IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කල්පිටියේ ගෝවා කිලෝව රුපියල් 5 යි

(පද්මා කුමාරී කංකානම්ගේ )

මේ දිනවල සාමාන්‍ය වෙළද පොලේ එළවලු මිළ ගණන් ඉහළ ගිය ද කල්පිටියේ ගෝවා මිල කිලෝව රුපියල් පහ දක්වා පහළ ගොස් තිබේ.

මේ හේතුවෙන්  ගෝවා වගාවේ නිරත වූ ගොවීන්ට ආර්ථික දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුව ඇතැ යි  ගොවීහු කියති.

මේ පිළිබදව අදහස් දැක් වූ නාරක්කල්ලිය ගොවි මහතෙකු වූ සිරිල් ඇලෙක්සැන්ඩර් මහතා පැවසුවේ,මෙවර ගෝවා වගාවේ අස්වැන්න ඉතා ඉහළ වූවත්,මිළ පහළ යාම නිසා  අවාසනාවන්ත ලෙස එහි ප්‍රතිලාභය ගොවීන්ට අහිමි වී ඇති බවත් ය.

ගෝවා වගාකරුවෙකු වූ කේ.ඒ.සරත් මහතා පැවසුවේ,තමාගේ අක්කරයක ගෝවා වගාව සදහා රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වැය කළ බව ය.

ගෝවා කිලෝ 20,000 කට අධික අස්වැන්නක් ලැබූව ද මිළක් නොමැතිවීමෙන් තමා ඉතා අසරණ බවට පත්ව ඇතැ යි,ඒ මහතා පවස යි.

ගෝවා වගා කරුවන්ගේ මෙම ගැටලුව අප පුත්තලම දිස්ත්‍රික්ක නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලී මහත්මිය වෙත යොමු කළෙමු.

ඒ මහත්මිය පැවසූයේ මේ කන්නය තුළ ගොවීන් වැඩි පිරිසක් ගෝවා වගාවට නැඹුරුවීම, ගෝවා වගාවට උචිත පරිසර සාධක ලැබීම යන හේතු නිසා ගෝවා සැපයුම ඉහළ ගොස් ඇති බවයි.මේ කන්නයේ කල්පිටියේ පමණක් අක්කර 600 කට වැඩි භූමි භාගයක ගෝවා සිටුවා ඇති බවය.

එකම කාලයක ගොවියෝ බොහෝ දෙනෙකු එකම භෝගය වගා කිරීම නිසා සැපයුම වැඩි වී ඇති නිසා ඊට විසදුමක් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් දියත් කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පවසයි.

ඒ අනුව එක් එක් සතියේ වගා කිරීමට නිර්දේශිත භෝගයන් කෘෂිකරම දෙපාර්තුමේන්තු වෙබ් අඩවියේ පළ කරන බැව් ඒ මහත්මිය වැඩි දුරටත් පවස යි. නිළධාරීන් හරහා මෙම පණිවිඩය ගොවීන්ට ලැබෙන බවත් අධ්‍යක්ෂකවරිය සඳහන් කළේය.



අදහස් (0)

කල්පිටියේ ගෝවා කිලෝව රුපියල් 5 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 45 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 879 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2514 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site