IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය

හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රණවිරු සේවා අධිකාරියේ මෙහෙයවීමෙන් කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා රණවිරු ප්‍රජාව දිරිගැන්වීමේ අරමුණ ඇතිව %රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය^ නමින් නියමු ව්‍යාපෘතියක්  ආරම්භ කෙරිණි.

වසවිසෙන් තොර ජාතික ආර්ථිකයකට දායකත්වය දැක්වීම සඳහා රණවිරු සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයන්ගේ දායකත්වය ලබාගනිමින්, ජාතික හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට ශක්තියක් වෙමින් කාබනික පොහොර නිෂ්පාදනය සඳහා විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් සම්බන්ධ කරගනිමින් මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සිදු කෙරේ.

මෙහිදී දිවයින පුරා විසිරී සිටින 47,000කට ආසන්න රණවිරු සේවා අධිකාරියේ සේවාලාභී පවුල් අතරින් මේ සඳහා උනන්දුවක් දක්වන සාමාජික පවුල් ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය කෙටිකාලීනව දියත් කිරීමට සැලසුම් සකස් කර තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේදී දිස්ත්‍රික්ක වශයෙන් විහිදී සිටින රණවිරු පවුල් කෙරෙහි අවධානය යොමු කෙරෙන අතර, මෙහි මූලික තාක්ෂණික හා දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා රණවිරුවන් කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමටද කටයුතු සූදානම් කොට ඇත.

මෙහි මූලික පියවරක් වශයෙන් රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල්වල දිවයිනේ ප්‍රධාන පළාත් 07ක් ආශ්‍රිතව දැනට ජීවත්ව සිටින රණවිරුවන් 500කට ආසන්න ප්‍රමාණයක් වාණිජමය වශයෙන් කාබනික පොහොර නිෂ්පාදනයට යොමු කිරීම සඳහා මූලිකව කටයුතු සම්පාදනය කර තිබේ.

හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ පූර්ව මැදිහත්වීම මත කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක ජාතික කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහනට ශක්තියක් ලබා දීමද මෙමගින් මූලිකව අපේක්ෂා කෙරේ.

වසවිසෙන් තොර ආර්ථිකයක් මෙන්ම නිරෝගී පරපුරක් සමාජයට දායාද කිරීම උදෙසා සෞභාග්‍යමත් අනාගත ආර්ථිකයකට අවශ්‍ය ශක්තිය ලබාදීම ද මෙමගින් සිදුකරයි. දේශයේ නිදහස උදෙසා කැපවුණු අභිමානවත් රණවිරු පරපුරක දායකත්වය වසවිසෙන් තොර ආර්ථික සංග්‍රාමය ජයග්‍රහණය කිරීම සඳහාද යොදාගැනීම මෙහිදී සිදු වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමන් විසින් කෘෂිකර්ම අමාත්‍යතුමන් වෙත සිදුකරන ලද දැනුම්දීමක ප්‍රතිඵලයක් ලෙස රණවිරු සේවා අධිකාරිය මෙම කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියට මූලිකව සම්බන්ධ විය.

දේශයේ නිදහස උදෙසා කැප වී, විශ්‍රාම සුවයෙන් සිටින රණවිරුවන් කුඩා පරිමාණ ව්‍යවසායකයන් ලෙස සංවර්ධනය කිරීමේ මූලික අරමුණ පෙරදැරි කරගෙන ඔවුන්ගේ ජීවන සහ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමද අරමුණු කර ගනිමින් ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් මෙය ක්‍රියාවට නැංවෙයි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් ව්‍යසායකත්ව සංවර්ධනය උදෙසා අවශ්‍ය ආධාර, දිරිගැන්වීම හා පහසුකම් ලබාගනිමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍ර උදෙසා රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිලාභී පවුල් යොමු කිරීමේ අරමුණද ඇතිව මෙම මෙහෙයුම් දියත් කෙරේ.

ලංකා බැංකුවේ අනුග්‍රහයෙන් දිවයින පුරා විසිරී සිටින රණවිරු පවුල් සඳහා අවශ්‍ය ව්‍යවසාය ණය සහන ලබාදෙමින්, කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ද සහයෝගය ඇතිව දිස්ත්‍රික් මට්ටමින් විරු ප්‍රජාව කේන්ද්‍ර කොටගෙන මෙම වැඩපිළිවෙළ දියත් කරනු ලැබේ.

රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද මූලික නියමු ව්‍යාපෘතිය මාතර, හක්මන ප්‍රදේශයේ ආබාධිත විශ්‍රාමික රණවිරුවෙකු විසින් දැනට සිදු කරගෙන යන කාබනික පොහොර සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලබන ගොවිපොළක් ආශ්‍රිතව පසුගිය ජූලි මස 20 වැනි අඟහරුවාදා පවත්වන ලද අතර, එය මාතර දිස්ත්‍රික්කයේ රණවිරුවන් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරිණි.

මෙහි දෙවැනි වැඩසටහන ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරුවන් කේන්ද්‍ර කරගනිමින් ගාල්ල ලබුදූව රජයේ ගොවිපොළේ දී 2021 ජූලි මස 27 වැනි අඟහරුවාද දිනයේ දී පවත්වන ලදී. ඉහත වැඩසටහන් සඳහා ආබාධිත රණවිරුවන් පනස්දෙනෙකු පමණ සහභාගි වූ අතර, මොවුන් ව්‍යවසායකයන් ලෙස සංවර්ධනය කිරීම රණවිරු සේවා අධිකාරියේ අරමුණයි.

රණවිරු සේවා අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් නිලධාරීන්ගේ සංවිධාන ශක්තිය මත ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතියේ තවත් එක් සේවාවක් වශයෙන් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව මෙම කාබනික පොහොර වගාව සඳහා විශ්‍රාමලත්, යුද්ධයෙන් ආබාධයට ලක්ව සිටින රණවිරුවන් සහ යුද්ධයෙන් මියගිය රණවිරු පවුල්වල ළඟම ඥාතීන් යොමු කිරීමේ %රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය^ වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

මෙහි මීළඟ වැඩසටහන් ගම්පහ, කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර දිස්ත්‍රික්කවලදී ඉදිරි සති දෙක තුළ පැවැත්වීමට නියමිතය.

 



අදහස් (2)

රණබිමෙන් ගොවිබිමට - සරුපසේ පෙරළිය

Sri Lanka Thursday, 05 August 2021 04:47 PM

අපේ රට ගොඩ ගන්නනම් කරන්න ඕනේ වැව අමුණු හදන එක .බොරුවට ඔන්ලයින් පස්සේ දුවන්නේ නැතිව .ජය වේවා

:       5       7

තිලක් වන්නිනායක Sunday, 17 October 2021 08:01 AM

ඉතාම වැදගත් වැඩක් . අපි දැනටමත් කාබනික පොහොර හදනව. එය ක්‍රමවත් කිරීම තමයි කලයුත්තේ. මෙම කටයුත්තේදී රණවිරුවන්ට විශාල කාර්ය්‍ය භාරයක් කරන්න පුළුවන්. නමුත් අපේ රටේ බොහෝ දේ ප්‍රථිපල ලැබෙනතෙක් හරියට කරන්නේ නැහැ. හේතුව දන්නේ නැහැ. නමුත් මේවා පටන් ගත්ත අය අපහසුතාවයට පත්වෙනවා.හැබැයි මම හිතනවා රණ විරුවෝ මේ අභියෝගය ජය ගනියි කියල. ඒත් මේ පණිවිඩය තාමත් අපිට ලැබිලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site