(නාලක සංජීව දහනායක)
කුරුදු, ගම්මිරිස්, ගොරකා, ඇතුළු සුළු අපනයන බෝග මිළ ශීඝ‍්‍ර ලෙස පහළ වැටීම හේතුවෙන් ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
මාතලේ, කුරුණෑගල, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර දිස්ත‍්‍රික්කවල වැඩි වශයෙන් ගම්මිරිස් වගාව සිදුකෙරෙති. එමෙන්ම සෙසු දිස්ත‍්‍රික්කවලද ගෘහාශ‍්‍රිතව අඩු වැඩි වශයෙන් ගම්මිරිස් වගාව සිදුකෙරෙති.
සංඛ්‍යාලේකනවලට අනුව හෙක්ටයාර 32,800 ක ගම්මිරිස් වගාව පැතිරී ඇති අතර ලක්‍ෂ 2 අධික ජනතාවක් ඉන් යැපෙති. ඒ අනුව මෙරට ගම්මිරිස් වගාව ලෝක ගම්මිරිස් අවශ්‍යතවයෙන් 2%ක පමණ අවශ්‍යතාවය සපුරනු ලබයි.
එහෙත් මීට වසර තුනකට පමණ කලින් රුපියල් 1400ක්ව තිබූ වියළි ගම්මිරිස් කිලෝවක මිල මේ වනවිට රුපියල් 400 විකුණාගත නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන තිබෙන අතර රුපියල් 500 තිබූ අමු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 140 දක්වා පහළ වැටී තිබෙන බව ගොවීහු පවසති.
මේ වනවිට මෙරට ගම්මිරිස් අස්වැන්න නෙළන සමය උදාවී තිබේ. නමුත් මිළ පහළ වැටීම නිසාවෙන් ගම්මිරිස් නෙලීමට වියදම්වන මුදලවත් පියවාගත නොහැකි බවට ගොවීහු මැසිවිලි නගති. ගම්මිරිස් මිළ මේ ආකාරයට පහළ වැටීමට වියට්නාමයේ ක‍්‍රියාත්මක ගම්මිරිස් මාෆියාව ආසන්නතම හේතුව බව ඔවුහු පෙන්වා දෙති. එහිදි සිදුවන්නේ එරටින් ගෙන්වන ගම්මිරිස් මේඩිඉන් ශ්‍රී ලංකා නමින් නැවත ඉන්දියාව ඇතුළු විවිධ රටවලට ප‍්‍රතිඅපනයනය කිරීමය.
ගම්මිරිස් වගාව සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූ විසදීමට රාජ්‍ය මැදිහත් සිදුනොවන බැවින් තමන් වෙනත් වගාවන් සදහා යොමුව සිටින බව ගම්මිරිස් වගාකරුවන් කිහිප දෙනෙකුම අප සමඟ පැවැසීය.
ගමිමරිස් මෙන්ම මෙරට නිෂ්පාදිත කුරුඳුසදහාද ලෝක වෙළද පොලේ ඉහළ ඉල්ලූමක් ඇත. නමුත් දේශීය වෙළදපොලේ කුරුදු මිලද සීඝ‍්‍රයෙන් පහළ වැටී තිබෙන බව කුරුදු වගාකරුවන් හා ව්‍යාපාරිකයෝ පෙන්වාදෙති.
ඒ අනුව පසුගිය සමයේදී රුපියල් 2050ක්ව පැවැති ගොරෝසු වර්ගයේ කුරුදු කිලෝවක මිළ රුපියල් 1530 දක්වා පහළ වැටී තිබෙන අතර ඇල්බා වර්ගයේ කරුදු කිලෝවක මිළ රුපියල් 4200 සිට රුපියල් රුපියල් 3400 දක්වා මිළ පහළ වැටී තිබෙන බව ගොවීහු පවසති.
මේ වනවිට මෙරට කුරුදු කර්මාන්මතය ප‍්‍රධාන ගැටලූ දෙකකට මුහුණ දී තිබේ. කුරුදු තැලූම්කරුවන්ගේ උග‍්‍ර හිඟය ඒ අතරින් ප‍්‍රධාන වේ. ඒ ගැටලුව හේතුවෙන් පසුගිය වසර පහක පමණ කාලයක සිට කුරුදු නිෂ්පාදනයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා නැති බව ශ්‍රී ලංකා මහ බැංකු සංඛ්‍යා ලේඛන හා දත්ත පෙන්වා දෙති.
මීට අමතරව ගොරකා මිළද පහළ වැටී තිබේ. මීට වසරකට පමණ පෙර රුපියල් 350 පමණ අළවි වූ ගොරකා කිලෝවක් වර්තමානය වනවිට රුපියල් 100 අලෙවි වේ. මෙය ඉදිරි මාස තුන ඇතුළත රුපියල් 90 - 75 දක්වා මිළ පහළ වැටෙනු ඇතැයි අනුමාන කෙරේ.
මාතර, හක්මන, බෙලිඅත්ත, ගැටමාන්න, කටුවන, මිද්දෙණිය යන ප‍්‍රදේශවල ගොරකා ශාකය බෙහෝවිට දැකිය හැකිය. එහෙත් එය මහා පරිමාණ වගාවක් ලෙස සිදුකරනු නොලැබේ.
කිසිදු පාලනයකින් තොරව විදේශවලින් මෙරටට අපනය භෝග වර්ග ගෙන්වීම, ස්ථාවර මිළක් නොමැතිවීම, මෙම වගාවන් සම්බන්ධයෙන් ඇති අනවබෝධය, ඉහළ ලාභයක් ලැබිය හැකි අපනය භෝග වර්ග ජාවාරම්කරුවන් විසින් මෙහෙයවීම වැනි ක‍්‍රියාවන් නිසාවෙන් මෙරට අපනයන බෝග ආදායම පහළ වැටීමට හේතුව බව ගොවීහු හා දේශීය ව්‍යාපාරිකයෝ පවසති.
එබැවින් මෙම අස්වනු සදහා ස්ථාවර මිළක් නියම කිරීම,ගමිමිරිස්, ගොරකා, කාරඹුනැටි වැනි සුළු අපනයන බෝගවගාවන් සදහා ගොවීන් පෙළඹවීම, වගාණය පහසුකම් සැළසීම වැනි ක‍්‍රියාවන් සදහා ඉතා ඉක්මණින් රාජ්‍ය මැදිහත්වීමක් සිදුවිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාපයේ අනෙකුත් රටවලට වැඩිය ලංකාවේ කුළුබඩු මිල ඉතා ඉහළය. ඉතින් ඕවා වැඩිමිලක් ගෙවලා ගන්න මිනිස්සු ළඟ සල්ලි නැති වුණාම මිනිස්සු ගෙවතු වගාව වගේ වෙන විකල්ප වලට පෙලඹෙනවා. ඉතින් ඉල්ලුම අඩුවෙලා මිල පහළ වැටෙනවා. හැමදාම ගොවියා විතරක් ආරක්ෂා කිරීමෙන් රටක් දියුණු නොවේ. පාරිභෝගිකයා ගැනත් සිතිය යුතුය. ගම්මිරිස් කිලෝව රුපියල් 400... පිටින් ගෙනත් විකුණන්න පුලුවන් නම් කවුද ලංකාවේ ගම්මිරිස් 1400 ගානෙ ගන්නේ ?
ආණ්ඩුවේම ඇමතියෝ නේද ඔය ජාවාරම් පිටුපස ඉන්නේ? මේ වගේ දේශපාලන මාෆියාව නිසා ජන ජීවිතය අඩාල වෙච්ච රටක් ආසියාවේ නම් නැහැ... ඇත්තේ අප්‍රිකාවේ පමණයි...
ජනතා ද්‍රෝහීන් පිටරටින් බාල ගම්මිරිස් ගෙනත් ප්‍රතිඅපනයනය කරලා ගොවීන් අමාරුවේ දැම්මේ ඒ කාලකන්නින්ට දඬුවමක් දුන්නද?
ගොවියෝ වෙනුවෙන් පෙනී ඉන්න මහත්තයාගේම පක්ෂේ, කුළු බඩු ප්‍රති අපනයනය කරන අංක එකේ ව්‍යාපාරිකයාව පක්ෂයේ ජාතික ලැයිස්තුවට දානවා. හැමෝම කරන්නේ රගපෑමක්.
ඔයාලට බැරිද මේවගේ ව්‍යාපාර කරන අයට පොඩ්ඩක් අතහිත දෙන්න එහෙම උනානම් ඔය තත්වය වෙනස් වෙන්න තිබුනා
මේ ගොල්ලන් කියන්නේ ලෝකයේ ඉස්තරම්ම ගම්මිරිස් තිබෙන්නේ ලංකාවේ කියලා.. එහෙමනම් ලෝකයේ ධනවත් රටවලින් ලොකු ඉල්ලුමක් තිබෙන්න ඕනෑ නේද අපේ ගම්මිරිස් වලට...? එතකොට මේ විදිහට මිල පහල වැටෙන්නේ නැහැ නේද? සත්‍ය කතාව ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයක් හරිම අලසයි. ඔවුන් නිතරම කල්පනා කරන්නේ අඩුවෙන්ම ඇඟ වෙහෙසලා කුමක් හෝ උප්පරවැට්ටියක් යොදලා වැඩියෙන් මුදල් සොයන්න. ගම්මිරිස් මිල මේ විදිහට පහළ වැටිලා තිබෙනකොට ඔවුන් ගම්මිරිස් වගාව සම්පූර්ණයෙන් අතැරලා දමනවා. අඩුම තරමේ වගාවට වතුර ටිකක්වත් දමන්නේ නැහැ. ඔහොම කව්රුත් ගම්මිරිස් වගනොකර ඉන්නකොට වෙළඳපලට ලැබෙන ගම්මිරිස් අඩු වෙනකොට ඒවගේ මිල වැඩිවෙනවා. එතකොට හැමෝම පටන්ගන්නවා ගමිරිස් වවන්න. වෙළෙන්දොත් ගම්මිරිස් පිටරටින් අැනවුම් කරනවා, එවිට එකවරම විශාල ගම්මිරිස් අස්වැන්නක් වෙළඳපලට ලැබෙනකොට මිල නැවත පහත වැටෙනවා. මේකට හේතු සොයනකොට හැමෝටම පේන්නේ පිටරටින් ගෙන්වපු ගම්මිරිස්, ඉතින් ඒවාට බැණ බැණ ගම්මිරිස් වවන එක නැවත අතැරලා දමනවා.
ලංකාවේ නිපදවන කෘෂි නිෂ්පාදන කිසිවක් ලෝක වෙලදපොලේ තරඟකාරී ආකාරයකට විකුනන්න හැකියාවක්නෑ. අතුරුමදියා සෑම දෙයින්ම අධික ලෙස ලාබා ලබාගන්න හදනවා. ලාබා ලබන එක වරදක්නොවේ නමුත් ඒ නිසා ඇතිවෙන පලවිපාක විදින්න සුදානම් වෙන්න ඕනෙ. ලක්රජය කොහොමද ලෝක වෙල්දෙපොල පාලනය කරන්නෙ. මෙරට විකුණන ලංකාවේ නිෂ්පාදිත හැමදෙයකම මිල අධිකයි. බොරුවට රජයට බැනල හරියන්නෙනැ..
හැමදේම රටෙන් ගෙනාවා. මැතිවරණ අපේක්ෂකයෝ විතරයි ගේන්නේ නැති වර්ගය...
රජයේ හැම විශ්‍රාමිකයෙකුටම වැටුප් වැඩිකරලා. ඒ වුණාට ගොවියන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 1200යි. මාසයක් කන්න බේත් ගන්න පුළුවන්ද? ඒකෙන්ම පේනවා ලංකාවේ රජයේ දුර්වලකම...
විශ්‍රාමිකයා මුළු ජීවිතේම රජයට කඹුරපු අය. තව සමහර අය නම් කටින් බතල කොළ හිටවපු දේශපාලුවෝ. ඒ අයගේ පඩිය කැපුවනම් තව බොහෝ දෙනෙකුට මොනවා හරි ගෙවන්න පුළුවන්. කුමාරට මේවා පෙනුනේ නැහැ.
රටට ආහාර සපයන ගොවියා. කන්තෝරුවට වෙලා ෆෑන් දාගෙන පුටුවෙම නිදාගෙන හිටපු අය නොවේ. ගොවියෝ රුපියල් 1200 අරන් ජිවත් වෙන්නේ කොහොමද කියල මම අහන්නේ
එළවලු ටික විකුණා ගන්න බැ, ගම්මිරිස් ටික වැල් වලම මැරෙනවා. කිසිම සැලසුමක් නැහැ.
කුමාර ඔබ ඉන්නේ කොහේ වුනත් මේකේ වරද තියෙන්නේ රජයේ යාපනෙන් එන එළවලු වලට කිලෝවට රුපියල් 20 ගෙවල දබුල්ලෙන් අරගන එක කොලබට ගෙනත් කිලෝව 100 ගානේ විකුණන අපේ රටේ ලංකාවේ රතු සහල් කිලෝවක් වෙන්නේ රුපියල් 75 හෝ 80. නමුත් එක පැකට් එකකට දාලා මැදපෙරදිග රටකට එවලා ඒක විකුනන්නේ රුපියල් 500. මේවා මෙහෙම වෙන්නේ රජයේ ඉන්න නුගත් දේසපලකයෝ නිසා. ගොවියා දහදුක් විදලා වවන දේට යන්තම් ගිය මුදලවත් නොලබා නිකන් බත් කකා ඉන්න අයට කෝටි ගන්න ලාභ ගන්න ඉඩදීලා බලා ඉන්නේ අපේ රටේ ඉන්න පාලකයෝ. ඔබ දන්නවද ඇයි ගම්මිරිස් මිල පහල වැටුනේ කියල වෙන රටවලින් ඒවා ගෙන්වලා ලංකාවේ කියලා අපනයනය කල නිසා. ඒවා කරන්නේ දේශපාලකයෝ මේවා නැවතුණානම් මේ විනාස වෙන්නේ නැහැ. රටේ කුඹුරු වල අස්වැන්න එන කාලෙට රටින් හාල් ගේනවා. එතකොට රටේ ගොවියා අනාතයි. වෙළෙන්දෝ තුට්ටු දෙකට වී ටික ගන්නවා. ගොවියට ණය ගෙවා ගන්නත් බැහැ. මේවා තේරුම් ගන්න ඇමරිකාවේ ඉදන් බැහැ. ලංකාවට ඇවිත් බලන්න ඔහේ ඉදගෙන ලංකා බඩු ගණන් කියල වැඩක් නැහැ. කඩෙන් කන කෙනාට කුඹුරු ගැන කියල වැඩක් නැහැ. මමත් ඉන්නේ ලංකාවේ නෙවේ. නමුත් මගේ වගාබිම් ලංකාවේ තියනවා ඒවා සදහා කොපමණ වියදක් කරනවද කියල මම දන්නවා ඒකයි