IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Lifestyle Bonus 2021’

කුසපත් ඇදීම්, වටිනා තෑගි සමග සුවිශේෂී වට්ටම්

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සමාගමක් වන යුනියන් ඇෂුවරන්ස් නව වසර වෙනුවෙන් ‘Lifestyle Bonus 2021’ වැඩසටහන දියත් කර තිබේ. නවීන ජීවන රටාවන්ට ගැළපෙන අති-නවීන ස්මාර්ට් උපාංග දිනාගැනීමට මෙන්ම අලෙවිසැල් රාශියක් වෙතින් වට්ටම් හිමිකරගැනීමටද මෙමගින් යුනියන් ඇෂුවරන්ස් රක්ෂණ හිමියන්ට අවස්ථාව ලැබෙනු ඇත.

ප්‍රධාන දිනුම් ඇදීමක් සමග සැනසිලි තෑගි රැසකින්ද සමන්විත වන ‘Lifestyle Bonus 2021’ වැඩසටහන 2021 ජනවාරි 04 දින උත්සවාකාරයෙන් දියත් කරන ලදි. මසකට රු. 15,000 ක් හෝ ඊට වැඩි, කාර්තුවකට රු. 45,000 හෝ ඊට වැඩි, මාස 6 කට රු. 75,000 හෝ ඊට වැඩි සහ වර්ෂයකට රු. 150,000 හෝ ඊට වැඩි වාරික වටිනාකමකින් යුත් රක්ෂණ හිමි ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබනු ඇත. 2021 ජනවාරි 01 දින සිට 2021 මාර්තු 31 දින දක්වා තරගය වලංගු වන අතර, ඉහළ වාරික වටිනාකමක් සහිත රක්ෂණ හිමි ගනුදෙනුකරුවන්ට දිනුම් වාර කිහිපයක් හිමි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ සාමාන්‍යාධිකාරී (බෙදාහැරීම්) සෙනාත් ජයතිලක මහතා මෙසේ පැවසී ය. “ ‘Lifestyle Bonus 2021’ වැඩසටහනේ ආරම්භය අප මෙසේ නිවේදනය කරන්නේ ඉතාමත් සතුටින්. පසුගිය වසරේ ‘Lifestyle Bonus’ වැඩසටහනේ පළමු අදියර පෙන්නුම් කළ සාර්ථකත්වය දෙස බලන විට මෙවරත් අපට උණුසුම් තරගයක් දැකබලා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අප සිතනවා. මෙවර තරගයට ඉහළ වටිනාකමකින් යුත් තෑගි 50 කට අධික සංඛ්‍යාවක් පිරිනමන කුසපත් ඇදීමකුත් එක් කිරීමට අප කටයුතු කළා. මීට අමතරව අප සමග අත්වැල් බැඳගෙන සිටින, දිවයින පුරා විසිරුණු අලෙවිසැල් ජාලයක් වෙතින් ජයග්‍රාහකයන්ට විශේෂ වට්ටම්ද හිමිවෙනවා. සෞඛ්‍යය, විශ්‍රාම ජීවිතය, අධ්‍යාපනය සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරන, ජීවන රටාවන්ට රැකවරණය දීම මූලික අරමුණ කරගත් රක්ෂණ එකතුවක් පිරිනමන අතරම, මෙවැනි ප්‍රවර්ධන වැඩසටන් ඔස්සේ අපගේ රක්ෂණ හිමියන්ගේ ජීවිත තවදුරටත් යහපත් කිරීම අපගේ ඉලක්කයයි.”

 ‘Lifestyle Bonus 2021’ වැඩසටහනේ දිනුම් ඇදීම යටතේ ප්‍රධාන ත්‍යාග වර්ග 7 ක් පිරිනැමීමට නියමිතය. එහි පළමු ත්‍යාගය iPhone 12 Pro Max 516GB දුරකථනයක් වන අතර ඊට අමතරව, Apple Pencil 2nd Gen සහ Magic Keyboard සහිත iPad Air 2020, Samsung 55" Smart TV, Asus UX363 Laptop පරිගණක, Samsung 43" Smart TV යන්ත්‍ර, Samsung A30 දුරකථන, සහ මාසිකව 50GB බැගින් වසරක් දක්වා නොමිලේ අන්තර්ජාල සම්බන්ධතාව හිමිවන WiFi Router උපාංග මේ යටතේ දිනාගත හැකි වේ.

එමෙන්ම යුනියන් ඇෂුවරන්ස් ‘Lifestyle Bonus’ සඳහා ලියාපදිංචි වන ගනුදෙනුකරුවන්ට 2021 මාර්තු 31 දක්වා Vision Care, Eric Rajapakse Opticians, John Keells Office Automation (JKOA), මොබිටෙල් සහ විජිත යාපා පොත්හල ඇතුළු අලෙවිසැල් වෙතින් 20% ක් දක්වා වට්ටම් හිමිවනු ඇත.

තම පෞද්ගලික මූල්‍ය උපදේශකවරුන් හෝ  යුනියන් ඇෂුවරන්ස් ක්ෂණික ඇමතුම් අංකය වන 1330 ඇමතීමෙන් තරගය සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ. තරගයට අදාළ නියමයන් හා කොන්දේසි unionassurance.com/our-services/life-style-bonus හි දක්වා ඇත. තරගයේ නීත්‍යනුකූල භාවය සඳහා, රජය විසින් නියම කර ඇති පරිදි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් WP/GT/5454 ලියාපදිංචි අංකය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, වසර 30 කට අධික සාර්ථක ඉතිහාසයක අභිමානය සමගින්, රු. බිලියන 18 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 40 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 2020 නොවැම්බර් මාසය වන විට 447% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.

 



අදහස් (0)

යුනියන් ඇෂුවරන්ස් වෙතින් ‘Lifestyle Bonus 2021’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1156 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1161 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site