IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


’’වසංගත තත්වයේ ඇතිවන පසුබෑම් මධ්‍යයේ වුවද, realme Sri Lanka, දේශීය ගැනුම්කරුවන්ගේ ප්‍රවණතාවයන් කෙරෙහි නැඹුරු වේ’’ ෂෝන් යන්, අලෙවි කළමනාකරු

ශ්‍රී ලාංකික තාරුණ්‍යය  සඳහා දැරිය හැකි මිලකට නවෝත්පාදන සැපයීමේ මුලපිරීම realme විසින් අඛණ්ඩව ප්‍රවර්ධනය කරනු ඇත

realme යනු 2020 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වෙළඳපලට ප්‍රවිෂ්ට වූ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් දුරකථන සන්නාමයකි. පවතින වසංගත තත්වය සහ අභියෝගාත්මක වෙළෙඳපොළ හමුවේ වුවද තාක්‍ෂණික දැනුමක් ඇති දේශීය තරුණ  පරපුර සමඟ සිය අනාගතය ශක්තිමත්ව තබා ගනිමින්, දකුණු ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාව නැගී එන ප්‍රධාන වෙළඳපලක් ලෙස realme විසින් හඳුනාගෙන ඇත.

2020 දෙසැම්බර් මස ශ්‍රී ලංකා වෙළඳපලට පිවිසීමත් සමඟ ශ්‍රී ලංකාවේ වෙළදපල සතුව පවතින ඔබ දුටු සුවිශේෂී ලක්ෂණ මොනවාද?

ලොව පුරා විදුලි සංදේශ තාක්‍ෂණයේදියුණුව හේතුවෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් නව තාක්‍ෂණයන් අනුගමනය කිරීමට පටන් ගැනීමත් සමඟ ඉහළ මට්ටමේ නවෝත්පාදනයන් සමඟ ස්මාර්ට් උපාංග අත්දැකීමට ඇති උනන්දුව අපි ඔවුන් තුලින් දැක්කා. සමහර ආසියානු වෙලඳපළවල් හා සසඳන විට ශ්‍රී ලංකාවටතවමත් ඊට සාපේක්ෂව සිය ස්මාර්ට්ෆෝන් පරිභෝජන සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට නොහැකි වුවත්, එම අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අපි විශ්වාස කරනවා. එම නිසා, නුදුරු අනාගතයේ දී සේවා සපයන්නන් 2G, 3G සහ 4G ජාල වලින් උසස් ක්‍රියාකාරී 5G තාක්‍ෂණයන් වෙත මාරු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එම හැකියාව ස්මාර්ට් ජංගම දුරකථන කර්මාන්තයේ වෙළඳපල වර්ධනය  සඳහා අවස්ථා නිර්මාණය කරනවා.

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ තරුණ පරම්පරාව තාක්‍ෂණික දැනුමක් ඇති අය බව අපි නිරීක්ෂණය කළා, ඒ වගේම ඔවුන් ස්මාර්ට් ජංගම දුරකථන අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස තෝරා ගෙන තිබෙනවා. තරුණ පරම්පරාවේ තේරීම නියෝජනය කරන ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ AIOT උපාංග සන්නාමයක් වශයෙන් අපි තීරණය කළා උසස් තත්වයෙන්  යුත්  ස්මාර්ට් ජංගම දුරකථන  උසස් තත්ත්වයෙන් සැකසූ  මෝස්තරයන් සහිතව සාධාරණ මිලකට ලබා දීමෙන් නව තාක්‍ෂණයන් අත්විඳීමට ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අවශ්‍ය දොරටු විවෘත කල යුතුයි  කියා.

සංතෘප්ත වෙලඳපලක පවතින සන්නමයක් වශයෙන්, පවතින තරගකාරිත්වයට මුහුණ දීමට ඔබ අනුගමනය කරන පියවර කුමක්ද?

කර්මාන්තයට සාපේක්‍ෂව අලුත්  වුවත්, අපේ ඉලක්කගත ප්‍රේක්‍ෂකයින් අතර realme  ඉතා හොඳින් ස්ථානගත වී ඇති අතර එය ලොව පුරා දියත් කළ දින සිට වේගයෙන් වර්ධනය වන වෙළඳ නාමය බවට පත් වෙලා තියෙනවා. එම නිසා, ගෝලීය වශයෙන් නැගී එන පාරිභෝගික තාක්‍ෂණ සමාගමක් වශයෙන් ස්මාට් ජංගම දුරකථනය සහ AIoT වෙළඳපල තුලට, නවීන ආකාරයේ cutting-edge තාක්‍ෂණයන් ඔස්සේ  අපේ පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයට කටයුතු සිදු කරනවා. ශ්‍රී ලංකාවේ ද එම දර්ශනයම ක්‍රියාත්මක කර ඇති අතර පාරිභෝගිකයින් සඳහා නවතම ස්මාර්ට් උපාංග ගෙන ඒම තුළින් ලාංකික තාරුණ්‍යයේ අවශ්‍යතා සපුරාලීම සඳහා realme  ඉදිරිපත් වී සිටිනවා.

වසංගත පසුබිම තුළ දේශීය වෙළෙඳපොළට පිවිසීමත් සමඟ ඔබ  භාවිතා කළ ව්‍යාපාරික උපාය මාර්ග මොනවාද?

වසංගත තත්ත්වය සෑම කෙනෙකුටම ඉතා අමාරු කාලයක්. ආර්ථික හානි සිදු වීමට පැහැදිලි ඉඩක්ඇති නිසා සියළුම කර්මාන්ත වලට සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතු කරගෙන යාම විශාල අභියෝගයක් වී තිබුනා. වසංගත ඇඳිරි නීතිය, සංචාරක තහනම සාමාන්‍යකරණය වීමත් සමඟ ජංගම දුරකථන අලෙවිකරුවෙකු වශයෙන් අපිත්  පීඩාවට පත් වුනා. කෙසේ වෙතත් මේ සියල්ලටම  ඔරොත්තු දෙමින්, ශ්‍රී ලාංකික තාරුණ්‍යයට මුහුණ දීමට සිදු වී තිබෙන මෙම නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රියාවලියට තාක්ෂණය නිසි ආකාරයෙන් සැපයිය හැකි ආකාරය පිළිබඳව අපේ  අවධානය යොමු වුනා. පවතින වෙළඳපල තත්වය අභියෝගාත්මක වුවද, realme  පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වන අතර, දැරිය හැකි මිල ගණන් හා සේවාවන් සහිත උපාංග අඛණ්ඩව ලබා දීමට ඉදිරියටත් කටයුතු කරනවා.

අපට ඔබගේ අදහස් දක්වන්න පුලුවන්ද 2021 මුල් භාගයේ වෙළඳ නාම ක්‍රියාකාරිත්වය සහ ඔබ භාවිතා කළ නව විකුණුම් නාලිකා පිළිබඳව?

ගෝලීය වශයෙන් වේගයෙන් වර්ධනය වන සන්නාමය වශයෙන්, රියල්මේ විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ තුළ සාපේක්ෂව සාර්ථක ජයග්‍රහණයක් අත්කර ගෙන තිබෙනවා. realme  විසින් උපාංග රැසක් වෙළඳපලට හඳුන්වා දී තිබෙනවා ඒවා අතර ජංගම දුරකථන ගතහොත් relame C series හි C11, C12, C15, C20, C11-2021 number series හි realme 7 and realme 8 තවද ස්මාර්ට් ශ්‍රව්‍ය උපකරණ වන realme Buds Q, Buds Q2, Buds Air 2, Buds Air 2 Neo, Wireless 2 Neo සහ පැළඳිය හැකි ස්මාර්ට් උපාංග වන realme watch 2 පවතිනවා. relame මාස කිහිපයක් තුළදී Abans, Singhagiri, Dialog, Seetha වැනි බෙදාහැරීමේ හවුල්කරුවන් සමඟ මෙන්ම දිවයින පුරා බලයලත් අලෙවි නියෝජිතයින් 1000 කට අධික සංඛ්‍යාවක් සමඟ සාර්ථකව සහයෝගයෙන් කටයුතු කර තිබෙනවා.

realme  Sri Lanka  සතු  අනාගත සැලසුම් මොනවාද?

"1+5+T" යනු realme හී  සැලැස්ම වන අතර එනම් 1 ජංගම දුරකතනයක් එහි AIoT පරිසර පද්ධතියේ කේන්ද්‍රස්ථානය කරගනිමින් කාණ්ඩ 5ක් යටතේ ගෙන ඒමයි. ඒවා යටතට True Wireless Stereo (TWS), Wearables, TV, tablets සහ Laptops අනතර්ගත වෙනවා. T යනු realme හි විවෘත හවුල්කාර වේදිකාවක් වන TechLife  වන අතර එමඟින් realme හිම විකුණුම් නාලිකා සහ සැපයුම් දාමයන් හුවමාරු කර ගැනීම තුළින් නව  AIoT ආරම්භකයින්ට සහයෝගය දැක්වීමට කටයුතු කරනවා. realme  පිළිබඳ මෙම සමස්ත 1+5+T  අත්දැකීම ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු  කරන අතර  නුදුරු අනාගතයේ දී realmeහි  පරිසර පද්ධතිය තුලින් සුවිශේෂී අත්දැකීම් රාශියක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.



අදහස් (0)

’’වසංගත තත්වයේ ඇතිවන පසුබෑම් මධ්‍යයේ වුවද, realme Sri Lanka, දේශීය ගැනුම්කරුවන්ගේ ප්‍රවණතාවයන් කෙරෙහි නැඹුරු වේ’’ ෂෝන් යන්, අලෙවි කළමනාකරු

ඔබේ අදහස් එවන්න

 

 
 

You may also like

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න
2025 අප්‍රේල් මස 29 353 0

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර


HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.
2025 අප්‍රේල් මස 29 92 0

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප


ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ
2025 අප්‍රේල් මස 18 1119 0

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස


ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය
2025 අප්‍රේල් මස 11 451 0

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ


ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.
2025 අප්‍රේල් මස 10 592 2

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.


NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි
2025 අප්‍රේල් මස 09 1148 2

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 353 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site