IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල අතිසාර්ථකයි

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන උළෙල පසුගිය ඔක්තෝබර් 09 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. පසුගිය වසරේ මෙන්ම මෙවරත් මෙම සම්මාන උළෙල අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද අතර, රක්ෂණ නියෝජිත, බැංකු රක්ෂණ සේවා සහ ආයතනික විකුණුම් යන අංශ වල විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ පිරිසක් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ. ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, එහි මූල්‍ය සේවා අංශයේ සභාපති සුරේෂ් රාජේන්ද්‍ර, සහ යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට 3,000 කට අධික පිරිසක් එක්වූහ.

2020 වසරේදී විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ රක්ෂණ උපදේශකවරුන්, රක්ෂණ සම්බන්ධතා නිලධාරීන්, කණ්ඩායම් නායකයන්, ප්‍රාදේශීය කළමනාකාරවරුන් සහ කලාපීය කළමනාකාරවරුන් 700 කට අධික පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනමන ලදි.

උත්සවයේදී අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසී ය.  “COVID-19 නිසා 2020 වසර අපට බෙහෙවින් අභියෝගකාරී වසරක් වුණා. එහෙත් එම අභියෝග ජයගනිමින් යුනියන් ඇෂුවරන්ස් සමාගම වෙනුවෙන් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කිරීමට මෙම කණ්ඩායම සමත් වී තිබෙනවා. සාමාන්‍ය නව රක්ෂණ වාරික අතින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම් 5 අතර වේගයෙන්ම වර්ධනය වන සමාගම වන්නේ යුනියන් ඇෂුවරන්ස් සමාගමයි. GWP මට්ටම රු. බිලියන 13 පසුකරමින් ‘Regular New Business Premium Production’ අතින් 4 වන ස්ථානයට පැමිණීමටත්, අපගේ ඉතිහාසයේ ඉහළම MDRT සුදුසුකම්ලාභීන් සංඛ්‍යාව (172) වාර්තා කිරීමටත් අපට හැකිවී තිබෙනවා. එමෙන්ම අපගේ බැංකු රක්ෂණ අංශය මේ වනවිට ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සම්පාදකයා බවට පත්වී ඇති බවත් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. අප ලබා ඇති මේ ජයග්‍රහණයන්, කණ්ඩායම් හැඟීමෙන් යුතුව වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ඒ වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තූතිය ඔබ වෙත පිරිනමන අතර, ජයග්‍රාහකයන් වෙනුවෙන් මගේ උණුසුම් සුබපැතුම් පිරිනැමීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා.”

2020 වසර යුනියන් ඇෂුවරන්ස් සමාගමට සුවිශේෂී වසරක් විය. එම වසර තුළදී සම්මාන 24 ක් දිනාගැනීමට සමාගමට හැකි වූ අතර, ඒ හේතුවෙන් LMD විසින් යුනියන් ඇෂුවරන්ස් ‘වසරේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ ජීවිත රක්ෂණ සමාගම’ ලෙස නම්කරන ලදි. එමෙන්ම වසරේ විශිෂ්ටතම ජීවිත රක්ෂණ සමාගම, විශිෂ්ටතම පාරිභෝගික සේවාවක් පිරිනමන රක්ෂණ සමාගම සහ වඩාත්ම නිර්මාණශීලී ඩිජිටල් රක්ෂණ සමාගම යන සම්මානද යුනියන් ඇෂුවරන්ස් වෙත හිමි විය.

තවද 2020 වසරේදී යුනියන් ඇෂුවරන්ස් සමාගම වඩාත් නවීන, පාරිභෝගික-කේන්ද්‍රීය සහ ඩිජිටල් රක්ෂණ සමාගමක් බවට පත් වූ අතර, ඒ නිසාම COVID-19 හමුවේ පවා බාධාවකින් තොරව තම ගනුදෙනුකරුවන් වෙත උසස්ම තත්ත්වයේ සේවාවක් ලබාදීමට සමාගමට හැකියාව ලැබිණි. නවීන ලෝකයේ ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට සේවාවන් ලබාදීම සඳහා සමාගමේ මෙහෙයුම් ආකෘතිය පූර්ණ පරිවර්තනයකට ලක්කරන ලද අතර, සියයට සියයක්ම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනු සිදුකිරීමේ හැකියාව ලැබෙන ආකාරයට සමාගමේ ඩිජිටල් යටිතල ව්‍යුහය වැඩිදියුණු කරන ලදි.

යොහානි, සතීෂන්, නිරංජනී ෂන්මුගරාජා, සාරංග දිසාසේකර සහ ස්ටෙෆනි සිරිවර්ධන ඇතුළු තරු රැසක්ද යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල රසගැන්වීමට එක්වූහ. ශ්‍රී ලාංකිකයන්ගේ සිහින සැබෑ කිරීමට විශිෂ්ට මට්ටමින් ලෙස දායක වූ පිරිසකගේ ජයග්‍රහණයන් උත්කර්ෂවත් ලෙස සමරමින් යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල අති-සාර්ථක ලෙස අවසන් විය.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 ජූනි මාසය වන විට රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.

 



අදහස් (1)

යුනියන් ඇෂුවරන්ස් වාර්ෂික සම්මාන උළෙල අතිසාර්ථකයි

don saman Sunday, 24 October 2021 03:57 PM

මිනිස්සුන්ගේ සල්ලි වලින්ම උත්සව තියලා ෆොටෝ දාලා පම්පෝරි .අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගන්න ගියාම ලෝකෙම නැති කතන්දර .ලක්ෂයක් ගන්න අවුරුදු හතරක් බලන් ඉන්න ඕනේ .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site