

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 2 වැනි වරටත් රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 2048 වසර වන විට මෙරට ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් වන රජයේ දැක්මට සමගාමීව, ශ්‍රී ලංකාව අපනයනකරුවන් විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ප්‍රශංසනීය වන අතර, හලාල් ප්‍රතීතන කවුන්සිලය මෙරට අපනයන ආර්ථිකයේ වර්ධනය සඳහා සිදු කරනු ලබන සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් මෙලෙස සම්මානයට පාත්‍ර විය.
ගෝලීය හලාල් ආහාර කර්මාන්තය, 2025 වන විට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.67 දක්වා ළඟා වීමට අපේක්ෂා කරයි. 2022 වසරේ දී ශ්‍රී ලංකා හලාල් ප්‍රතීතන කවුන්සිලය ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක වටිනාකමකින් යුත් හලාල් සහතික ලත් නිෂ්පාදන අපනයනය කිරීමට සහයවි ඇත. ජාතික අපනයන ක්‍රමෝපායන් තවදුරටත් ඉදිරියට ගෙන යාම හරහා මෙරට අපනයනකරුවන්ට ගෝලීය හලාල් ආහාර කර්මාන්තය වෙත පිවිසීමට පහසුකම් ලබාදීම HAC අරමුනවේ.
2023 වසර පුරා මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ හලාල් ප්‍රතීතන කවුන්සිලය, හලාල් සහතිකය සහිත නිෂ්පාදන ආශ්‍රිත ද්වීපාර්ශ්වික වෙළෙඳ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම ඉලක්ක කර ගනිමින් මෑතකදී ශ්‍රී ලාංකික වෙළෙඳ නියෝජිත කණ්ඩායමක් සමඟ තායිලන්තයේ සංචාරයක නිරත විය. අපනයන මගින් මෙරටට ලැබෙන ඇමෙරිකානු ඩොලර් ආදායම ශක්තිමත් කිරීම සහ තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම මෙම සංචාරය මගින් අරමුණු කෙරිණි.

මැලේසියාවේ පැවති 13 වන ජාත්‍යන්තර හලාල් සහතික කිරීමේ ආයතන සම්මුතිය 2023 සඳහා HAC සහභාගීත්වය.වමේ සිට දකුණට: අධ්‍යක්ෂ ඈන්ස් ජුනයිඩ් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ අලි ෆතරලි මහතා, අධ්‍යක්ෂ රිස්වි සහීඩ් මහතා, අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහබ් මහතා.
හලාල් ප්‍රතීතන කවුන්සිලය, 2023 සැප්තැම්බර් මාසයේ දී මැලේසියාවේ පැවති ගෝලීය හලාල් සමුළුවට සහභාගී වෙමින් අපනයන ක්ෂේත්‍රයට ඉතා වැදගත් රටවල් 47ක ප්‍රධාන පාර්ශ්වකරුවන් ඇතුළු බලධාරීන් සමඟ සබඳතා ගොඩ නංවා ගැනීමට සමත් විය. ISO 17065 සහ GSO 2055-2:2015 යන ප්‍රමිති සහතික ලබා ඇති හලාල් ප්‍රතීතන කවුන්සිලය, ගෝලීය ව්‍යාපාර සඳහා අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව සහ ගුණාත්මක භාවය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ක්‍රියාත්මක වන අතර, පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු වන පරිදි සියලු ම නිෂ්පාදන අදියරයන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වෙයි. ජාත්‍යන්තර හලාල් ප්‍රමිතීන් මත ශ්‍රී ලංකාවේ ආහාර පාන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ධාරිතාව ඉහළ නැංවීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති හලාල් ප්‍රතීතන කවුන්සිලය, වර්තමානය වන විට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ මෙන් ම මහා පරිමාණ සහ බහුජාතික ව්‍යවසායකයින් ආවරණය වන පරිදි 1000 කට පුද්ගලයින් අධික සංඛ්‍යාවක් බල ගැන්වීමට සහයෝගය ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන, හලාල් සහතික ලත් ආහාර නිෂ්පාදන රුසියානු සමූහාණ්ඩුව, ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, නෙදර්ලන්තය, ඉන්දියාව සහ එක්සත් රාජධානිය ඇතුළු මුස්ලිම් නොවන රටවල් ගණනාවකට අපනයනය කෙරෙන අතර, එම නිෂ්පාදන සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ අසර්බයිජානය වැනි බහුතරයක් මුස්ලිම් ජනතාව ජීවත් වන රටවල ද ඉහළ ඉල්ලුමක් පවතින බව පැවසිය යුතු ම කරුණකි.
හලාල් ප්‍රතීතන කවුන්සිලයේ අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ආකිෆ් ඒ. වහාබ් මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය නඟා සිටුවීම සඳහා අප ගන්නා උත්සාහය අගය කරමින් මෙම සුවිශේෂී සම්මානය පිරිනැමීම පිළිබඳ ව අපි නිහතමානී ව සතුටු වෙනවා. තායිලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ සිංගප්පූරුව වැනි රටවල ක්‍රියාත්මක වන පරිදි හලාල් පිළිබඳ පැහැදිලි රාජ්‍ය ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම ඉතා වැදගත්. එමගින් තිරසාර මෙන් ම ලාභදායී ගෝලීය හලාල් වෙළෙඳපොළ තුළ ස්ථාවරත්වයට පත් වෙමින්, සුවිශේෂී ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට හැකි වේවි." යනුවෙනි.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
බද්රානි Wednesday, 06 March 2024 04:26 PM
පහුගිය කාලේ හලාල් ඇලජික් උන බලු රැළක් උඩු බුරමින් සිටියා නේද..? දැන් ඒ බලු රැල වඳ වෙලා වත්ද..? ඔබ තුමන්ලාට මාගේ ගෞරවනීය ආචාරය!!