IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජාතික ව්‍යවසාය සංසදය පිහිටුවයි

( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් 'ජාතික ව්‍යවසාය සංසදය' එළිදැක්වීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (4) සිදුකෙරිණි.

ව්‍යවසායකයන්ට ඇති ගැටලුවලට විසඳුම් ලබාදීම සහ ඔවුන් නගා සිටුවීම මෙම 'ජාතික ව්‍යවසාය සංසදය' පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය. ව්‍යවසායකයින් මුහුණ දී ඇති ගැටලු විසදීමට මැදිහත්කරුවකු ලෙස ක්‍රියාකරමින් ඔවුන් දිරිමත් කිරීමට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රධානත්වය ගෙන කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම පිණිස මෙම සංසදය පිහිටුවීය.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ, ව්‍යවසායකයින් සහ ඔවුන්ගේ ගැටලු සදහා පිළිතුරු ලබාදීමට අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන නිලධාරීන්, පෞද්ගලික ආයතන, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, නියෝජනය කරමින් නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.

ව්‍යවසායකයන්ට ඒ මොහොතේම තමන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණු අතර ගැටළුවට අදාළ පාර්ශව විසින් ඒ මොහොතේම පිළිතුරු ලබාදීම ද සිදුවිය. ඉදිරියේදීත් මාස දෙකකට වරක් මුණගැසී ප්‍රගතිය සමාලෝචනය කිරීමට ද තීරණය කෙරිණි.

ජාතික ව්‍යවසාය සංසදය නමින් වෙබ් අඩවියක් එළි දැක්වීම ද මෙහිදී ඇමතිවරයා අතින් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ්ක ගුණසිංහ, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ නිලධාරීහු සහ ව්‍යවසායකයෝ රැසක් ද එක්වූහ.



අදහස් (2)

ජාතික ව්‍යවසාය සංසදය පිහිටුවයි

Wimale Wednesday, 04 March 2020 10:05 AM

අනුවණයෙක් උගතුන්ව දක්කනවා..

:       31       71

JayaThursday, 05 March 2020 04:59 AM

පාට කණ්නාඩි වලින් ඇස් අන්ධ කරගෙන, ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය එළි දක්වනවා.

:       11       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site