IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


යුනියන් ඇෂුවරන්ස් විසින් COVID-19 ප්රතිකාර සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙයි

COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමේදී රෝගීන් බහුලව සිටින රෝහල්වල ප්‍රතිකාර කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ හා රෝගය තුරන් කිරීමේ මෙහෙයුමට මුලපිරුමක් ලෙස යුනියන් ඇෂුවරන්ස් විසින් දැඩි අවශ්‍යතා ඇති රජයේ රෝහල් හතරකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙන ලදී. ශ්‍රී ලංකාව තුල මේ වන විට COVID-19 වසංගතය හේතුවෙන් 257,225 කට අධික අසාදිතයින් හා COVID-19 මරණ 3,030 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා පැවසුවේ, “COVID හි සීමාවන් අප නොදන්නා නිසා වසංගතයට එරෙහි සටනේ පෙරමුණ ගෙන කටයුතු කරන පුද්ගලයන්ට සහ ආයතනවලට සහාය වීම අපගේ වගකීමකි.මෙවැනි පෙර නොවූවිරූ සිදුවීම් වූ කාලසීමාවන්ගේ දී, අප රටේ සහ අපගේ ජනතාවගේ සහයෝගය සඳහා කැපවීම යුනියන් ඇෂුවරන්ස් අපගේ සමාජ වගකීමක් ලෙස අපි සලකන්නෙමු."

ඒ අනුව මෙම වැඩසටහනට සමගාමීව - අධි ප්‍රවාහ ඔක්සිජන් යන්ත්‍ර (High flow Oxygen machines), හදිසි කටයුතු සඳහා භාවිත කළ හැකි විශේෂ ට්‍රොලි (Emergency Trolleys), වීඩියෝ ලැරින්ගෝස්කොප් (Video Laryngoscopes) සහ වෙන්ටිලේටර් යන්ත්‍ර (Ventilators) ජුනි24,25 හා 30 වනදා යන දිනයන් හීදී මැදවච්චිය මූලික රෝහල, අනුරාධපුර ශීක්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මුලික රෝහල හා කඹුරුපිටිය මුලික රෝහල වෙත බෙදාදෙන ලදී.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු  මාසය වනවිට බිලියන 18.4 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.3 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 306% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් විසින් COVID-19 ප්රතිකාර සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site