IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්‍රීලංකාවේ කෘෂිකාර්මික කේන්ද්‍රස්ථානයවූත් සංස්කෘතික වටිනාකම් රැසකින් පොහොසත්වූත් මහියංගනය ප‍්‍රදේශවාසී ජනතාවගේ එකිනෙකට වෙනස් මූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරමින් මෙම නවතම මහියංගනය ශාඛාව හරහා පාරිභෝගික කේන්ද්‍රීය පහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීම අපේක්ෂා කෙරේ. සියපත ෆිනෑන්ස් පීඑල්සී නවතම මහියංගනය ශාඛාව වෙතින් ලීසිං, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, fast draft චක‍්‍රීය ණය සේවාව ඇතුළු මූල්‍ය සේවාවන් රැසක් සමඟ Smart Pay බිල්පත් ගෙවීමේ සේවාව ලබාගත හැකිය.

සියපත ෆිනෑන්ස් පීඑල්සී මහියංගනය නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී රජීව් ද සිල්වා මහතා ප‍්‍රමුඛ සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්යමණ්ඩල සාමාජිකයන්, මහියංගනය ප‍්‍රාදේශීය ලේකම් විමංස සෙනෙවිරත්න මහතා, පොලිස් පරීක්ෂක පී. එස්. කේ. ද සිල්වා මහතා, ග‍්‍රාමනිලධාරී ආර්. එන්. එස්. රණවක මහතා, වෙළෙඳ සංගමයේ සභාපති සරත් මහින්ද කුමාර මහතා යන මහත්ම මහත්මීන් ඇතුළුව ප‍්‍රදේශයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, මූල්‍ය ආයතන හා රක්ෂණ ආයතන රැුසක් නියෝජනය කරමින් නියෝජිතයන් රැුසක් සහභාගී වූහ. 

හරිත වර්ණ සොබා සෞන්දර්යයෙන් පිරිපුන්ව ආගමික හා ඵෙතිහාසික වටිනාකම් රැුසකින් සමන්විත මහියංගනය යනු බදුල්ල දිස්ත‍්‍රික්කයේ හදවත බඳුය. පහත් තැනිතලා බිම යන අර්ථය ඇතිව පුරාණ සිංහලේ බිම්තැන්න "බිංතැන්න" ලෙස හැඳින්වූ මහියංගනයට එකී නාමය ලැබී ඇත්තේ පාලි භාෂාවේ මහී "මහපොළොව" අංගනා "දෙව් දුව" වචන එක්ව පසුකාලීන ව්‍යවහාරයක් ලෙස පැමි ර්‍ණමෙනි. හුන්නස්ගිරිය හරහා මහනුවර සිට පදියතලාව දක්වා මහා මාර්ගයේ ඇති 18 වංගුව මහියංගනයට බිංතැන්න ලෙස ව්‍යවහාර වීම තහවුරු කෙරෙන අපූරු නිර්මාණයකි. 

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ගංගාව වන මහවැලි ගඟ ආශ‍්‍රිතව පිහිටි නිසාත් දශක ගණනාවක් තිස්සේ ක‍්‍රියාත්මක මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසාත් මහියංගනය ආශ‍්‍රිතව සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයට මුල්තැන දුන් ජීවන රටාවක් දැකගත හැකිය. මහියංගනය ආශ‍්‍රිතව වෙසෙන ජනගහණයෙන් බහුතරය වී ගොවිතැන මුල් කරගෙන කටයුතු කරනු ලබන අතර කෘෂි ව්‍යවසායකයන්, ස්වයං රැුකියා නියුක්තිකයන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, විවිධ සේවා අංශවල කටයුතු කරන වෘත්තිකයන් යනාදී ආර්ථික වශයෙන් ක‍්‍රියාකාරී ශ‍්‍රම බලකායක් වීම කැපී පෙනෙයි. මේ අනුව මහියංගනය මූල්‍ය සේවා සඳහා සුදුසුම වෙළෙඳපොළක් ලෙස සියපත ෆිනෑන්ස් පීඑල්සී හඳුනාගනිමින් සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව මහියංගනය නගරයේ ස්ථාපිත කොට තිබේ.

මහියංගනය නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් "කෘෂිකර්මාන්තයෙන් සරුසාර වූ ආගමික හා සංස්කෘතික වටිනාකම් ගණනාවකින් ගෞරවයට පත්වූ අභිමානවත් මහියංගනය පුරවරයට සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව රැුගෙන එන්නට ලැබීම අප ලද මහත් ගෞරවයක්. අපේ රටේ කෘෂි ආර්ථිකයේ දියුණුවට මහියංගනයෙන් ලැබෙන දායකත්වය මෙතෙකැයි කියන්න බැහැ. ඔබේ මූල්‍ය අවශ්‍යතාව කුමක් වුවත් ඔබට ගැලපෙන ආකාරයෙන් පහසුවෙන් මූල්‍ය සේවාව ලබා දී ඔබේ ජීවන තත්ත්වය උසස් කරදීමට සියපත ෆිනෑන්ස් අප සූදානම්!" යැයි පැවසීය.
සියපත ෆිනෑන්ස් පීඑල්සී දියත් කළ ”සියපතෙන් මිහිකතට” සමාජ සත්කාර ව්‍යාපෘතිය යටතේ මහියංගනය නවතම ශාඛාව විවෘත කිරීමට සමගාමීව, සියපත ෆිනෑන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂවරයා ප‍්‍රමුඛ ජේෂ්ඨ කළමනාකාරීත්වයේ ප‍්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත‍්‍රික්කයට අයත් සොරබොර වැව මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් රුක් රෝපණ වැඩසටහනක් දියත් කරන ලද අතර එම විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන තත්ත්වය උසස් කරලීමෙහිලා ඩිජිටල් ඉගෙනුම් උපකාරයක් ලෙස පරිගණක හා අධ්‍යාපනික උපාංග පරිත්‍යාගයන් ද ඒ හා සමගාමීව සිදුකෙරිණ.
මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග වසර 20 ක කාලයක් පුරා විශිෂ්ට තත්ත්වයේ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් ලබාදීමෙහිලා ශ‍්‍රී ලාංකිකයන් අතර කීර්තියක් දිනාසිටින සියපත ෆිනෑන්ස් පීඑල්සී මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයක් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ප‍්‍රමුඛව දිරියෙන් නැගීසිටින්නට වෙරදරන ශ්‍රී ලාංකිකයන් රැුසක් සවිබල ගන්වා ඇත. සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සාමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ෆිච් ශ්‍රේණිගත කිරීම් අනුව A (lka)  හිමිකරගත් ශක්තිමත් හා ස්ථාවර දේශීය මූල්‍ය සමාගමක් ලෙස සිය මූල්‍ය ස්ථාවරත්වය සනාථ කොට ඇත.
 
මහියංගනය සියපත ෆිනෑන්ස් ශාඛාවේ සේවා පිළිබඳ දැනුවත් වීම සඳහා 055 7605005 අමතන්න, නැතහොත් අංක 08, පදියතලාව පාර, මහියංගනය යන ස්ථානයේ පිහිටි ශාඛා කාර්යාලයට පිවිසෙන්න. වැඩිවිස්තර සඳහා www.siyapatha.lk වෙබ් අඩවියට පිවිසෙන්න.



අදහස් (0)

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site