IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


වයිබර්, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘Sri Lanka New Year Bot’ හඳුන්වාදෙයි

  • වයිබර් වෙතින් ශ්‍රී ලංකාවාසීන් සියලුදෙනාට විනෝදයත් ආරක්ෂාවත් සහිත අලුත් අවුරුද්දක්  සැමරීමේ අවස්ථාව උදාවෙයි 


තම සමාජීය වගකීම් හොඳින්ම හඳුනාගත් තාක්ෂණ ආයතනයක් වශයෙන් රකුටෙන් වයිබර් සමාගම, වයිබර් භාවිතාකරන්නන් හට මේ  අර්බුදකාරී අවස්ථාවේදී තම පවුල සහ හිතමිතුරන් හා සමීපව සිටීම වෙනුවෙන් දැනටමත් විවිධ පියවර ගණනාවක් හඳුන්වා දී තිබේ. කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හමුවේ අලුතින් විවිධ විශේෂාංග ගණනාවක් හඳුන්වාදුන් වයිබර්, මෙරට දැවැන්තම සංස්කෘතික උත්සවය ලෙස සැලකෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද මෙවර නිවසේ සිටම සැමරීම සඳහා ජනතාවට සහාය වීමට ද සූදානම් වන්නේ තවත් පියවරක් ඉදිරියට යමිනි. 

කොවිඩ්-19 සම්බන්ධයෙන් රජය හඳුන්වාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව මෙවර අලුත් අවුරුදු උත්සව සමයේදී පවා ජනතාවට සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් කටයුතු කිරීමට සිදුවනු ඇත. එවන් පසුබිමකදී සුපුරුදු එකමුතුබව රඳවාතබාගැනීම සඳහා තම ආදරණීයයන්ට සුබ පැතීම අතිශය වැදගත් වනු ඇත. ඒ අනුව වයිබර් හඳුන්වාදෙන ‘Srilanka New Year Bot’ විශේෂංගය ඔස්සේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහාම විශේෂයෙන් සැකසූ ස්ටිකර්, අපූරු පොලරොයිඩ් රාමු සහ ආකර්ෂණීය සුබපැතුම්පත් ද භාවිත කරමින් තම නිවසේ සුවපහසුව රැඳීසිටියදීම හෘදයාංගම සහ පෞද්ගලික සුබපැතුම් පිරිනැමීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදාවේ. 

ඊට අමතරව සුබ පැතීමේ කාර්යය වඩාත් විනෝදජනක කරවමින් ‘සුභ අලුත් අවුරුද්දක් වේවා’ හෝ දෙමළ භාෂාවෙන්,  ‘புத்தாண்டு வாழ்த்துக்கள்’ යනුවෙන් සුබපැතූ විට ක්‍රියාත්මකවන ස්වයංක්‍රීය සජීවීකරණ අංගයක් වයිබර් තිරයට එක්කිරීම ඇතුළු බොහෝ දෑ අලුතින් එක්කර තිබේ. 

පවත්නා වාතාවරණය හමුවේ සෞඛ්‍යයට හා ආරක්ෂාවට ලබාදිය යුතු ප්‍රමුඛස්ථානය අවධාරණය කරමින් රකුටෙන් වයිබර්හි ආසියානු පැසිෆික් ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ අනුභව් නයියර්  මහතා මෙසේ පැවසීය. “කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින මේ මොහොතේදී, උත්සව සමයක් වුවත් සමාජ දුරස්ථභාවය පවත්වාගැන්මට ජනතාව යොමුවනු දැකීම අපේ බලාපොරොත්තුවයි. සමාගමක් ලෙස මේ සුවිශේෂී සංස්කෘතික උත්සවයේ ඇති වටිනාකම පිළිබඳ අපට හොඳ අවබෝධයක් පවතිනවා. එනිසා අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවාසී ජනතාව තමන්ගේ නිවෙස්වල රැඳීසිටිමින් තමන්ගේ ආදරණීයයන් හා සම්බන්ධවනු දැකීමයි. නිවසේ රැඳීසිටිමින් මේ වෛරසය පරාජය කරන අතරතුර, වයිබර් හඳුන්වාදෙන අලුත් විශේෂාංග හරහා උත්සව සමයේදී ජනතාවට යම් විනෝදයක් සතුටක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා”.  

මේ අතර තම නිල පිටුව හරහා ක්‍රියාත්මක සමාජ මාධ්‍ය අභියෝගයක් ඔස්සේ ශ්‍රී ලාංකිකයින්ට තම තමන්ගේ නිවෙස්වලම රැඳීසිටින ලෙස හෘදයාංගම ඉල්ලීමක් ද වයිබර් වෙතින් යොමුකර තිබේ. කොවිඩ්-19 අර්බුදය හමුවේ බොහෝ පුද්ගලික ආයතන සෞඛ්‍ය හා ආරක්ෂාව මුල්කරගත් පියවර ‍ගෙන ඇති අතරතුර, ජනතාව තම හිතමිතුරන් සමඟ සම්බන්ධතා පවත්වාගැනීමේ ක්‍රමවේද පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන බවද පෙනෙන්නට තිබේ. 

මෙවර අලුත් අවුරුද්ද සැමරීමට සිදුවන්නේ වෙනස්ම ආකාරයකට විය හැක. එහෙත් වයිබර් සමඟ එක්වීමෙන් වගකීම් සහගත පුරවැසියන් ලෙස තම වගකීම් ඉටුකරන අතරතුර, තම ආදරණීයයන් හා සමීපව අලුත් අවුරුද්ද සැමරීමට ද ශ්‍රී ලාංකිකයින්ට හැකිවනු ඇත. 

 

 

 



අදහස් (0)

වයිබර්, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘Sri Lanka New Year Bot’ හඳුන්වාදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site