
ගී පද රචනයේ නියැලෙන වර්තමාන පරපුරට ගීතය පිළිබඳව නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය සංවිධාන කරන ගේය කාව්‍ය සුයාමය "ගී වියමන" එක්දින වැඩමුළුව අගෝස්තු මස 01 වැනි සෙනසුරාදා පෙ.ව. 9.30 සිට පස්වරු 04 .00 දක්වා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වේ.
මෙම වැඩමුළුව සඳහා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ,බන්දුල නානායක්කාරවසම්,බණ්ඩාර ඇහැළියගොඩ,මහින්ද චන්ද්‍රසේකර,නිලාර් එන් කාසිම්,නවරත්න ගමගේ,රංග දසනායක,දිලීප අබේසේකර,නීතිඥ අමිත් ලියනගේ සම්පත් දායකත්වය ලබාදීමට නියමිතය.
" ගී වියමන" වැඩමුළුව සඳහා දසත විසිරී සිටින ගී පද රචක රචිකාවන්ට සහභාගිවීමට අවස්ථාව හිමිවන අතර මේ මස 29 දිනට පෙර .0776974226 දුරකතන අංකයට අමතා ලියාපදිංචි වීම අනිවාර්ය බව සංවිධායක මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd