IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් කරමින් මෙරට දේපල වෙළෙඳාම් සමාගමක් විසින් කළ වැඩිම විකිණුම් ආදායම සටහන් කර ඇත.මෙයට ආයතනයේ නවතම ව්‍යාපෘතිය වන ‘Pentara Residencies - Thummulla Handiya ’ ව්‍යාපෘතියේ අති සාර්ථකත්වය මෙම ජයග්‍රහණයට ඉවහල් විය.

මෙය Home Lands වෙළෙඳ නාමයේ ශක්තියට පමණක් නොව, දේශීය හා විදේශීය  පාරිභෝගිකයින් විසින් Home Lands මත තැබූ විශ්වාසය සඳහා ද මෙය ජයග්‍රහණයක් වේ. 2025 ජුනි මාසයේ මෙය සටහන් වූයේ ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ඉතිහාසයේ නව ආදායම් වාර්තාවක් ලෙසය.

එමෙන්ම, Home Lands ආයතනය 2025 මුල් භාගය තුළදී රු. බිලියන 25 විකිණුම් ආදායමක් ලබා ඇති අතර, එය 2024දී ලැබූ වාර්ෂික ආදායම වන රු. බිලියන 31න් 80%කට වැඩි ප්‍රමාණයකි.මේ අනුව මෙම වර්ෂයේ අවසානය වන විට පසුගිය වර්ෂවල වාර්තා සියල්ල අභිබවා යා හැකිබව ඔවුන් පවසා සිටියි.

වසර 20කට වඩා වැඩි කාලයක් දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයට කැපී පෙනෙන ගුණාත්මක සේවාවන් ලබාදී ඇති Home Lands විශ්වාසය, නවෝත්පාදන හා උසස් ප්‍රමිතීන් රැකගනිමින් , ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රය නැවුම් මාවතකට ඔවුන් ගෙනයමින් සිටියි. Home Lands සමාගම ගුණාත්මක ව්‍යාපෘති ලබාදීමෙන් පමණක් නොව එහි පාරදෘශ්‍යභාවය සහ පාරිභෝගිකයා මූලික කරගත් විශිෂ්ට සේවාවන් ලබාදීම නිසාද දේශීය හා විදේශීය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට වසර ගණනාවක් පුරාවට සමත්ව ඇත.

මෙම නවතම සාර්ථකත්වය, දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළට ඔසවා තබමින් තරඟකාරී වෙළෙඳපලට විශිෂ්ට හා නැවුම් වටිනාකමක් සපයන්නට Home Lands සමාගම දැක්වූ කැපවීම මෙයින් කැපී පෙනේ. Home Lands සමාගම ඔවුන්ගේ උසස් ප්‍රමිතීන් එළෙසම පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම පිළිබඳ නැවුම් අත්දැකීම් තම පාරිභෝගිකයන්ට ලබා දීම ඔවුන්ගේ අරමුණයි.



අදහස් (0)

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 225 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16046 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site