකව සංචාරකයන්ගේ සහ සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නන්ගේ මුලික ප්‍රශ්න සොයාබලා විසදුම් දෙන්න.
මේ ඇමති තුමා ඔය බොරු වැඩ නවත්තල මෙරටට හරි දෙයක් කරන්න..ඔබ තුමා කරන්නේ සංචාරක මණ්ඩලය කන එක.ඔබ තුමා මණ්ඩලයට දාල තියන සේවකයන්ට චීන යන්න ලිස්ට් හද හද ඉන්න එක තමයි එකම වැඩේ. තව ඉදිරියට මේ සියල්ල හෙළිදරව් වෙයි... ඔක්තෝම්බර් මාසයේ චීනයට යන්න මේවන විට සියල්ල සුදානම් බැවි ආරංචි.