IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


සිතුමින ජයසුන්දර HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කෙරේ.

HNB ඇෂුවරන්ස් PLC (HNBA ) හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) විසින් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුරට සිතුමින ජයසුන්දර මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. වසර 23 කට වැඩි පළපුරුද්දක් හා විවිධාකාරී වෘතිය වගකීම් දරා ඇති, සිතුමින, කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය (එක්සත් රාජධානිය) වෙතින් MBA උපාධියක් ද , ACII (එක්සත් රාජධානිය), ANZIF  (Snr Assoc) සහ වරලත් රක්ෂණ වෘතිකයකු වේ. 2014 ජුලි මාසයේදී HNBGI හා සම්බන්ධ වූ ඔහු 2015 දී සමූහ විධායක කමිටුවට පත් කරන ලද අතර පසුව HNBGI හි ප්‍රධාන තාක්ෂණික නිලධාරි ලෙස උසස් කරන ලදී.

ඔහු සාමාන්‍ය රක්ෂණය හා සම්බන්ධ විවිධ පුහුණු වැඩසටහන් හරහා ජාත්‍යන්තර දැනුම ලබා ඇති අතර ප්‍රති රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ද මනා පළපුරුද්දක් ලබා ඇත. සිතුමින එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයට අනුබද්ධිත ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ උප සභාපති ධූරය ද දරයි. ඔහු ශ්‍රී ලංකාවේ වරලත් රක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ (ACIP) ආරම්භක සභා සාමාජික ලෙසද කටයුතු කරයි.

HNBA සහ HNBGI හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා අදහස් දක්වමින් පැවසුවේ, "සිතුමින අප සමාගමේ දියුණුවට හා වර්ධනයට බෙහෙවින් දායක වී තිබේ. ඔහුගේ ව්‍යාපාරික දක්ෂතා සහ ගැඹුරු තාක්‍ෂණික අවබෝධය හැරුණු විට ඉතා පුළුල් ප්‍රතිරක්‍ෂණ පසුබිමක් ද ඔහු සතු වේ . සිතුමිනගේ නව පත්වීමට මම සුබ පතමි”. 

ජීවිත හා සාමාන්‍ය රක්‍ෂණ ව්‍යාපාර වෙන් කිරීමේ නියාමන අවශ්‍යතාවයට අනුකුලවන පරිදි 2015 ජනවාරි මාසයේදී HNB ඇෂුවරන්ස් PLC (HNBA) හි පූර්ණ අනුබද්ධිත ආයතනයක් ලෙස HNB ජෙනරල් රක්ෂණ සමාගම (HNBGI) ස්ථාපනය කරන ලදී. මේ අනුව, 2015 ට පෙර HNBA විසින් හසුරුවන ලද සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර මෙහෙයුම් HNBGI විසින් සාර්ථකව භාර ගන්නා ලදී. HNBGI සමාගම, මෝටර් රථ සහ සාමාන්‍ය රක්ෂණ සැලසුම් යන කාණ්ඩ දෙකෙහිම මනා විශිෂ්ටත්වයක් පෙන්නුම් කරන අතර, දැනට ශාඛා 56 කින් යුත්, ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සමාගමක් ලෙස ප්‍රචලිත වී තිබේ. එහි මව් සමාගම වන HNBA සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට සේවාවක් සලසන ‍ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම 100 තුළ සහ ප්‍රමුඛතම සමාගම් 100 තුළ ද සිටින අතර, සන්නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය සහ මානව කළමනාකරණ විශිෂ්ටත්වය සම්බන්ධයෙන් සම්මාන රැසක්ද ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය සහ දකුණු ආසියානු ගිණුම්කරණ සම්මේලනය වෙතින් සංවිධානය කරන ලද වාර්ෂික වාර්තා සම්මාන වැනි සම්මාන රාශියක් ද දිනා ගෙන තිබේ.

 



අදහස් (0)

සිතුමින ජයසුන්දර HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කෙරේ.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site