
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම දෘෂ්ටි සේවා සැපයුම්කරුවා වන විෂන් කෙයා ආයතනය, කොවිඞ්-19 මර්දන මෙහෙයුමට සිය දායකත්වය ලබා දෙමින් cold centrifuge ඒකකයක් ශ‍්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබා දෙන ලදී. මෙම උපකරණය PCR පරීක්ෂණ කටයුතු සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය උපකරණයක් වන අතර මෙමගින් දිනකට සිදු කරන PCR පරීක්ෂණ සංඛ්‍යාව තවත් 400 කින් පමණ වැඩි කර ගැනීමට වෛද්‍ය පර්යේෂණ ආයතනයට හැකි වෙයි. මෙම වසංගතය මෙරටින් තුරන් කිරීමේ සාමූහික ප‍්‍රයත්නයට දායක වෙමින් විෂන් කෙයා ආයතනයේ ව්‍යාපාර සංවර්ධන කළමනාකාර මනුලාල් ලක්නාත සහ චන්දන පේ‍්‍රමලාල් විසින් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, වෛද්‍ය කාන්ති නානායක්කාර, වෛද්‍ය දුල්මිනී කුමාරසිංහ හට මෙම පරිත්‍යාගය ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd