IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

1. බදු පෙර ලාභය 68.1%කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 4.6ක් දක්වා ඉහළට
2. වත්කම් 13.2%කින් ඉහළ ගොස් රුපියල් බිලියන 93.2 ක් බවට පත් වෙයි
3. 19.9%කින්  ඉහළ යමින් රුපියල් බිලියන 20.0ක ආදායමක්
4. බදු ආදායම් අනුපාතය 51.5% සිට 53.9%ක් දක්වා ඉහළ යයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත්වය යළිත් තහවුරු කිරීමට සමත් විය. එම  මූල්‍ය වර්ෂයේදී වැලිබල් ෆිනෑන්ස් ශ‍්‍රී ලාංකේය මූල්‍ය ආයතන අතර සිය නොසැලෙන නායකත්වය ප‍්‍රදර්ශනය කරනු ලැබුවේ වාර්තාගත මූල්‍ය ක‍්‍රියාකාරීත්වයක් වාර්තා කරමිනි.

ඒ අනුව 2023/24 මූල්‍ය වර්ෂය ස`දහා රුපියල් බිලියන 4.6ක බදු පෙර ලාභයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් වූ අතර එය 2022/23 මූල්‍ය වර්ෂයේදී වාර්තා කළ රුපියල් බිලියන 2.7 හා සැස`දීමේදී 68.1%ක වර්ධනයක් ලෙස ස`දහන් කළ හැකිය. 2023/24 මූල්‍ය වර්ෂය ස`දහා ආයතනික ආදායම් බදු හා මූල්‍ය සේවා මත බදු ලෙස මෙරට ආර්ථික වර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 2.5ක දායකත්වයක් ලබා දීමට වැලිබල් ෆිනෑන්ස් කටයුතු කළේ ඊට සමස්ත ලාභයෙන් 50%ක් වෙන් කරමිනි. පෙර වසරේදී එය සටහන් වූයේ රුපියල් බිලියන 1.4ක් ලෙසිනි.

2024 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂය තුළ වැලිබල් ෆිනෑන්ස්හි සමස්ත ආදායම රුපියල් බිලියන 20.03ක් වූ අතර 2022/23 මූල්‍ය වර්ෂයේදී සමස්ත ආදායම රුපියල් බිලියන 16.70ක් විය. ඊට ණය සහ අත්තිකාරම් ම`ගින් ලැබෙන ආදායම් හේතු වූ අතර එහි දළ ණය සංචිතයද 11.2%ක  වර්ධනයක් සම`ගින් එහි කැපී පෙනෙන වර්ධනයක්  සනිටුහන් කරනු ලැබීය.  වැලිබල් ෆිනෑන්ස් සිය ගනුදෙනුකරුවන් තමන් පිළිබ`දව තබා ඇති විශ්වාසය මනාව ප‍්‍රදර්ශනය කරනු ලැබුවේ ස්ථාවර තැන්පතු, ණය ලබා දීම, රන් ණය සංචිතය සහ සමස්ත ලාභදායීත්වය ඇතුලූ සියලූ ප‍්‍රධාන කාර්ය සාධන දර්ශකයන්හි ශක්තිමත් වර්ධනයක් වාර්තා කරමිනි.

තවද ණය අයකර ගැනීමේදී සළකනු ලබන අක‍්‍රිය ණය අනුපාතය පෙර මූල්‍ය වර්ෂයේ වාර්තා වූ 6.16%ක ප‍්‍රතිශතයට වඩා 2023/24 මූල්‍ය වර්ෂයේදී 5.88%ක් ලෙස පහළ අගයක් ගැනීමද කැපී පෙනෙන සාර්ථකත්වක් ලෙස දැක්විය හැකිය. මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ සාමාන්‍ය මට්ටමට වඩා සැලකිය යුතු අවම මට්ටමක පවතින මෙම අක‍්‍රිය ණය අනුපාතය තුළින් ප‍්‍රදර්ශනය වන්නේ සමාගමේ අවදානම් කළමනාකරණයේ සහ ස්ථාවරත්වයේ විශිෂ්ටත්වයයි. පෙර මූල්‍ය වර්ෂයේදී රුපියල් 5.69ක් ලෙස වාර්තා වෙමින් 54%ක වර්ධනයක් අත්පත් කරගත් කොටසක ඉපයීම් 2023/24 මූල්‍ය වර්ෂයේදී 59.9%ක් දක්වා වර්ධනය විය.

කෙසේ වුවද වත්මන් ආර්ථික තත්වයන් හමුවේ බොහෝ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය ස්ථාවරත්වය අභියෝගයට ලක් කළ ද වැලිබල් ෆිනෑන්ස් සිය මූල්‍ය ශක්තිය හා ස්ථාවරත්වය උපයෝගී කර ගනිමින් ගනුදෙනුකරුවන්ගේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන ලදී. ඒ තුළින් ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය දුෂ්කරතාවයන් අවම කරමින් ඔවුන්ගේ මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමාගම විශේෂ අවධානයක් යොමු කරන ලදී.

එසේම සිය ගනුදෙනුකරුවන් කෙරෙහි නිරන්තර විශ්වාසය තබමින් කටයුතු කළ වැලිබල් ෆිනෑන්ස් සිය තැන්පතු පදනම රුපියල් බිලියන 58.6ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වූයේ පෙර වසරේ වාර්තා කළ රුපියල් බිලියන 49.9 ට සාපේක්ෂව 18.1%ක වර්ධනයක් සනිටුහන් කරමිනි. සමාගමේ සමස්ත වත්කම් ප‍්‍රමාණයද රුපියල් බිලියන 93.7ක් දක්වා වර්ධනය වූයේ පෙර වසරේදී වාර්තා කළ රුපියල් බිලියන 82.32ක වත්කම් ප‍්‍රමාණය 13.2%කින් ඉහළ නංවා ගනිමිනි. මේ සියලූ දර්ශකයන් තුළින් මනාව පෙනී යන්නේ අභියෝගාත්මක ආර්ථික තත්වයන් මධ්‍යයේ වුව සිය ¥රදර්ශීී වත්කම් හා වගකීම් කළමනාකරණ උපාය මාර්ගයන් තුළින් සමාගමේ ශේෂ පත‍්‍රය ශක්තිමත්ව පවත්වා ගැනීමට වැලිබල් ෆිනෑන්ස් දැක්වූ කැපවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැලිබල් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ‘‘අභියෝගාත්මක ආර්ථික තත්වයක් තුලදී වුවත් තාක්ෂණික විශිෂ්ටත්වය හා කාර්ය මණ්ඩලයේ ශක්තිය තුළින් මෙම සුවිශේෂී ජයගහණය අත්පත් කර ගැනීමට අපට හැකි වුණා. මෙම මූල්‍ය වර්ෂයේදී අප වෙත ලබා දී තිබූ ඉලක්කයන් අභිබවා යාම වෙනුවෙන් අපගේ කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම පිළිබ`දව අප ඉතා සතුටට පත් වෙනවා. තවද 2023/24 මූල්‍ය වර්ෂය තුළ ශ‍්‍රී ලාංකිකයින් වෙත වඩා වැඩි සේවාවක් සළසා දීම වෙනුවෙන් නව ශාඛා විවෘත කිරීමට අප කටයුතු කළ අතර ඒ තුළින් ගනුදෙනුකාර පදනම ඉහළ නංවා ගනිමින් ඔවුන් සම`ග වඩාත් සමීපව ගනුදෙනු කිරීමේ අවස්ථාව අපට උදා වුණා.’’ යනුවෙන් පැවසීය.

2023/24 මූල්‍ය වර්ෂය තුළදී ලංකා රේටින් ආයතනය වෙතින් BBB+ ණය ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට වැලිබල් ෆිනෑනස් සමත් වූයේ සිය ශක්තිමත් මූල්‍ය කළමනාකරණය හා උපාය මාර්ගික සැලසුම් ඉහළ පිළිගැනීමකට ලක් කරමිනි.

එසේම Global Economics UK සම්මාන උළෙලේදී වසර 3ක් (2021,2022,2023) අඛණ්ඩව හො`දම මූල්‍ය සමාගම ලෙස සම්මානයට පාත‍්‍ර වූ වැලිබල් ෆිනෑන්ස් මේ සියලූ දේ තුළින් තහවුරු කරනු ලැබුවේ අභියෝගාත්මක තත්වයන් තුලදීී වුව විශිෂ්ටත්වය හඹා යාම වෙනුවෙන් තමන් තුළ වූ ශක්තියයි.
වැලිබල් ෆිනෑන්ස්හි විශිෂ්ටත්වය හා නව්‍යකරණය පිළිබ`දව ඇති කැපවීම මනාව ප‍්‍රකට කරන කොළඹ පිහිටි අති නවීන මූලස්ථාන ගොඩනැගිල්ල සිය සේවාවන්හි සුවිශේෂී සංකේතයක් ලෙසද ස`දහන් කළ හැකිය. මූල්‍ය විශිෂ්ටත්වය උදෙසා නව යුගයක් නිර්මාණය කරන එය තිරසාරභාවය වෙනුවෙන් වන  වැලිබල් ෆිනෑන්ස් කැපවීම යළි යළිත් අවධාරණය කරනු නිසැකය.



අදහස් (0)

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 263 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16154 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site