IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘Virtual Claim Assistance’ සේවාව හඳුන්වා දෙයි!

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) වසර ගණනාවක් පුරා තම පාරිභෝගික අවශ්යතා වලට මුල්තැන දෙමින් තම රක්ෂණාවරණ සැලසුම් සහ ඊට අදාල සේවා ඉදිරිපත් කිරීමට සෑම විටම කටයුතු කර ඇත. වත්මන්  කාර්යබහුල පාරිභෝගිකයා නිරතුරුවම තම සේවා සපයන්නන්ගේන් කෙටි කාලයක් තුල කාර්යක්ෂම සේවාවක් බලාපොරොත්තු වෙයි. තම  පාරිභෝගිකයින්ගේ මෙම අවශ්‍යතා අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව නිෂ්පාදන සහ ගුණාත්මක බවෙන් ඉහල පාරිභෝගික සේවා අත්දැකීම් සැපයීමට අඛණ්ඩව  කැපවී සිටි.

‘Virtual Claim Assistance’ සේවාව SLIC විසින් පාරිභෝගිකයින්ගේ සේවා අත්දැකීම ගුණාත්මක බවින් ඉහල නැංවීමට හඳුන්වා දුන් නවතම සේවාවයි. මෙම සේවාව හඳුන්වා දී ඇත්තේ රිය අනතුරකින් පසු සහ වාහනයේ අලුත්වැඩියාවකින් පසු හිමිකම් (Claim) ලබාගැනීමේ ක්‍රියාවලිය පහසු  කිරීම සඳහා ය. මෙම නව සේවා පහසුකමෙහි පරමාර්ථය වන්නේ පාරිභෝගික පහසුව සහතික කිරීම සහ සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමයි.

‘Virtual Claim Assistance’ සේවාව නම්,  පාරිභෝගිකයෙක්  අනතුරකට මුහුණ දුන් පසු තම වාහනය පරීක්ෂා කරගැනීමට සහ සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරියෙකු විසින්  තක්සේරුවක් ලබාදීමට ඉඩ සලසන ඩිජිටල් සේවාවකි. මෙහිදී SMS පණිවිඩයක් හරහා එවනු ලබන අන්තර්ජාල යෙදුමක් හරහා පාරිභෝගිකයා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තාක්ෂණික නිලධාරියා දුරස්ථ  වීඩියෝ තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ස්ථානීය පරීක්ෂාව සිදුකරනු ලබයි. මෙම නව සේවාව හේතුවෙන් පාරිභෝගිකයින්ට තම වාහනය භෞතික පරීක්ෂණ මධ්‍යස්ථානයක් වෙත ගෙන යාමට අවශ්‍ය නොවන අතර, ඔවුන්ට කාලය සහ ශ්‍රමය යන දෙකම ඉතිරි කර ගත හැකි වේ.

‘Virtual Claim Assistance’  සේවාව නිසා දවසේ ඕනෑම වේලාවකදී  රථ වාහන රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ හානියට ලක් වූ වාහනය පිලිබඳ විස්තර ඉදිරිපත් කිරීමත් සම්ප්‍රදායික කාර්යාල වේලාවන් වලින් පිට දී පවා පරීක්ෂණ වාර්තාව ලබා ගැනීමටත්  හැකි වීම මෙම සේවාවේ විශේෂත්වයයි. මෙම නම්‍යශීලි සේවාව පාරිභෝගිකයින්ගේ එදිනෙදා කටයුතු වඩාත් පහසු කරයි.

මෙම සේවාව හදිසි අනතුරකින් පසු තම වාහනය අලුත්වැඩියා කරගත්  පාරිභෝගිකයින්ට ද වටිනා සේවාවක් ඉටු කරයි. මෙහිදී ද SMS පණිවිඩයක් හරහා එවනු ලබන අන්තර්ජාල යෙදුමක් හරහා පාරිභෝගිකයා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තාක්ෂණික නිලධාරියා දුරස්ථ  වීඩියෝ තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ස්ථානීය පරීක්ෂාව සිදුකරනු ලබන අතර, තාක්ෂණික නිලධාරියා විසින්  අලුත්වැඩියා කිරීමේ කාර්යයේ ගුණාත්මකභාවය තක්සේරු කරනු ඇත. මෙමගින් පාරිභෝගිකයාගේ වාහනය නිසියාකාරව අලුත්වැඩියා කර ඇති බවට  සහතික වන අතර පාරිභෝගිකයින්ට තම වාහනය භෞතික පරීක්ෂණයකට ලක් කිරීමට අවශ්‍ය නොවේ. 

ව්‍යාපාර ඩිජිටල්කරණය ලොව පුරා පිළිගත් කාලීන අවශ්‍යතාවයකි. රටේ විශාලතම ආයතනයක් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ද ඩිජිටල්කරණයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇති අතර එය ආයතනයේ තිරසාර පැවැත්මටද විශාල වශයෙන් දායක වේ. එබැවින්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  ඩිජිටල් නව්‍යකරණ ක්‍රමවේදයන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් ඒ තුලින්  ආයතනයේ තිරසාර සංවර්ධනයට ද  දායක වීමට කටයුතු කරයි.

‘Virtual Claim Assistance’  පිළිබඳ වැඩි විස්තර ළඟම ඇති ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්  ශාඛාව වෙතින් හෝ 24/7 ක්ෂ‚ක ඇමතුම් අංකය වන 011 2 357 357 ඇමතීමෙන් ලබා ගත හැක.



අදහස් (1)

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රක්ෂණ ඔප්පු හිමියන්ට ‘Virtual Claim Assistance’ සේවාව හඳුන්වා දෙයි!

W. M. S Senarathna Wednesday, 26 April 2023 08:00 PM

මෙම පරිගණක යෙදවුම පිළිබඳව තවදුරටත් අපව දැනුම්වත් කරන්න.ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 482 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1928 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1700 4

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 920 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 509 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 585 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 482 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site