IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

හාර්පික් සුවජන මෙහෙයුම

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා” යන තේමාව යටතේ ලෝක වැසිකිළි දිනය සැමරෙන අතර මෙම ගෝලීය වැඩසටහනේ සංකේතය වන්නේ හමිංබ්ර්ඩ් කුරුල්ලායි. දකුණු ඇමෙරිකානු ජනකථාවක එන වනාන්තරයක හටගත් ගින්න නිවා දැමීමට නොසැළෙන අධිෂ්ඨානයෙන් උත්සාහ කළ හමිංබර්ඩ් කුරුල්ලාගේ ආදර්ශය 2023 ලෝක වැසිකිළි දින වැඩසටහනේ සංකේතය වන්නේ තමන්ට හැකි අයුරින් සනීපාරක්ෂාව සම්බන්ධ ගෝලීය අර්බුධය විසදීමට දායක වන ලෙසට ලෝක ජනතාව දිරි ගැන්වීමේ අරමුණ ඇතිවයි.

හමිංබර්ඩ්ගේ සංකේතය සහ කථාව ශ්‍රී ලංකාවේ වැසිකිළි සහ සනීපාරක්ෂාව සම්බන්ධ ගැටළු විසඳීම වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩවම එකම අදිටනින් ක්‍රියාත්මක වුණු හාර්පික් සුවජන මෙහෙයුම කථාව සමඟ සැසදීමට හැකි වීම සුවිශේෂීත්වයක්. මේ හාර්පික් සුවජන මෙහෙයුම කථාවයි.

ලෝකයේ සම්පූර්ණ ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට තවමත් සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම් නොමැති බව ඔබ දන්නවාද? එම අනාරක්ෂිත තත්ත්වය නිසා ඇති වන විවිධ ලෙඩරෝගවලින් දිනකට ලෝකය පුරා ළමුන් 1000කට අධික සංඛ්‍යාවක් මියයනවා. (2023 එක්සත් ජාතීන්ගේ වාර්තා) එමෙන්ම අපේ රටෙත් සැළකිය යුතු පිරිසකට ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂිත වැසිකළි පහසුකම් නොමැති අතර පාසල්, රෝහල් වැනි පොදු ස්ථානවල තිබෙන වැසිකිළි පහසුකම්වල තත්ත්වය ඉතාම පහළයි.

පසුගිය දශකය පුරා මෙරට තුළ ලෝක වැසිකළි දිනය සැමරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ මෙරට ජනතාවට සමීපතම සනීපාරක්ෂක සන්නාමයක් වන හාර්පික් විසින්. වැසිකිළි සහ සනීපාරක්ෂාව පිළිබඳව ගැටලු ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දීර්ඝකාලීන ඉලක්කය ඇති හාර්පික් විසින් 2017 දී හාර්පික් සුවජන මෙහෙයුම දියත් කළ අතර එය මූලික අංශ හතරක් ඔස්සේ ක්‍රියාත්මක වන්නකි.

අනාගත පරපුරට සෞඛ්‍යසම්පන්න පුරුදු හුරු කිරීම

හාර්පික් සුවජන මෙහෙයුම වැඩසටහන යටතේ දීර්ඝ කාලීනව සමාජය වෙනස් කිරීම ඉලක්ක කරගත් වැඩසටහනක් වන්නේ සනීපාරක්ෂාව සහ වැසිකිළි භාවිතය සම්බන්ධයෙන් පාසල් දරුවන් හුරු කිරීමේ වැඩසටහනයි. මේ වැඩසටහන යටතේ හාර්පික් වසර ගණනාවක් පුරා දිවයින පුරා පාසල් වෙත යමින් සුවහසක් දරුවන්ට මෙම අධ්‍යාපනය ලබා දීමට කටයුතු කර තිබෙනවා.

2023 දී හාර්පික් සුවිශේෂී අවධානයක් යොමු කළේ ගැහැණු දරුවන්ට සනීපාරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන දැනුම ලබාදීමටයි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, කාන්තා සනීපාරක්ෂාව පිළිබඳව විශේෂඥතාවයක් හිමි වෘත්තීයවේදීන්ගේ සහභාගිත්වයෙන් හාර්පික් වසර පුරාම බාලිකා පාසල් ගණනාවක වැඩමුළු පැවත්වීමට කටයුතු කළා.

හාර්පික් පාසල් වැඩසටහන මේ වසරේදී සුවිශේෂී සාර්ථකත්වයක් අත්පත් කරගත් වැඩසටහනක් බවට පත් වූයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ශිෂ්‍යාවන් සිය ගණනාවක් හා සමීපව දැනුම බෙදා දීමට හැකියාව ලැබීම නිසාය. ගම්පහ හෝලි ක්‍රොස් විද්‍යාලය, මිනුවන්ගොඩ බාලික විද්‍යාලය, නායකන්ද යහපත් එඬේරාගේ කන්‍යාරාමය සහ බකමූණ මහසෙන් ජාතික පාසල එවන් පාසල් කිහිපයක්. මේ පාසල්වලට අත්‍යවශ්‍යව තිබූ වැසිකළි පහසුකම් 300ක ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ ඉදි කර ඔවුන්ගේ පරිහරණය වෙනුවෙන් ලබාදීමට හැකි වීම හාර්පික් සම්පූර්ණ කළ දැවැන්ත ඉලක්කයක්.

රට පුරා විසිරුණු හාර්පික් ජංගම වැසිකිළි වැඩසටහන

පරම්පරා ගණනාවක් පුරා හාර්පික් ශ්‍රී ලාංකික ජනතාවට අතිශය සමීප සන්නාමයක් ලෙසින් ලබා ඇති සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් මනාව හදුනාගෙන ඔවුන්ට අවශ්‍යම මොහොතේදී සහනයක් වීමට හාර්පික් සතු හැකියාවයි. 2015 වසරේ සිට ක්‍රියාත්මක වන හාර්පික් ජංගම වැසිකිළි සේවය සන්නාමයක් වශයෙන් හාර්පික් සතු මේ හැකියාව සමාජ සත්කාරය වෙනුවෙන් උපරිමයෙන්ම යොදා ගත් ආකාරයට උදාහරණ සපයන්නකි.

ඒ හාර්පික් විසින් දැවැන්ත ආයෝජනයක් සිදු කර නිර්මාණය කළ ජංගම වැසිකිළි පද්ධති ශ්‍රී ලංකාවේ විශාලතම ජනකායක් සහභාගී වන දැවැන්ත ආගමික හා සංස්කෘතික උත්සව අවස්ථාවන්හිදී ජනතා සේවයට පවරා දෙමින් අවශ්‍යම අවස්ථාවන්හිදී මහජනතාවට සහනයක් වීමට සිය ජංගම වැසිකිළි සේවය හරහා හාර්පික් කටයුතු කර ඇති නිසාය.

මේ ආකාරයට වසර පුරාවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවත්වෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස් සහභාගී වන මහනුවර ඇසළ පෙරහැර, මඩු මංගල්‍යය, තලවිල ශාන්තා ආනා දෙව්මැදුරේ මංගල්‍යය, අනුරාධපුර පිච්චමල් පූජාව වැනි අවස්ථාවන් සදහා වසර ගණනාවක් පුරා සිය සේවය අඛණ්ඩවම ලබා දීමට හාර්පික් සුවජන මෙහෙයුම වැඩසටහන කටයුතු කර ඇත. පසුගිය වසර ගණනාවක කාලය පුරා හාර්පික් විසින් සිදුකළ මෙම සත් කාර්යයේ ප්‍රතිලාභ ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව ගැණිය නොහැකි තරම් විශාල වන අතර සෑම වසරකම නුවරඑළිය වසන්ත සැණකෙළිය සමයේදී පමණක් හාර්පික් ජංගම වැසිකිළි සේවයේ සහනය ලබන පිරිස මිලියනය ඉක්මවීම මෙයට උදාහරණයකි.

 පොදු සනීපාරක්ෂක පහසුකම්වලට හාර්පික් වෙතින් නව ජීවයක්

ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවල පිහිටි වැසිකිළිවල පරිහරණයට නුසුදුසු තත්ත්වය හඳුනාගත් හාර්පික් එම පහසුකම් නවීකරණයට සහ නැවත ඉදිකිරීමට විශාල අරමුදල් ප්‍රමාණයක් යොදවා තිබෙනවා.  වසර ගණනාවක් පුරා රටෙහි විවිධ ප්‍රදේශවල දුම්රිය ස්ථාන, රෝහල්, පාසල් වැනි ස්ථානවල පිඑිටි වැසිකිළි නවීකරණය සහ නැවත ඉදිකිරීම නිසා ප්‍රතිලාභ ලැබූ සමස්ත පිරිස ගණන් කළ නොහැකි තරම්. 

සෑම නිවසකටම වැසිකිළියක්

විවිධ පෙදෙස්වල ආර්ථිකමය වශයෙන් දුෂ්කරතාවන්ට මුහුණ දෙන පවුල් හඳුනාගෙන ඔවුන් වෙත සිය වියදමෙන් වැසිකිළි පහසුකම් ඉදිකර දීමට හාර්පික් සුවජන මෙහෙයුම ආරම්භයේ සිටම කටයුතු කළ අතර එමගින් වසරකට අවම වශයෙන් පවුල් 150 කට වැසිකිළි පහසුකම් ඉදිකර දෙනවා. 2017 සිට මේ දක්වා පවුල් 900කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනේ ප්‍රතිලාභ ලබා තිබෙනවා.

වසර ගණනාවක් පුරා එකම ඉලක්කයක් කෙරෙහි අඛණ්ඩ කැපවීමෙන් ක්‍රියාත්මක වන සුවජන මෙහෙයුම හරහා ශ්‍රී ලාංකේය ජනතාවට සෘජුවම බලපාන සනීපාරක්ෂක ගැටලු විසඳීමට කටයුතු කළ හාර්පික් “වේගවත් වෙනසක් කරා” යන තේමාව යටතේ සැමරෙන 2023 ලෝක වැසිකිළි දිනය වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වඩා සෞඛ්‍යාරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා තමන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙසයි.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16155 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site