IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


යූනියන් ඇෂුවරන්ස් වෙතින් හඳුන්වාදෙන ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ 

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ රක්ෂණ උපදේශකවරුන් වෙනුවෙන් ඉහළම ඇගයුම් හා ප්‍රතිලාභ පිරිනමන ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ සම්බන්ධයෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී සෙනාත් ජයතිලක මහතා දැක්වූ අදහස්:

1) යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් කල්බ් යනු කුමක් ද?

යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් කල්බ් කියන්නේ  ජාත්‍යන්තර මට්ටමට  සම කල හැකි,යුනියන් ඇෂුවරන්ස් සමාගමේ රක්ෂණ  උපද්ශකවරුන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා කුසලතා අගය කිරිම සදහා ශ්‍රී ලාංකිය ජිවිත රක්ෂණ සමාගමක් ලෙස අප හදුන්වා දුන් සුවිශේෂී වැඩසටහනක්  ලෙස සදහන් කරන්නට පුළුවන්.මේ තුලින් සමාගම තුල ඉහලම දක්ෂතා පෙන්නුම් කරන රක්ෂණ උපදේශකවරුන්ට අද්විතීය ත්‍යාග සහ ප්‍රතිලාභ හිමිවන අතර ඔවුන්ගේ ජිවන රටාව ඉහල තලයකට ගෙන ඒමටත්  හැකියාව ලැබෙනවා.ඒවගේම සමාගමේ සේවය කරන අපගේ අනෙකුත් රක්ෂණ උපදේශකවරුන්ටත්  තමාගේ දක්ෂතාවයන් ඔපමට්ටම් කරගනිමින්  සාර්ථක   ඉදරි ගමනක් යාමට දිරිගැන්විමක් සහ අභිබ්පේරණයක් මේ තුලින් ඇතිවෙනවා.

2) යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් කල්බ් හි විශේෂත්වය කුමක් ද?

මෙම වැඩසටහන හේතු කිහිපයක් නිසා සුවිශේෂී වෙනවා පළමු කාරණාව  මේ ව්‍යාපෘතිය තුලින් අපගේ රක්ෂණ උපදේශකවරුට පිරිනමන ත්‍යාග හා ප්‍රතිලාභ , ඉහල දක්ෂතා දක්වන උපදේශකවරුන්ට සුඛොපභොගී මෝටර් රථ, මුදල් ත්‍යාග ,එමෙන්ම ඔවුන්ගේ  ව්‍යාපාර සංවර්ධන කර ගැනිමට  ලබාදෙන  සුවිශේෂී අවස්ථාවන් සදහන් කරන්න පුළුවන්. දෙවන කාරණාව ඔවුන්ට ලබාදෙන පුහුණුව, රක්ෂණ උපදේශකවරුන්ට පුහුණු අවස්ථාවන් ඉතාමත්ම වැදගත් ඒ නිසා මේ හරහා අප ලබාදෙන ඒ සුවිශේෂ ඉඩකඩ ඔවුනට හිමිවෙන ස්වර්ණමය අවස්ථාවක්.අනෙක් කාරණාව  යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් හි සමාජිකත්වය දරණ අපගේ රක්ෂණ උපදේශකවරුන්ට ආයතනයේ අභියන්තර සේවා සැපයීමේදී විශාල ප්‍රමුඛතාවයක් දක්වනවා ඒ නිසා ඔවුන්ට තමන්ගේ පාරිභෝගිකයින්ට  විශිෂ්ට  සහ කඩිනම් සේවාවක් ලබාදීමට අවස්ථාව උදාවෙනවා ඒයත් මෙහි ඇති විශේෂත්වයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්.

3) මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යුනියන් අෂුවරන්ස් තීරණය කළේ ඇයි?

යුනියන් ඇෂුවරන්ස් කියන්නේ මෙරට රක්ෂණ කේෂ්ත්‍රයේ ජිවිත රක්ෂණ මෙහෙයුම් කටයුතු සිදුකරන දැවැන්තම සමාගමක්.ඒ වගේම වසර තිහකට වඩා අත්දැකිම් මේ කේෂ්ත්‍රය තුල අපට තිබෙනවා.අප ජෝන්කිල්ස් සමුහයට අයත් සමාගමක්. ඒ වගේම අපගේ සන්නාමය මෑතක දී නවකරණයට ලක්වුණා.අප සමාගම විදිහට හැමවිටම කටයුතු කරන්නේ "ඔබේ දිවියට අපේ සවිය" යන සන්නාම පොරොන්දුව මුලික කොටගෙනයි මෙම වැඩසටහනටත් එම කාරණාව  පොදුයි.මුලික වශයෙන්ම අපගේ රක්ෂණ උපදේශකවරුන්ගේ ජිවිත වලට ශක්තියක් වීමට මෙතුලින් අපිට හැකියාව ලැබෙනවා.ඔවුන්ට යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් කලබ් තුලින් ලබාදෙන වරප්‍රසාද ,ප්‍රතිලාභ මෙහිදී ඒ වෙනුවෙන්  පෙන්වා දෙන්නට පුළුවන්. අනෙක් කාරණාව මේ වැඩසටහන තුලින් අප අපගේ  රක්ෂණ උපදේශකවරුන් විශිෂ්තත්වයට පත් කර වෘත්තියමය භවය ඉහල නංවීම සහ එම විශිෂ්ටයින්ගේ සේවාව අපගේ පාරිභෝගිකයින්වෙත ලබාදීම.ඒ  තුලින් අපගේ පාරිභෝගිකයින්ගේ ජිවිත වලට ශක්තියක් වීමට හැකිවීම.මේ  කරණා පෙරදැරිවයි අප යුනියන් ප්‍රිමියර් ක්ලබ් වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

4) මෙම වැඩටහන මගින් පාරිභෝගිකයින්ට ලැබෙන වාසි මොනවාද?

 ජිවිත රක්ෂණ සැලසුම් ජනතාව වෙත හදුන්වා දෙන්න්නෙත්,ජිවිත රක්ෂණ සංකල්පය පිළිබදව ජනතාව දැනුවත් කරන්නෙත්,ජිවිත රක්ෂණ උපදේශකවරයා.ඒ නිසා ඕනෑම රක්ෂණ සමාගම වෙළද තානාපතිවරු වන්නේ රක්ෂණ උපදේශක කණ්ඩායම. සමාගම සතු වටිනාම සම්පත අපගේ රක්ෂණ උපදේශක මණ්ඩලයයි.උසස් පාරිභෝගික සේවාවක් සැපයීම සහ පාරිභෝගික තෘප්තිමත්භාවය රැක ගැනිම අප සතු වගකීමක්.සාර්ථකාවක ව්‍යාපාර කටයුතු මෙහෙයවන සමාගමක් ලෙස නිරන්තරවම යුනියන් ඇෂුවරන්ස් ඒ ගැන සැලකිලිමත්.මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් අපගේ රක්ෂණ උපදේශක මණ්ඩලය විශිෂ්ට කණ්ඩායමක් බවට පත්කරන්නට හැකියාව ලැබෙනවා.එහි වාසිය ඍජුවම ලැබෙන්නේ අපේ පාරිභෝගිකයින්ට.මොකද විශිෂ්ට කණ්ඩායමක් හැමවිටම සපයන්නේ විශිෂ්ට සේවාවක්, ඒ නිසාම මේ වැඩසටහන තුලින් අපගේ පාරිභෝගිකයින්ට වාසි රැසක් හිමිවන බව මට විශ්වාසයි.

 



අදහස් (2)

යූනියන් ඇෂුවරන්ස් වෙතින් හඳුන්වාදෙන ‘යුනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ්’ 

SAMAN Sunday, 12 September 2021 12:26 PM

ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් විතරයි ඉන්ෂුවරන්ස් දාන්න හොඳ

:       1       1

don saman kumar Monday, 13 September 2021 05:23 PM

මෙම වෘත්තීය සමිති සහතිකය ඔවුන් ජනතාව රවටන බවයි. ඔවුන් කියන දේ සිදු නොවේ. ඔවුන් අපේ මුදල් ලබා ගත් පසු කරුණාකර මෙම සමාගමට හසු නොවන්න. ඔවුන් මගුලක් වී ඇති අතර, පසුව ඔවුන් කියන දේ අපි කළ යුතුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 231 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16060 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 581 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site