IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වෙතින් COVID-19 කාලයේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ වැඩසටහන් මාලාවක්

වෛද්‍ය නයනී ධර්මකීර්ති - සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

වාර්තමානයේ කාගේත් අවධානය යොමුවී ඇත්තේ COVID-19 රෝග ව්‍යාප්තිය සහ එය පාලනය කිරීමේ උත්සාහයන් සම්බන්ධයෙනි. මහජනතාවට එන්නත් ලබාදීම ඇතුළුව, නව කොරෝනා වයිරසය රටින් තුරන් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. එහෙත් මේ දුෂ්කර සමයේ ජනතාවගේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමුවී ඇති බවක් නොපෙනේ. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන්, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කිරීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ වනවිට අත්වැල් බැඳගෙන සිටී.

ආතතිය හා විශාදය වැනි රෝග සම්බන්ධයෙන් සමාජය තුළ තවමත් ඇත්තේ බොහෝදුරට වැරදි සහගත ආකල්ප ය. බොහෝ දෙනෙකුට ආදායම් මාර්ග පමණක් නොව තම ආදරණීයයන් පවා අහිමි වී ඇති පසුබිමක් තුළ මෙවැනි රෝග තත්ත්වයන් වාර්තා වීමද වැඩි වෙමින් පවතී. එහෙත්, මෙවැනි රෝග දෙස සමාජය වපරැසින් බලන නිසා බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් නිසි ප්‍රතිකාර හා උපකාර ලබාගැනීමට පසුබට වනු පෙනේ. එම නිසා, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමග අත්වැල් බැඳගෙන, මෙවැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන්ට නිසි වෘත්තිකයන්ගේ සහය සමගින් සහනයක් ලබාදීම සඳහා යුනියන් ඇෂුවරන්ස් සමාගම ඉදිරිපත් වී සිටී.

මහාචාර්ය අතුල සුමතිපාල - මානසික සෞඛ්‍ය චිකිත්සාව පිළිබඳ මහාචාර්ය කීල් විශ්ව විද්‍යාලය එක්සත් රාජධානිය, සභාපති - ජාතික මූලික අධ්‍යනය

වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සම්බන්ධයෙන්ද ඇතැම් අය තුළ ඇත්තේ මීට සමාන ආකල්පයකි. රෝගීන් යනු රෝගයක අවාසනාවන්ත ගොදුරු වුවද, සමාජය තුළදී ඔවුන් ලැජ්ජාවට පත්කිරීම සිදුවේ. මෙම තත්ත්වය හඳුනා ගනිමින්, යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සිය වැඩසටහනේ කොටසක් ලෙස, COVID-19 රෝගය වැළඳීම සම්බන්ධයෙන් සමාජය තුළ ඇති ආකල්ප සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්න සහ, පොදුවේ COVID-19 තත්ත්වය සමග ගනුදෙනු කළ යුත්තේ කුමන ආකාරයෙන්ද යනාදිය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මෙහි එක් අදියරක් යටතේ පැවති සම්මුඛ සාකච්ඡා මාලාවක් සඳහා ප්‍රමුඛ පෙළේ වෘත්තිකයෝ කිහිප දෙනෙක්ම දායක වූහ.  නව කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයෙකු වන සුනෙත් රාජවසන් මහතා පැවසූයේ තමන්ට වෛරසය වැළඳී නොතිබීම වරප්‍රසාදයක් කරගනිමින් ඇතැම් අය වෛරසය වැළඳුණු පුද්ගලයන් හෙළා දැකීමට පෙළෙඹෙන බවයි. මෙය කෙනෙකුගේ මානසික යහපැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරන තත්ත්වයකි. කායිකව රෝගී වීමට අමතරව, රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් සමාජයේ කොන් කිරීමටද ලක්වේ. මෙම වැඩසටහන් මාලාවේදී වෛද්‍ය නයනි ධර්මකීර්ති ජනතාවගෙන් ඉල්ලා සිටියේ, රෝගය වැළඳුණු තම අසල්වාසීන් දුරකථනයෙන් අමතා ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව කාරුණිකව සොයාබලන ලෙසයි. මන්ද යත් මෙය අද දවසේ අප සියලු දෙනාටම පොදුවේ මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වයකි. වැරදි තොරතුරු වලට නොරැවටී, රජයේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව කටයුතු කරන අතර එසේ කිරීමට අන් අයද යොමුකරවීම වැදගත් බව, මානසික සෞඛ්‍යය සම්බන්ධ විශේෂඥයෙකු වන මහාචාර්ය අතුල සුමතිපාල මහතා පෙන්වා දුන්නේ ය.

ජනතාව දැනුවත් කිරීම සඳහා නිසි සන්නිවේදනය අතිශයින් වැදගත් ය. මෙම කාලෝචිත වැඩසටහන් මාලාව ඔස්සේ 'ඔබේ ජීවිතය, අපේ ශක්තිය' යන තේමාවට අනුව, තම රක්ෂණ හිමියන් ඇතුළුව සමස්ත රටවාසීන් වෙනුවෙන් යහපතක් ඉටුකිරීමට යුනියන් ඇෂුවරන්ස් සමාගමට හැකි වනු ඇත. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැනි ආයතනයක් සමග අත්වැල් බැඳගැනීම මගින් මෙම වැඩසටහන දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබී තිබේ.

වෛද්‍ය සුනෙත් රාජවසන් - පවුල් වෛද්‍ය 

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, මෙරට විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජික සමාගමකි. එම සමාගම මේ වනවිට අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යනාදී අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. වසර 30 කට අධික ඉතිහාසයක් හිමි යුනියන් ඇෂුවරන්ස් සමාගම, රු. බිලියන 18.2 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 41.3 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 2020 නොවැම්බර් මාසය වන විට 447% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් යුනියන් ඇෂුවරන්ස් සමාගම සතු වේ.



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් සමාගම සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වෙතින් COVID-19 කාලයේ මානසික සෞඛ්‍යය හා යහපැවැත්ම පිළිබඳ වැඩසටහන් මාලාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site