IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


සිංගර් ශ්‍රී ලංකා සමාගම තම පාරිභෝගිකයන් හට SINGER RED Loyalty වැඩසටහන හඳුන්වා දෙයි

සිංගර් ශ්‍රී ලංකා සමාගම මෑතකදී සිය නවතම Singer RED Loyalty වැඩසටහන දියත් කළ අතර එය සිංගර් හි පාරිභෝගික සැමට විවෘතය. SINGER RED Loyalty වැඩසටහන දැනට මිලියන 2 කට අධික විශ්වාසවන්ත පාරිභෝගික පදනමක් දරයි.

SINGER RED Loyalty වැඩසටහන මගින් පාරිභෝගිකයන් මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සඳහාම  RED පොයින්ට්ස් ලැබෙන අතර පාරිභෝගිකයින්ට Singer RED Loyalty වැඩසටහනේ සාමාජිකයෙකු වීමේ  හැකියාවද ලබා දෙයි. තවද පාරිභෝගිකයෙකු RED පොයින්ට්ස් 1000ක් උපයාගත් පසු, ඔවුන්ට සුවිශේෂී ප්‍රතිලාභ සහ පිරිනැමීම් ලබාගැනීමට SINGER RED Loyalty වැඩසටහන මගින් හැකියාව ලැබේ.

ඕනෑම සිංගර් ප්‍රදර්ශනාගාරයක හෝ www.singer.lk  වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයන් වැය කරන සෑම රුපියල් 200ක් සඳහාම   RED පොයින්ට් එකක් බැගින් හිමි කර ගැනීමේ හැකියාව පවතී. මීට අමතරව, සිංගර් එක්ස්ප්‍රස් ගෙවීම් කවුන්ටර හරහා උපයෝගිතා බිල්පත් සහ ක්‍රෙඩිට් කාඩ් බිල්පත් ගෙවීමේදී ද  පාරිභෝගිකයින්ට RED පොයින්ට්ස්  උපයා ගත හැකිය.  VIP සාමාජිකත්වය සඳහා සෑම විටම වියදම් කළ රුපියල් 100 කට RED පොයින්ට්ස් එකක් බැගින් උපයා ගත හැකි බැවින් ඉහළට යන විට වැඩි-වැඩියෙන් RED පොයින්ට්ස් උපයා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.

SINGER RED Loyalty වැඩසටහන හරහා උපයාගන්නා RED පොයින්ට්ස් ප්‍රමාණය මත පදනම්ව පාරිභෝගිකයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා ඇත. Deluxe සාමාජිකත්වය සඳහා RED පොයින්ට්ස් 1000 -2999ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වන අතර Premier සාමාජිකත්වය සඳහා RED පොයින්ට්ස් 3000 - 5999ක් තිබීම අවශ්‍ය වේ . RED පොයින්ට්ස් 6000කට වඩා වැඩි පාරිභෝගිකයින් වෙත VIP සාමාජිකත්වය පිරිනැමෙ.

සෑම SINGER RED Loyalty සාමාජික මට්ටමක් සඳහාම ප්‍රතිලාභ රැසක් ඇත. මෙයට සිංගර් නිෂ්පාදන සඳහා වාර්ෂික වට්ටම්, උපන් දින මාසවල විශේෂ වට්ටම්, දිනුම් ඇදීම් සඳහා ජයග්‍රාහී අවස්ථා ඇතුළත් වේ. SINGER RED Loyalty සාමාජිකයන් හට දිවයින පුරා පිහිටි ඕනෑම ප්‍රදර්ශනාගාරයකින් මිලදී ගැනීම් සිදු කිරීමේදී තම RED පොයින්ට්ස්  භාවිතා   කල හැක. singersl.com/loyalty හරහා   පාරිභෝගිකයින්ට  ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඔවුන් ලබා ඇති   RED ලකුණු ප්‍රමාණය දන ගැනීමේ හැකියාව පවතී.

Singer Red Loyalty වැඩසටහන පිළිබඳ වැඩි විස්තර සඳහා singersl.com/loyalty වෙත පිවිසෙන්න.



අදහස් (2)

සිංගර් ශ්‍රී ලංකා සමාගම තම පාරිභෝගිකයන් හට SINGER RED Loyalty වැඩසටහන හඳුන්වා දෙයි

S.Gunawardena Saturday, 04 February 2023 04:40 AM

මෙම සමාගම ගැන මම දැඩි ලෙස කලකිරීමට පත් විය. මම මේ අයගෙන් මහන මැෂිමක් ගෙනාවා. මමත් එක පාරක් දෙපාරක් පාවිච්චි කලේ නෑ .අවුරුද්දක් ඇතුලත ලී රාමු ඔක්කොම මඩ උනා. පැමිණිලි කළ නමුත් කිසිදු සේවාවක් ලබා දී නොමැත. මුල ඉඳලම මැෂින් එකත් හරියට වැඩ කළේ නෑ.මට මතකයි ඒ දවස්වල කොච්චර හොඳ කම්පැනි එකක්ද කියලා . මගේ අත්දැකීමෙන් මම එහි නිෂ්පාදනයට වෛර කරනවා. ඒ වගේම කෙලින්ම කියනවා ඔබ වංචා කරනවා කියලා. අපි සල්ලි හොයන්නේ අමාරුවෙන්.

:       0       0

Eranga Muthukumarana Sunday, 05 February 2023 10:55 AM

සේවා සපයන්නාට පසු අංක එක සිංගර් බව විශ්වාස කරන පාරිභෝගිකයින්ට මෙය හොඳ අවස්ථාවක්. නව නිෂ්පාදනයක් දියත් කරන විට, කරුණාකර පොදු පරිශීලක අත්පොත YouTube තුළ වීඩියෝවක් ලෙස ඇතුළත් කරන්න. එවිට මිනිසුන්ට පහසුවෙන් නිෂ්පාදනය භාවිතා කළ හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1169 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site