IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


සොලෙක්ස් - ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීම

සොලෙක්ස් සමුහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකාර්මික විවිධ වූ ජල කළමනාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය තුල තම නිෂ්පාදනයන්ගේ  විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොල තුල දැවැන්ත පියවරක් තැබීමට සොලෙක්ස් වෙත හැකියාව ලැබිණි. එමෙන්ම පසුගිය කාලපරිච්ජේදය  තුල වැකියුම් ජෙටර් යන්ත්‍ර , ඒරියල් ප්ලැට්ෆෝම්ස් , වතුර බවුසර , ගාබේජ් කම්පැක්ටර් සහ ගලි බවුසර යන කර්මාන්තගත වාහන දක්වා තම ව්‍යාපාරික නාමය රැගෙන යාමට සොලෙක්ස් ආයතනය සමත් විය.

 

සැබවින්ම ශ්‍රී ලාංකීය සමාගමක් වන සොලෙක්ස් සෑම විටම තම සමාජීය වගකීම් පිළිබඳව සැළකිලිමත් වෙමින් සමාජ අභිවෘධිය වෙනුවෙන් විවිධ වූ ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇත. පූජනීය ස්ථානයන් සඳහා ජල කළමණාකරන පද්ධති ලබා දීම , පින්නවල අලි අනාථාගාරය සඳහා එම සතුන් ස්නානය කිරීමට පහසුකම් ලබාදීම සහ විවිධ ප්‍රදේශ වල පානීය ජලය ලබාදීම සදහා ජල ව්‍යාපෘති ඉදි කිරීම එම ජාතික ව්‍යාපෘතිවලින් කිහිපයකි. 

 

සොලෙක්ස් සමාගමේ සන්නාමකරණ හා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය  සදිනි විජයසිරි මෙනෙවිය විසින් 2021 වසර  සඳහා තම සමාජ සුබසාධන ව්‍යාපෘතිය නම් කරන ලද්දේ  " ආරක්ෂාවයි  තේරීම " යනුවෙනි. මෙහි මූලික අදියර වෙන් කෙරුනේ රට පුරා  පොලිස් මාර්ග බාධක බෙදා හැරීම වෙනුවෙනි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වුයේ ජාතික ආරක්ෂාව සඳහා විනයගරුකව මාර්ගය භාවිතා කිරීම සහතික කිරීමයි.  සොලෙක්ස් සමාගම මෙම මාර්ග බාධක නිෂ්පාදනය කරනු ලබන්නේ ඒකළ පිහිටි තම කර්මාන්ත ශාලාවෙහි වන අතර එහි සේවය කරන්නාවූ සේවක මහතුන් තම ආයතනය සිදු කරන්නාවූ මෙම ජාතික කර්තව්‍ය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරනු ලබයි.

සොලෙක්ස් සමාගම විසින් පොලිස් මාර්ග බාධක ලබා දීමේ වැදගත් සන්ධිස්ථානයක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණය අසල සහ ඓතිහාසික කැළණි රජමහා විහාරය අසල  සිදුවිය.

පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ග බාධක ප්‍රදානය කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොලිසියේ සහභාගී වූ ඉහළ පෙලේ නිළධාරීන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සරත් කුමාර ,මිරිහාන පොලිස් ස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක සහ තලංගම පොලිස් ස්ථානාධිපති නලින්ද දිල්රුක් යන මහත්වරුන් විය.

 

කැළණි රජමහා විහාරය අසල පොලිස් මාර්ග බාධක ප්‍රදානය කිරීමේ උත්සවයට කැළණි පොලිසියේ ස්ථානාධිපති සුදත් වල්පොල මහතාද සහභාගී විය.

මෙම උත්සවයට සහභාගී වූ වෛද්‍ය සදිනි විජයසිරි මෙනෙවිය පවසා සිටියේ, සොලෙක්ස් ආයතනය ජාතික අවශ්‍යතාවයක් ඇති ව්‍යාපෘති සඳහා තම ආයතනයේ දායකත්වය ලබා දෙන්නේ මහත් ආඩම්බරයෙන් බවයි .  ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ , මෙම ජාතික ව්‍යාපෘති සඳහා තම දායකත්වය ලබා දුන් සියලුම සොලෙක්ස් සමාගමේ කාර්යමණ්ඩලය වෙත ඇයගේ   කෘතවේදීත්වය හිමිවන බවයි. එමෙන්ම ශ්‍රී ලංකා පොලිසියට ඇයගේ හෘදයාංගම  ආදරය හා ගෞරවය ප්‍රකාශ කර සිටි අතර  2021 වසර  අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව පුරා මාර්ග බාධක සියයකට අධික ප්‍රමාණයක් බෙදා හැරීමට සොලෙක්ස් ආයතනය කටයුතු කරනු ලබයි. 



අදහස් (0)

සොලෙක්ස් - ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site