IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4 කට ගිවිසුම් අත්සන් කරයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 7.54ක නව ව්‍යපෘති හතරක් සඳහා ආයෝජන ගිවිසුම්වලට අත්සන් තබන ලදි. 
 
 ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් චම්පිකා මලල්ගොඩ මහත්මිය අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූ අතර අදාළ ආයෝජන වෙනුවෙන් එම ව්‍යාපෘතිවල නියෝජිතයෝ අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූහ.
 
 
අරිහරා ලංකා ඩ්‍රීම් , පික් පැක් පාක් , ෆැන්ටාසියා නැරෝ ෆැබ්රික්ස් සහ ඉන්ට්ෆාම් යන පෞද්ගලික සමාගම් සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එලෙස ආයෝජන ගිවිසුම් එළැඹුණි. 
 
 අරිහරා පෞද්ගලික සමාගම සමඟ අත්සන් කරන ලද ආයෝජන ගිවිසුම යටතේ දඹුල්ල ප්‍රදේශයේ කාමර 36කින් යුත් තරු හතරේ හෝටලයක් ඉදි කිරීමට නියමිත අතර ජපන ව්‍යාපෘතියක් වන එහි මුළු වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.85කි. එමඟින් සෘජු රැකියා අවස්ථා 80ක් ජනිත වනු ඇතැයි ද පැවසේ. 
 
 මෙම ආයෝජන  ව්‍යාපෘති මගින් බිහි කිරීමට අපේක්ෂිත සම්පූර්ණ සෘජු රැකියා අවස්ථා ගණන 642කි. 
 
 
(055)



අදහස් (0)

ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4 කට ගිවිසුම් අත්සන් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 136 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site