IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


සර්ටිස් ලංකා සමූහය දිවයින පුරා සිසු සිසුවියන් වෙත පාසල් පොත් ලබා දෙයි

වමේ සිට අසුන්ගෙන සිටින නියෝජ්‍ය සභාපති - විපුල් හෙට්ටිගේ මහතා, සමූහ සම කළමනාකාර අධ්‍යක්ෂිකා - මිනෝලි විජේසිංහ මහත්මිය, සභාපතිනි - අසන්ති විජේසිංහ මහත්මිය, සමූහ සම කළමනාකාර අධ්‍යක්ෂක - ජීවක විජේසිංහ මහතා සහ මේජර් ආනන්ද රුද්‍රිගු, සමූහ අධ්‍යක්ෂ / ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, සේවකමණ්ඩලයේ දුවා දරුවන් සමඟ

 

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන සර්ටිස් ලංකා සමූහය 2023 වසරේ තම ප්‍රථම ආයතනික සමාජ සත්කාරක වැඩසටහන දියත් කරමින්, සිය සේවක සේවිකාවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ පුතුන් වෙත සහයෝගය දැක්වීමට පියවර ගැනිණි.

‘පරිත්‍යාගය ඇතුළතින් ම අරඹන්න’ යන සංකල්පය පෙරදැරිව සිය සාමාජික සාමාජිකාවන්ගේ දූ දරුවන් 5973 දෙනෙකු වෙත පාසල් පොත් හා උපකරණ බෙදා දීම එහි දී සිදු කෙරිණි.

මේ වෙනුවෙන් 2023 මාර්තු 13 වන සඳුදා කොළඹ සසකාවා ශාලාවේ දී පැවති උත්සවයේ දී සර්ටිස් ලංකා සමූහයේ අධ්‍යක්ෂවරුන්ගේ සුරතින් දරු දැරියන් 150 දෙනෙකුට මෙම ව්‍යාපෘතිය සංකේතවත් කරමින් ත්‍යාග පිරිනැමිණි.

“අපගේ සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන්ට පාසල් පොත් සැපයීම ඉතාමත් ඵලදායී  ව්‍යාපෘතියක් වගේ ම එය ඔවුන්ට මහත් ශක්තියක් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීම කියන්නෙ අපගේ සාමාජික සාමාජිකාවන්ගේ වගේම අප සමූහයේ හා මව්බිමේ අනාගතය වෙනුවෙනුත් ආයෝජනය කරනවා යන්නයි. සමාගමක් විදියට අපි, අප වටා සිටින අයගේ ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සම්පත් හා සහය ලබා දීමට නිරන්තරයෙන් කටයුතු කරනවා.” යනුවෙන් සර්ටිස් ලංකා සමූහයේ සම කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන ජීවක විජේසිංහ සහ මිනෝලි විජේසිංහ යන මහත්ම මහත්මීහු පැවසූහ.

සර්ටිස් ලංකා සමූහය විසින් නිවාස ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, ශිෂ්‍යත්ව පිරිනැමීම, වෛද්‍ය කඳවුරු පැවැත්වීම ආදී කාර්ය මණ්ඩල සුබසාධන වැඩසටහන් මගින් සහ ආපදා අරමුදල් හරහා හදිසි වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා දීම වැනි විවිධ අභ්‍යන්තර ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘති ඔස්සේ සිය සාමාජික සාමාජිකාවන් බල ගැන්වීමට කටයුතු කරයි.

සර්ටිස් ලංකා යනු විවිධ ක්ෂේත්‍ර ආශ්‍රිතව ගුණාත්මක සේවා ලබා දීම අතින් ජනප්‍රියත්වයට පත් සමාගමකි. භෟතික ආරක්ෂණ සේවා, ආරක්ෂිත සැපයුම් සහ සෞඛ්‍ය සේවා ආදී සේවාවන් රැසක් සර්ටිස් ලංකා සේවා කළඹට ඇතුළත් වේ. සර්ටිස් ලංකා යනු සිංගප්පූරුවේ සර්ටිස් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගමේ හවුල් ව්‍යාපාරයක් වන අතර, එය th Temasek Holdingsහි පූර්ණ හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක වේ.

Certis Lanka සමූහය ආරක්ෂක විසඳුම්, ආරක්ෂිත සැපයුම්, තාක්ෂණ සහ උපදේශන, ගෘහ හෙද, හදිසි සත්කාර සහ කුරියර් සේවා - මෑන් පවර්, මූල්‍ය කළමනාකරණ, මූල්‍ය ප්‍රවාහන, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පිරවුම්, ඉලෙක්ට්‍රොනික ආරක්ෂණ පද්ධති ආදී පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කෙරෙන ආයතන 5 කින් සමන්විත වේ.

 



අදහස් (3)

සර්ටිස් ලංකා සමූහය දිවයින පුරා සිසු සිසුවියන් වෙත පාසල් පොත් ලබා දෙයි

Weerasinghe Thursday, 06 April 2023 11:00 AM

ඉතා හොදයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව කොඨ්ඨාශයේ අ/මැදවැව පාතමික පාසලේ ලමයි 89ක් පමන අද්‍යපනය ලබන අතර ඒ අහිංක මල් කැකුලු සදහා පාසල් උපකරණ බෙදා දිමට හැකිනම් ගොඩාක් පිං

:       0       2

Janaka Friday, 14 April 2023 06:11 PM

රත්නපුර පොත් ටික හොරා කෑවා

:       0       0

Kaushalya Mihirani Sahabandu Tuesday, 18 April 2023 09:46 AM

ඔබලා කරන මේ කටයුත්ත අසරණ ළමුන්ට ලොකු දෙයක්. අනුරාධපුර ජිවත් වන අසරණ ළමුන්ටත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක් පිං සිද්ධ වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site