IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්

වසර 30 කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කරයි. පොසොන් සමයේ අනුරාධපුරයට විශාල ජනකායක් එක්රොක් වන අතර අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං  වූ පුද්ගලයන් සහ නැතිවු සොයා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුවිශේෂී සේවාවක් සපයයි. මේ සමගම වන්දනාකරුවන් අතර බෝධි පූජා කවි අන්තර්ගත පොත් පිංචක්ද බෙදා හැරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.

පොසොන් පොහොය නිමිත්තෙන් ඓතිහාසික අනුරාධපුරයට  පැමිණෙන මිලියන සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් මෙම අගනා සේවාව ලබාදීම සඳහා දශක තුනක් පුරා මෙම වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්ක  ලේකම් කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. මහමෙවුනා උයන, සිංහ කුළුණ, මිරිසවැටිය, ථූපාරාම සහ සඳ හිරු සෑය යන උප මධ්‍යස්ථාන පහක් හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මුලිකවම සම්බන්දිකරණය වන්නේ පෙත්මග හි පිහිට ඇති ප්‍රධාන මධස්ථානයේ සිටය. මෙම කාලසීමාව තුළ මෙම සේවාව පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන අතර  අතරමං වූ වයෝවෘද්ධ හා කුඩා දරුවන් ඇතුළු වන්දනාකරුවන් යළිත් තම පවුල් සමඟ එක්වීම සංවිධායකයින්ට හැඟීම්බර සහ සිතට සහනයක් ගෙන දෙන අත්දැකීමකි.  

වගකිවයුතු ව්‍යාපාරයක්  ලෙස, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම ව්‍යාපාර මෙහෙයුම් ක‍්‍රියාත්මක වන වපසරියේ  ප‍්‍රජාවන්ගේ වැඩි දියුණුවට නිරතුරුව දායක වන ආයතනයකි. ශ‍්‍රී ලංකාව පුරා සමාජ-සංස්කෘතික තිරසාරත්වය තුලින් සමාජ ආර්ථික තිරසරභාවය පෝෂණය කිරීමේදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන අංශ තුනක් ඔස්සේ එනම්, දැයේ දරුවන්ගේ  අනාගතය, රටේ ප්‍රජාවගේ අභිවුර්ධිය සහ දේශීය සංස්කෘතිය නගාසිටුවීමට තම ප‍්‍රජ සත්කාර වැඩසටහන් දියත් කරයි.  



අදහස් (0)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් අනුරාධපුර පොසොන් වන්දනාකරුවන්ට දශක තුනක අඛණ්ඩ සේවාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site